IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අධිවේගයේ වැඩබිමකින් ඩීසල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ වැඩබිමකින් සොරකම් කරන ලද ඩීසල් තොගයක් සමග සැකකරුවකු අද(05) අත්අඩංගුවට ගත් බව තංගල්ල සහ මාතර දිසා මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීහු පවසති. 
 
අත්අඩංගුවට ගත් සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
සැකකරු විසින් සොරකම් කරන ලද ඩීසල් ලීටර විස්ස බැගින් අඩංගු වූ කෑන් 25ක් පොලිසිය බාරයට ගෙන ඇත. 
 
වීරකැටිය උඩයාල ප්‍රදේශයේ පාළු ස්ථානයකදී මෙම ඩීසල් තොගය කැබ් රථයකට පටවමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ. 
 
අත්අඩංගුවට ගත් ඩීසල් තොගය සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වීරකැටිය පොලිසියට බාර දී තිබේ.

 



අදහස් (0)

අධිවේගයේ වැඩබිමකින් ඩීසල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site