IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අගලවත්තේදී පීරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරලා

(බන්දු තඹවිට)

අගලවත්ත වියන්ගල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකදී පීරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වියන්ගල්ල,අගලවත්ත පදිංචි බුහාරි මොහොමඩ් මුස්තාපා නමැති 58 හැවිරිදි පස් දරු පියෙකු බව  පොලිසිය කියයි.

මියගිය අය හා අසල්වැසියන් පිරිසක් සමඟ ඊයේ (08) සවස කිසියම් බහිම්බස් වීමක් සිදුවී ඇති අතර පසුව එදිනම රාත්‍රීයේ මියගිය අයගේ නිවසේ නවතා තිබූ ත්‍රී රෝද රථ දෙකක ආවරණ රෙදි කපා දමා ඇත.

එම සිද්ධිය පිළිබඳව අද (09) නැවත දෙපිරස අතර බහිම්බස් වීමක් සිදුවී එය දුරදිග ගොස් මියගිය පුද්ගලයාට පීරකින් ඇනීම නිසා තුවාල ලබා පිඹුර රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහලට ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම මරණය පිළිබඳව සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් මියගිය පුද්ගලයාට පහර දුන් බවට සැකකරන පීරද සමඟ අගලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිව් දෙනාම මුස්ලිම් ජාතිකයන් බව පොලිසිය පවසයි.

මෙම මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය විසින් සිදුකළ අතර මියගිය අයගේ දේහය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමුකරන ලෙස නියෝග කළේය.

 

 



අදහස් (0)

අගලවත්තේදී පීරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site