සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය සඳහා විෂය භාර ඇමැතිවරුන් වගකිවයුතු යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඇමැතිවරයා එලෙස කීවේ සයිටම් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පත් කර ඇති මහජන කොමිෂන් සභාව ඉදිරියේ සාක්කි දෙමිනි.
වෘත්තිකයන්ගේ ජාතික සභාවේ මැදිහත්වීමෙන් පිහිටැවූ මහජන කොමිෂන් සභාව අද රැස්වූයේ දෙවැනි දිනටය. කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම මහජන කොමිසමේ මුළු සාමාජික ගණන හය දෙනෙකි.
COMMENTS
සයිටම් ගැටළුව නිර්මාණය කලේ මහින්ද ජනාදිපති තුමාගේ රජයෙන්. එවකට පුස් පැටවවාගේ ඔබත් ඒ කැබිනෙට් මණ්ඩලයේ සිටියා.
ගැටළුව කවුරු නිර්මාණය කලත් වර්තමාන පාලනය විසඳිය යුතුයි. ජනාදිපති ජයවර්දන යුද්ධය පටන්ගත්තා කියා මහින්දට අතපිහිදාගත හැකිද?
මොනවට මේ වගේ අයගෙන් උපදෙස් පතා සාක්ෂි විමසනවද?