(සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න)
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව විසින් පෝද්දල රජයේකන්ද නම් ඉඩමේ ආදාහනාගාරයක් ඉදිකිරීමට විරෝධය පළකරමින් ගම්වාසීහු පිරිසක් කලේගාන මංසන්ධියේ සිට සභා භූමිය දක්වා පැමිණ අද(18)විරෝධතාවක නිරතවූහ.
බෝපේ පෝද්දල මාසික සභා රැස්වීම ආරම්භ වීමට පෙර මෙම විරෝධතාවය පැවැත්විණි.
සභා භූමියට පැමිණි විරෝධතාකරුවන් සහ ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා අතර වචන හුවමාරුවක් ද ඇතිවිය. ආදාහනාගරය ඉදිකළහොත් ඇතිවන සෞඛ්‍ය හා පාරිසරික ගැටලු හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවද, ළිං ජලය අපිරිසිදු වන බවද, කෘෂිකර්මාන්තයට බලපෑම් එල්ල වන බවද ගම්වාසීහු වැඩිදුරටත් පැවසූහ.
ආදාහනාගාරයක දැඩි අවශ්‍යතාවයක් තම ගම්මානයට පවතින නමුත් මෙම භූමියේ ආදාහනාගාරයක් ඉදිකරනවාද යන්න සම්බන්ධව තවම තීරණයක් ගෙන නොමැති බව අබේකෝන් මහතා මෙහිදී විරෝධතාකරුවන්ට පැවසීය.
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෝද්දල ආදාහනාගාරය ඉදිකිරීමට ගම්වාසීන්ගේ විරෝධය