රංජිත් රාජපක්ෂ
නොර්වුඩ් වතු සමාගමට අයත් යැයි කියන නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ හෙක්ටයාර් ½ ක පමණ වන වගා භූමියක් ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයා ගැසට් නිවේදනයක් මගින් අත්පත් කර ගැනීමට එරෙහිව එම වතු සමාගමේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයක් ඇරඹුහ.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ඉදිරිපිට කාසල්රි ජලාශයට යාබදව පිහිටි එම ඉඩමට පිවිසෙන මාර්ගය අවහිර කරමිනුයි අද (6) උදෑසන සිට වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරතව සිටියි.
එම වතු සමාගමට අයත් නොර්වුඩ් , නිවිවෙලි , රොක්වුඩ් ,ග්ලැන්කන් යන වතුවල වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් මෙසේ උද්ඝෝෂණයක නියැලී සිටියි.
තමන් වසර ගණනාවක් තේ දළු නෙළු එම ඉඩම මේ වන විට වතු සමාගම විසින් යුකෙලෙප්ස්ටික් වන වගාවක් සිදුකර ඇති බවත් , ඉඩම් කැබැල්ලක් හෝ නොමැති තමන්ට ඉඩම් කැබැල්ලක් ලබා නොදි තම වතුයායේ ඉඩම් ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පිටස්තර අයට ලබා දිමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවෝ පැවසුහ.

2025 දෙසැම්බර් මස 18
104
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක