( දිනේෂ් උපේන්ද්‍ර)
ඉකුත් දිනකිහිපයේ දිවයිනේ කොවිඞ් අසාධිතයින් ප‍්‍රමාණය ඉහල දමමින් වැලිසර නාවික හමුදා කණ්ඩයේ රණ විරුවන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නිවාඩු ලබා පැමිණ තිබූ සියලු නාවික හමුදා නිළධාරීන් පී සී ආර් පරීක්‍ෂණයට ලක් කිරීම කුලියාපිටිය මූලික රෝහල් හුදකලා පරිශ‍්‍රයකදී සිදුවිය.
මෙහිදී කුලියාපිටිය පන්නල දඹදෙණිය කටුපොත ආදී සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බලසීමාවන්හි පදිංචි රණ විරුවන් 15කට අධික රණවිරුවන් ප‍්‍රමාණයක් පී සී ආර් පරීක්‍ෂණයට ලක් කළ අතර ඔවුන් නිවාඩු ලබාගැනීමට පෙර රට වෙනුවෙන් කොවිඞ් මැඩ පවත්වන්නට සිදුකළ සේවය අගය කිරීමටත් ස්වකීය කැමැත්තෙන් ආගිය තොරතුරු හා ආශ‍්‍රය කළ අයවලුන් පිළිබද සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කර පී සී ආර් පරීක්‍ෂණයට පෙනීසිටීම සම්බන්ධවද අගය කිරීම විශේෂත්වයකි.
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය නිමල් ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඉන්දික ඉලංගකෝන්, තුෂාර ජයලාල් හා ටී සූරිය ආරච්චි, යන මහත්වරුන්ද කුලියාපිටිය පොලිසියේ උප පොලිස් පරික්‍ෂක දිසානායක මහතා ඇතුලු පිරිසක් සුරක්‍ෂිතව සිය ගම්බිම් වලින් සැක සහිත පිරිස් කැ`දවා අදාළ පරීක්‍ෂණ සිදු කළහ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුලියාපිටියේදීත් නාවික සෙබළුන් පී සී ආර් පරීක්ෂණයට