(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පළ කරමින් පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය දින තුනක් “ කළු දිනය‘‘ ලෙස නම් කරමින් නගරය පුරා කළු කොඩි ඔසවා කසල අංගනයට විරෝධය පා අද (15) නගරයේ සියළුම වෙළද සැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.
පුත්තලම කලපු තීරයට විශාල ජනතාවක් එකරාශී කරගනිමින් විරෝධතා රැළියක් පැවැත්වුයේ දේශපාලන පක්ෂ රැසකට ආරාධනා කරමින් බව පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවැසීය.
එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන ජනතා නියෝජිතයකු මෙම රැළියට සහභාගි නොවුන අතර එයට සංවිධායකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආබ්දින් ඒහියා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විවේචනය වන අයුරින් සභාව ඇමතීමට පටන් ගැනීමත් සමඟ මුස්ලිම් කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ආබ්දින් ඒහියා මහතාට විරෝධය එල්ල කළහ.
එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා වේදිකාවෙන් බැස දේශපාලඥයින්ට වෙන් කර තිබූ ස්ථානයට පැමිණීමත් සමඟ තත්වය දරුණු වන්නට විය.
මෙම තත්වය අතරතුරදී දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක්ද ඇතිව තිබූ අතර සමස්ථ ලංකා මුස්ලිම් කෙංග්‍රසයේ අධාරකුරුවකුට පහර දිමේන් ඔහු ගේ නාසයෙන් ලේ වහනය වීමත් සමඟ තත්ක්වය උණුසුම් විය .
මෙම සිද්ධියෙන් පසුව රැළියට එක් වූ පසු පිරිස අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පුත්තලම නගරය හරහා ගමන් කිරීමේන් අනතුරුව නැවත කලපු තීරයට පැමිණ නිවෙස් බලා පිටත්ව ගියහ.




2025 නොවැම්බර් මස 21
163
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
234
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අරුවක්කාඩු කසල අංගනයට එරෙහිව පැවැති විරෝධතාවය අතරතුර ගුටි කෙළියක්