IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


තියුණු ආයුධයකින් පහර දී දෙදරු මවක ඝාතනය කරයි

(දිලීප් ජයසේකර)

සුරියවැව බැද්දෙවැව බටහිර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී දෙදරු මවක් අද (10) ඝාතනය කර ඇතැයි සුරියවැව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ බැද්දෙවැව බටහිර, සුරියවැව ලිපිනයේ පදිංචි 28 හැවිරිදි චමිලා ප්‍රියංගණී නැමති දෙදරු මවකි.

ඝාතනයට ලක් වූ කාන්තාවට ඇයගේ මහ ගෙදර අසල පදිංචි 65 හැවිරිදි පස් දරු පියෙකු විසින් අවස්ථා කිහිපයකදීම අයුතු යෝජනාවක් ගෙනවිත් ඇති අතර ඒ පිළිබඳව මෙම කාන්තාව සිය සැමියාට හා දෙමාපියන්ට පවසා තිබේ.

මේ හේතුව නිසා සැකකාර පුද්ගලයා මෙම කාන්තාව හා ඔවුන්ගේ දෙමාපියන් සමඟ අවස්ථා කිහිපයකදී ආරවුල් ඇති කරගෙන ඇත.

මෙම   කන්තාව නිවසේ රැඳී සිටින අවස්ථාවේ මෙම සැකකාර පුද්ගලයා ඇයගේ නිවසට පැමිණ කැමැත්ත විමසා තිබේ.එහිදි ඊට අකමැති වීම නිසා දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී ඇති අතර මෙම කාන්තාව විසින් අදාල පුද්ගලයාට පහරක් එල්ල කර තිබේ.

පසුව ඇය මේ පිළිබඳව ඇයගේ මවට පවසා ඇති අතර ඇයගේ මව මෙම සැකකාර පුද්ගලයාට බැන වැදී ඇත.මින් කෝපයට පත් මෙම පුද්ගලයා මෙම කාන්තාවගේ මහගෙදර සිට සිය නිවසට යමින් සිටින අවස්ථාවේ තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබේ.

ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණය හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා විසින් පැවැත් වූ අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට නියෝග කෙරුණි.



අදහස් (1)

තියුණු ආයුධයකින් පහර දී දෙදරු මවක ඝාතනය කරයි

Akila Tuesday, 11 June 2019 03:30 AM

හරි හමන් නිතියෙක් නැති නිසා දැන් මිනිස්සු අපරාද කරන්න බය නැහැ , කිහිපදෙනෙක් ටවත් මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් අනික් අයත් අපරාද කරන්න කලින් දෙපාරක් හිතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 93 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 934 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site