IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාන්තා මළසිරුරක් ළිඳකින් හමුවේ

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම බෝගහවැව ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (16) රාත්‍රියේ ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණ.


පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම සිරුර සොයා ගෙන තිබිණ. මියගොස් ඇත්තේ බෝගහවැව දඹුලුහල්මිල්ලවැව ලිපිනයේ පදිංචිව සිටි එස්.එම්.චන්ද්‍රා නාලනී නමැති 60 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි.


ඊයේ රාත්‍රී 7.00ට පමණ අවසන් වරට ඇය සිය නිවස පසු පස ඉදිකර ඇති  නාන ස්ථානයේ දිය නාමින් සිට ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මිය ගිය කාන්තාව දිය නාමින් සිටි බව කියන ස්ථානයට මීටර් 20ක් පමණ දුරින් පිහිටි අනාරක්ෂිත ළිඳ තුළ තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබිණ. සිද්ධිය සිදුවන අවස්ථාවේ ඇයගේ සැමියාද නිවසේ රැදී සිට ඇති අතර ඇය දිය නාමින් සිටි ස්ථානයේ නොමැති බව සැළ වීමත් සමග ඔහු අසල්වැසියන්ට ඒ බව දන්වා ඇති බව පොලිසිය කියයි. පසුව අසල්වැසියන් එක්ව කළ සෝදිසියකදී මිය ගිය කාන්තාවගේ සිරුර ළිඳේ පාවෙමින් තිබියදී ඔවුන්ට හමුව තිබූ බව පොලිසිය කියයි.

මූලික විමර්ශණ අනුව එම කාන්තාවගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැක කරයි. අදාළ කාන්තාවගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් සිදු කරමින් සිටී.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් සී පෙරේරා මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එම වැඩි දුර විමර්ශණ සිදුකෙරෙන අතර එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද 17 කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය මගින් පැවැත් වීමට නියමිතය.



අදහස් (0)

කාන්තා මළසිරුරක් ළිඳකින් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site