IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අම්බලන්ගොඩ ප්‍රා සභාවේ කලබලයක්

(එම්.සුසිල් ප්‍රියන්ත , ඥාණදාස රම්මුතු සහ ධර්මදාස සිරිවර්ධන)


අය වැයට ඡන්ද විමසීමක් අවශ්‍ය යයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලද්දී සභාපති අරුණ ප්‍රදීප් මහතා විසින් ඡන්ද විමසීමක් නොදී සභාවේ වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගැනීමත් සමග අද (22) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම දැඩි උණුසුම් විය.

සභාවේ වැඩකටයුතු නතර කර සභා රැස්වීමෙන් ඉවත්ව යමින් සිටියදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සරත් ශ්‍රී ලාල් මහතාට සභාපති අරුණ ප්‍රදීප් මහතා පරුෂ වචනයෙන් බැන වැදුණු  අතර පෙරලා සරත් ශ්‍රී ලාල් මහතාද සභාපතිවරයාට බැන වැදීමත් සමගම එම දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.

එහිදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සභාපති අරුණ ප්‍රදීප් මහතා රැස්වීම් ශාලාවෙන් ඉවතට කැදවාගෙන යන ලදි.
 
පාලක පක්ෂයේ මන්ත්‍රී සරත් ශ්‍රි ලාල් මහතා සහ එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙක් සභා රැස්වීම ශාලාව තුළ රැදි සිට සභාපති චන්දෙට බයේ පැන ගියේ යයි කියමින් කලු පටි බැදගෙන විරෝධතාවේ නිරතවූහ.

සභාපති අරුණ  ප්‍රදීප් මහතා සමග පාලක පක්ෂයේ මන්ත්‍රීවරු දහදෙනා සභා රැස්වීම් ශාලාවෙන් ඉවත්ව සිටියහ.
       

අවසානයේදී පලක පක්ෂයේ සරත් ශ්‍රී ලාල් මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අය වැයට චන්දයක් නොදී සභාපතිවරයා පැන ගියා යයි කියමින් රැස්වීම් ශාලාවෙන් කෑගසමින් ඉවත්ව යමින් අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිටට ගොස් කළු පටි පැළද උද්ඝෝෂණයකද නිරතවූහ.
 

 



අදහස් (0)

අම්බලන්ගොඩ ප්‍රා සභාවේ කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site