IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෘතිම රා මධ්‍යස්ථානයක් වටලයි 

 
(ඔගස්ටින් ප්‍රනාන්දු)   

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයේ කෘතිම රා නිපදවිම සිදු කරමින් තිබු මධ්‍යස්ථානයක් අද ( 19) වටලා නිපදවා තිබු කෘතිම රා විශාල තොගයක් සමග එම රා නිපදවිමට යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක් ද, උපකරණ තොගයක්ද, සැකකරුවකුද අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන ඒකකය කියයි.    
                                                                                                                         
දින කිහිපයක් තිස්සේ සිදු කළ පරික්ෂණයන්ට පසුව නිලධාරින් අද ( 19 දා ) අළුයම කාක්කපල්ලිය පම්බල ප්‍රදේශයේ ඉඩමක පවත්වා ගෙන ගිය මෙම මධ්‍යස්ථානය වටලා ඇති බවත් කියයි.

තහඩු ආවරණයක් මඩුවක් සේ සකස් කර ඒ තුළ මෙම කෘතිම රා සකස් කරන ස්ථානය පවත්වා ගෙන ගොස් තිබුණි. පොල් රා එකතු කිරිමේ  මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමටත්, පොල් රා ප්‍රවාහනය කිරිමටත් සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බලපත්‍ර ලබා ගෙන මෙම කෘතිම රා සකස්කරණ මධ්‍යස්ථානය එහි  පවත්වා ගෙන ගිය බවත් එසේ නිපදවන කෘතිම රා වෙනත් ප්‍රදේශයන් වෙත එම ප්‍රවාහන බලපත්‍ර මගින් ප්‍රවාහනය කළ බවට කරුණු අනාවරණය වු බවත් පොලිසිය කියයි.

සීනි යිස්ට් යුරියා  හා පොල් රා ස්වල්පයක් ජලය සමග කලවම් කර දිනක් පල් කර මෙම කෘතීම රා නිපදවා ඇති බවත් කියයි. මේ තුළ තිබි සකස් කරන ලද කෘතීම රා ලීටර් 266200 ක් ද විශාල ප්ලාස්ටික් බුලි 10 ක් සිනි යිස්ට් යුරියා විශාල තොගයක් ද කුඩා ප්ලාස්ටික් බූලි තොගයක්ද අත් අඩංගුවට ගෙන ඇත. එහි හිමිකරු කාක්කපල්ලිය පම්බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මධ්‍යස්ථානයේදි සකස් කරණ කෘතිම රා මාදම්පේ සිට වත්තල දක්වා අජයේ අවසර ලත් රා තැබැරුම් වලට අලෙවි කර ඇති බවත් එම තැබැරුම් වලින් ජනතාවට අලෙවි කර ඇත්තෙක් පිරිසුදු පොල් රා වෙනුවට මෙසේ සකස් කළ කෘතිම රා බවත් හෙළි කර ගෙන ඇත.

සැකකරු හා අත් අඩංගුවට ගත් දුව්‍ය හා උපකරණ හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන නිලධාරිහු හා ආරච්චිකට්ටුව බුද්ධි විමර්ශන නිලධාරිහු මෙම වැටලිමට එක්ව සිටියහ.

 



අදහස් (0)

කෘතිම රා මධ්‍යස්ථානයක් වටලයි 

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site