(රංජිත් රාජපක්ෂ )
නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයත් මතට ප්‍රධාන මාර්ගයේ අභියස තිබු දුරකථන රැහන් සහිත කණුවක් කඩා වැටිමෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
අද (05) උදැසන 6.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදිය.
හැටන් සිට නොර්වුඩ් දක්වා හැටන් ටෙලිකොම් කාර්යයාලය මගින් ඇද තිබෙන දුරකථන රැහන් කිහිපයක් දින කිහිපයක් තිස්සේ ප්‍රධාන මාර්ගයට පහත්වි තිබිම නිසා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ එම රැහන් පද්ධතිය පැටලි දුරකථන රැහන් කණුව බස් රථය මතට වැටි මෙම අනතුර සිදු වි ඇත.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර බස් රථයට සුළු අලාභ හානි සිදු වි තිබේ.
කඩා වැටුණු දුරකථන රැහන් පද්ධතිය මාර්ගයෙන් ඉන් ඉවත් කරන ලෙසට ටෙලිකොම් කාර්යයලය වෙත දැනුම් දි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.


2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුරකතන රැහැන් පද්ධතියක් බසයකට වැටී මාර්ගයේ ගමනාගමනයට බාධා