(පුත්තලම - ජුඩ් සමන්ත)
බලපත්‍ර රහිත ගිනි අවි 03 ක් සහ ජීව පතුරම් තොගයක් සමග සැකකරුවෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පසුගිය 07 වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ මෙම ගිනි අවි සහ පතුරම් තොගය තිබී ඇත.අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 43 ක් වන අයෙකි.
සැකකරුගේ නිවසේ තිබී වායු පිස්තෝල 02 ක් සහ වායු රයිෆල් 01 ද,0.0509 වර්ගයේ ජීව උණ්ඩ 50 බැගින් ඇසුරුම් කරන ලද පෙට්ටි 73 ක්,මිලි මීටර් 2.2 වර්ගයේ උණ්ඩ 50 බැගින් අසුරන ලද ප්ලාස්ටික් පෙට්ටි 09 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ ළග තබා ගැනීම සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් සැකකරුගේ පියාට අවසර ලබා දී තිබී ඇත.නමුත් එම බලපත්‍රය 3003 ජනවාරි මස 27 වැනිදාට පසුව යාවාත්කාලින කර නැත.
මෙම ගිනි අවි වෙඩි තැබීම් පුහුණුවීම් සදහා යොදා ගන්නා ඒවා බවත්,තම පියා හිටපු යුධ හමුදා නිලධාරියෙකු වන බැවින් ඒවා ඔහු විසින් භාවිතා කළ බවද සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.හිටපු යුධ හමුදා නිලධාරියා 2003 වර්ෂයේදී මිය ගොස් ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.ගිනි අවි සහ සැකකරු සහ ගිනි අවි තොගය මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
වෙන්නප්පුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක පාලිත අමරතුංග මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
2025 දෙසැම්බර් මස 04
37
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
339
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලපත්‍ර රහිත ගිනි අවි පතරොම් තබාගත් අයෙකු අත්අඩංගුවට