(අමරසිරි රණසිංහ සහ ඩී.ජේ. විජේසිංහ)
පිටිගල, මත්තක ගා/ පෝද්දිවෙල මහා විද්‍යාලයේ ගුරුවරයෙකුට ආදි ශිෂයෙකු පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (29) පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සියලුම ගුරුවරු ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වී කළු පටි පැළඳ පාසල ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂණයට පාසල් සිසුන්ගේ මව්පියවරු පිරිසක්ද එක්ව සිටියහ.
මෙම පාසලේ ගුරුවරයකු ඊයේ (28) පාසලේ සිට නිවෙස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මත්තක නගරයට ආසන්නයේදී මාර්ගය හරස්කර අයෙකු ඔහුට පොල්ලකින් මෙම පහරදී ඇතැයි කියති.
ගුරුවරයාට පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.
පහර දීම සිදු කළේ යැයි කියන පුද්ගලයා පිටිගල පොලීසිය විසින් සැකපිට අද (29) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



2025 දෙසැම්බර් මස 18
157
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝද්දිවෙල විදුහලේ ගුරුවරු උද්ඝෝෂණයක