IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදිකිරීම් නිසා කෙසෙල්ගමු ඔය අනතුරේ

(රංජිත් රාජපක්ෂ  )     

                 
බගවන්තලාව පොලිස්  වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ ඉදිකෙරෙන  පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදි කිරිම් සදහා  කපා ඉවත් කරන පස් කෙසෙල්ගමුඔයට මුදා හැරිම නිසා විශාල පරිසර හනියක් සිදු වෙමින් පවතින බව වතු කම්කරුවෝ පවසති.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් මහඑළිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල්ගමුඔයට යාබදවයි මෙම පෞද්ගලික ජල විදුලි බලාගාරය ඉදි කරමින් පවතින්නේ.


බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් එම පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදි කිරිම් කටයුතු සදහා කපා ඉවත් කරන පස් අලුයම් කාලයේ ඉතා සුක්ෂම ලෙස  එම ඉදිකිරිම් සිදු කරන අය විසින් කෙසෙල්ගමුඔයට මුදා හරින බවද ඔහුද සඳහන් කළේය.


එම ජල විදුලි බලාගාරය ඉදි කරන ස්ථානය සිට කාසල්රි ජලාශය දක්වා කිලොමිටර් 15 පමණ දුරක් කෙසෙල්ගමුඔයේ ජලය ගලා බසින අතර පවත්නා පරිසර විනාශය හේතුවෙන් ඔයේ  ජලය බොර පැහැයෙන් ගලා බසින බව වතුකම්කරුවෝ පවසති.


මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින දැඩි වියලි කාලගුණයත්  සමඟ ගගේ ජල මට්ටමද පහල බැස ඇති බවත් , ඔයේ  ජලය බොර පැහැයෙන් ගලා බැසිම හේතුවෙන් එම ඔයේ ජලය දිනපතා පරිහරණය කරන තමන්  දැඩි අසිරුතාවයට පත් වි සිටින බවයි වතු කම්කරුවන් වැඩි දුරටත් කියා සිටියි.


මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සී. ධර්මප්‍රිය මහතාගෙන් කළ විමසමුකදී ඔහු කියා සිටියේ වහාම ඒ පිළිබඳ සොයා බැලිමක් සිදු කරන බවයි.

 



අදහස් (0)

පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදිකිරීම් නිසා කෙසෙල්ගමු ඔය අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site