IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බෝපේ පෝද්දල අයවැයත් සම්මතයි

සිරංගිකා ලොකුකරවිට


බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (30) වැඩි ඡන්ද තුනකින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 08 කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
 
අයවැය විවාදයේ දී අදහස් දක්වමින් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා කියා සිටියේ අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන මන්ත්‍රීවරුන්ට පමණක් එළැඹෙන වර්ෂයේ දී මුදල් ප්‍රතිපාදන ලබාදෙන බවයි. ඊට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ලවිය.
 
දිල්රුක් අබේකෝන් මහතා - මේ අයවැය ඉතාමත් ඓතිහාසික අවස්ථාවක්. අපි සෑම කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 25 බැගින් වෙන්කරලා තියෙනවා. ඉතිහාසයේ කවදාවත් එවැනි මුදලක් ප්‍රාදේශීය සභාවෙන් ගමේ සංවර්ධනයට වෙන් කළේ නැහැ. අපිට බදු ලෙස ලැබෙන්නේ රුපියල් එක්කෝටි හතලිස් හත් ලක්ෂයක් පමණයි. රජයෙන් වෙනත් මුදල් සතයක්වත් ලැබෙන්නේ නැහැ.
 
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කේ.පී.උපුල් ඉන්දික විජේවික්‍රම මහතා පැවසීය.
 
මහජනතාවට සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කළ මුදල ගැන බැලුවාම එක් පුදගලයකු වෙනුවෙන් වෙන්වන මුදල රුපියල් 424.78 යි. නමුත් මේ අයවැයේ විශාල ඉලක්කම් පරතරයක් තිබෙනවා. ගම සංවර්ධනය කරනවා කියලා පාරම්බාලා ඉදිරිපත් කරන්නේ මේ වගේ අයවැයක් ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා අපි අයවැයට විරුද්ධයි.
 
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී හුසේන් කියාස් මහතා කීවේය.
 
දැන් සභාපතිතුමා කියනවා බදු මුදල්වලින් ලැබෙන ආදායමෙන් තමයි ප්‍රදේශය සංවර්ධනය කරන්නේ කියලා. සභාවේ දී එහෙම කියලා පිටට ගිහින් කියනවා ආණ්ඩුව බදු ගහනවා. බදු ගහන එක වැරදියි කියලා. මේ ඇත්ත ඇයි කියන්නේ නැත්තේ.



අදහස් (0)

බෝපේ පෝද්දල අයවැයත් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 973 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site