(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ආටිගල ‘‘ආටිගල වෙල’’ ප‍්‍රදේශයේ අතහැර දමා තිබූ පාළු නිවසක මිය ගොස් සිටි නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (23) හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි.
පැරණි යකඩ කැබලි එකතු කරන්නෙකු එම ප‍්‍රදේශයෙන් යන අතරතුර දුගඳක් දැනී විපරම් කිරීමේදී මළ සිරුර දැක ගොඩනැගිල්ලේ හිමිකරුට දැනුම්දීමෙන් පසු එම හිමිකරු විසින් හංවැල්ල පොලිසියට දන්වා පොලිස් නිලධාරීන් සිදුකළ පරීක්ෂාවේදී මළ සිරුර හමු වූ බව ද පොලිසිය පවසයි.
මළ සිරුර දින 7 - 10 ත් අතර කාලයක් තුළ මියගිය පුද්ගලයකුගේ බවට සැකකරන බවත් එම පුද්ගලයා වයස අවුරුදු 45 ත් 50 ත් අතර පුද්ගලයකු විය හැකි බවට අනුමාන කළ බව පොලිසිය පවසයි.
එම මළ සිරුර හමු වූ ගොඩනැගිල්ල පස් සෝදා වැලි ලබා ගැනීමේ ව්‍යාපාරයක් වෙනුවෙන් තැනූ අතහැර දැමූ ගොඩනැගිල්ලක් වන බවත් කිසිදු පුද්ගලයකු එහි නවාතැන් ගෙන නොසිටි බවත් ගොඩනැගිල්ලෙහි හිමිකරු විසින් පොලිසියට පවසා තිබේ.
මෙම මරණය ඝාතනයක් ලෙස සළකා පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ මිරිහාන අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කිරීමටත් මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමටත් කටයුතු කරන බවද එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
482
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආටිගල නිවසකින් මළ සිරුරක් සොයා ගනී