(මොහොමඩ් ආසික්)
මක්කානිගම, ගල්පිහිල්ල, ඊරියගස්තැන්න, යකඩකුඹුරුවෙල, ඉහළගම, මෙරායා සහ පුදුඩුවැල්ල යන ගම්මාන හතක ගම්වාසීහු පිරිසක් අද(03) මක්කානිම හන්දියේදී මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයට අයත් පාතදුම්බර මැතිවරණ කොට්ඨාස මායිමේ පිහිටි ගම්මාන 7කට වැඩි ප්‍රමාණයකට ජලය ලබා නොදීමට විරෝධය දක්වමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
ජලය සැපයීම සඳහා මෙයට වසර 17 කට පමණ පෙර සවි කරන ලද නළ පද්ධතිය දිරා පත් වෙමින් තිබුණත් තවමත් තමන්ට නළ ජලය ලැබී නැතැයි ඔවුහු පැවසූහ.
ප්‍රදේශයට එකම නළ ළිඳක් තිබෙන බවත් එහි ජලය මළකඩ පිරුණු ජලය බවත් ඉන් වකුගඩු රෝග සෑදීමට ඉඩ ඇති බවත් ඔවුහු කියති.
තම ජල ගැටළුවට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී මාරාන්තික උපවාසයක් අරඹන බව ගම්වාසීහු පැවසූහ.



2025 දෙසැම්බර් මස 16
87
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
884
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජලය නොදුන්නැයි ගම් හතක වැසියෝ වීදි බසිති