(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් පළා යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ දී අද (18) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

ඔවුන් සතුව තිබී අගල් 45 පමණ දිගැති තියුණූ ආයුධ තුනක් තිබූ බවත්-දෙකක් දැති යොදා සකස් කර තිබූ බව පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පිරිසක් මත්පැන් වැටලීමක් සඳහා ගොස් සිටි ජිප් රථය නවතා තිබූ දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය එකවරම හරවාගෙන අධිකර වේගයෙන් පලා යාමේ දී ජංගම සංචාර ජිප් රථයට ලබා දුන් පණිවිඩයකට අනුව මඟ හරස් කර මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.