IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අප්‍රේල් මහජන ආධාර හා රෝගාධාර මුදල් යවා අවසන්

(ජේ.කේ.එල් චාමින්ද)

දකුණු පළාතේ මහජන ආධාර හා රෝගාධාර ලබන පුද්ගලයින්ගේ අප්‍රේල් මස දීමනා මුදල් මේ වනවිටත් දකුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවා ඇති බව දකුණු පළාත් පරිවාස කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.

දකුණු පළාත තුල මහජන ආධාර ලාභින් 28000කට ආසන්න සංඛ්‍යාවක් හා රෝගාධාර ලබන පුද්ගලයින් 3900ක් සිටින බවද දකුණු පළාත් පරිවාස කොමසාරිස්වරයා පවසයි.

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙහෙයවිම යටතේ මේ වනවිට ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ලේඛන සකස්කරගෙන යන බවත් එම ආධාර මුදල් ඉදිරියේ දි ලබාදිමට ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් සුදුසු වැඩපිළිවෙළක් සකස්කරමින් පවතින බවද පරිවාස කොමසාරිස් වරයා සදහන් කළේය.

දකුණු පළාතේ වැඩිහිටි නිවාසවල කිසිදු ආහාර හිගයක් නොමැති බව පවසන දකුණු පළාත් පරිවාස කොමසාරිස්වරයා දැනට සති දෙකකට පමණ අවශ්‍ය ආහාර තිබෙන බවද පවසයි.

පවතින ආහාර අවශ්‍යතාවය අනුව තවත් සති දෙකකට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ගබඩාකර තබාගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් ලබාදි ඇති බවද පරිවාස කොමසාරිස්වරයා සදහන් කළේය.

ඒ සදහා අවශ්‍ය මුදල් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන බව පවසන දකුණු පළාත් පරිවාස කොමසාරිස්වරයා දකුණු පළාතේ වැඩිහිටි නිවාස 49ක වැඩිහිටියන් 1600 පමණ සිටින බවද සදහන් කළේය.



අදහස් (0)

අප්‍රේල් මහජන ආධාර හා රෝගාධාර මුදල් යවා අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 867 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site