IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගිනි අවුලුවනවා නොව නිවා දැමීමට කටයුතු කළ යුතුයි

(විනීතා එම් ගමගේ )
 
ත‍්‍රස්තවාදයට එරෙහිව අවි ආයුධවලින් කරන මෙහෙයුමට  වඩා පුළුල් හා ගැඹුරු බුද්ධි මෙහෙයුමක් සිදුවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත  බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
 
පෙනෙන මෙහෙයුමට වඩා නොපෙනෙන මෙහෙයුම ඉතා බුද්ධිමත් එකක් ලෙස කි‍්‍රයාත්මක විය යුතු යැයි ද අන්තවාදී ත‍්‍රස්තයන් මේ රටේ බිහිවීම ඇහිරිමේ නීති රීති මේ රට තුළ බිහිවීීීීවීම ඉක්මණින් සිදුවිය යුතුයැයි ද හෙතෙම කියා සිටියේය.
 
ඒ වෙනුවෙන් වූ යෝජනා මාලාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විසින් සකස් කරන බවත් එය මුස්ලිම්වරුන්ට එරෙහි එකක් නොවන අතර මහා සංඝරත්නය ඇතුළු සියලූ ආගම්වල නායකයින් ගේ ද සිවිල් සංවිධාන හා වෘත්තියවේදීන්ගේ ද අනුමැතිය ඇතිව මෙම ප‍්‍රතිපත්තිමාලාව සකස් කරන බව ද ඔහු සදහන් කළේය.
 
 අයි එස් අයි එස් සංවිධානය සමඟ සම්බන්ධතා තිබෙන ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ අවි ආයුධවලින් පමණක් සටන් කළ නොහැකි යැයි ද  පැහැදිලි බුද්ධි මෙහෙයුමක් අවශ්‍ය  වනුයේ මේ ස`දහා යැයි ද බණ්ඩාර මහතා කියා සිටියේය.  
 
මෙම බුද්ධි මෙහෙයුමට සියලූ දෙනාගේ සහය දිය යුතු යැයි කී මන්ත‍්‍රීවරයා විශේෂයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සම්බන්ධතා ඇති කර ගෙන කටයුතු කළ යුතුයැයි ද එහි දී එම විදේශ බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණයක් ඇති වෙමින් පවතින බව පෙනී යන්නේ යැයි ද පැවසීය.
 
ආරක්ෂක අමාත්‍යංශයේ ආංශික අධීක්ෂණ කමිටුවට තමන් සහභාගි වන බැවින් මේ අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම  පරාජයට  පත් කිරීමට අවශ්‍ය පසුබිම ඇති වෙමින් පවතින බව පෙනී යන්නේ යැයි කී බණ්ඩාර මහතා එය සුභවාදී තත්ත්වයක් යැයි ද සදහන් කළේය.
 
මෙවැනි තත්ත්වයක් යටතේ ත‍්‍රස්තවාදය නැති කිරීම වෙනුවෙන් වූ නව ප‍්‍රතිපත්ති නීති රීති සැකසීමත් සංශෝධන ඉදිරිපත් කිරීමත් වෙනුවෙන් වූ වගකීමක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාටම ඇතැයි ද එම  වගකීමෙන් මිදෙන්නට කිසිවෙකුටත් නොහැකි යැයි ද ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.
 
 1948 නිදහසින් පසු ගත යුතුව තිබු සමහර තිරණ නොගැනීම නිසා 1972 වසරේ දී ජනරජයක් වනතුරු සිටින්නට සිදුවූයේ යැයි ද වරින් වර පත් කළ විවිධ කොමිෂන් සභාවන්හි වාර්තාවල නිර්දේශ ක‍්‍රියාත්මක කළේ නම් මෙවැනි තත්ත්වයක් උදානොවන්නේ යැයි ද කී මන්ත‍්‍රීවරයා දැන්වත් ඒ පිළිබද අවධානය යොමු කළ යුතු යැයි ද කීය.
 
උදාහරණ ලෙස කළු ජූලිය ගැන නිසි අවධානය යොමු කලේ නම් අවුරුදු 30 ක් යුද්ධ කිරිමට තරම් ශක්තිමත් කණ්ඩායමක් බිහි නොවනු ඇතැයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය. කවුද හරි කවුද වැරදි කියා සොයමින් සිටිනවාට වඩා එක් පැත්තකින් ජනතා සැකය නැති කරන අතර ප‍්‍රතිපත්තිමය තිරණ ගතයුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මේ අවස්ථාවේ සියලූ දෙනා කළ යුතු ඇවිලෙන ගින්නට පිදුරු දැමීම නොව නිවා දමන්නට කටයුතු කිරීම යැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.
 
මෙම මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායක තුසිත කුලරත්න මහතා ද අදහස් දැක්වීය.



අදහස් (0)

ගිනි අවුලුවනවා නොව නිවා දැමීමට කටයුතු කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site