(ටී.කේ.ජී.කපිල )
සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනෙක් බම්බලපිටිය ප්‍රදේශයේ දී අද (17) ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පැවසීය.
ආගමන - විගමන දෙපාර්තමේන්තු විමර්ශන සහ බුද්ධි තොරතුරු ඒකකය වෙත ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ එම නිලධාරීන් පිරිස උපාය දූතයෙක් යොදවා මෙම කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ත් 40 ත් අතර පසුවන මෙම රුසියානු කාන්තාවක් සහ චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආගමන - විගමන පනතේ ඇති විධිවිධාන අනුව සංචාරක වීසා මත මෙරටට පැමිණි කිසිවෙකුටත් ශ්‍රී ලංකාව තුළ රැකියා වල නිරත වීම තහනම් වන අතර ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීම ද තහනම් කටයුත්තකි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් තිදෙනා මේ වනවිට මිරිහාන විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන ඇති අතර මොවුන් පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු කටයුතු කරමින් සිටිති.
මෙම අත්අඩංගුවට ගැනීම ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි තොරතුරු ඒකකයේ නියෝජ්‍ය පාලක විපුල් කාරියවසම් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිදු කර තිබුණි.
2025 දෙසැම්බර් මස 04
355
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතිවිරෝධීව ගණිකා වෘත්තියේ යෙදුණු චීන - රුසියානු කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට