IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘විජයකලා ත්‍රස්තවාදීයකු නොවේ’ - විග්නේෂ්වරන්

එෆ්.අස්ලම්
 
කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ කාලයේ දෙමළ ජනතාව ආරක්ෂාකාරීව ජීවත් වූ බවත් ලෝකයාම දන්නා ඒ සත්‍ය කතා කළ සැණින් විජයකලා මහේෂ්වරන් ත්‍රස්තවාදියකු නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.


මේ සත්‍ය කතා කළ හෙයින් විජයකලා මහේෂ්වරන් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම අසාධාරණ බවත් ඇයට ජනතා සේවය කිරීම සඳහා පක්ෂය විසින් ඉඩ සැළසිය යුතු බවත් මහ ඇමැතිවරයා අවධාරණය කළේය.


සතියකට එක් ප්‍රශ්නයක් නමින් මාධ්‍ය විසින් විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද ප්‍රකාශය ගැන අසන ලද පැනයට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මහතා මේ බව කීය.


උතුරේ වත්මන් ආරක්ෂාකාරී තත්වයත් පෙර පැවති ආරක්ෂාකාරී තත්වයත් ගැන විවේචනය කරන්න කාටත් අයිතියක් තියෙනවා. අද පවතින ආරක්ෂාකාරී වාතාවරණය වෙනස් විය යුතුයි කියල ඇය කරන ලද කතාවේ කිසිදු වරදක් නැහැ.

පෙර පැවති කාලයේ අපගේ ජනතාව ආරක්ෂාකාරීව ජීවත් වුණ එක සත්‍යක්.
යුද්ධය කාලයේ කාන්තාවක් රන් ආභරණ පැළඳගෙන‍ කිසිදු කරදරයක් හෝ නොමැතිව ගමන් ගිහිං නිවසටත් එනවා.ඒ වකවානුවේ එහෙම තත්වයක් තිබුණා.මෙය ලෝකයා දන්නා සත්‍යක්.
 
ඒත් අද එහෙමද කැපුම් කෙටුම්, අපයෝජන, ප්‍රචන්ඩත්වය, මත්ද්‍රව්‍ය ජාවාරම් හා භාවිතය, වැඩිවෙලා තියෙනවා. දූෂණ වංචා ද එමටම සිදුවෙනවා. ඒනිසා තමයි මම කියන්නේ හමුදාව ඉවත් කරන්න.

පොලිස් බලතල අපට දෙන්න කියලා. එසේ වන්නේ නම් මේ සියළු අපරාධ ප්‍රචණ්ඩ ක්‍රියා නවතා පෙන්වන්නම්. මේ තත්වය ගැන අවබෝධයක් නොමැති දකුණේ පිරිස් තම හදවතේ ඇති විරෝධය මතුකර සිටිනවා.

මොවුනගේ මේ විරෝධය විජයකලාට එරෙහිව නෙවෙයි. දෙමළ ජාතිය ගැන සැකය, අවිශ්වාසය, බය නිසයි.


අපගේ අදහස් ගැන විවේචන නොකර අපගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙන්න. ෆෙඩරල් විසඳුමක් ඇති කරන්න මුල් වෙන්න කියල අපි දකුණේ දේශපාලන නායකයින්ට ඇරයුම්  කරනවා.
 



අදහස් (2)

‘විජයකලා ත්‍රස්තවාදීයකු නොවේ’ - විග්නේෂ්වරන්

nihal Thursday, 05 July 2018 11:00 AM

කැපුම් කෙටුම්, අපයෝජන, ප්‍රචන්ඩත්වය, මත්ද්‍රව්‍ය ජාවාරම් හා භාවිතය, වැඩිවෙලා තියෙනවා. දූෂණ වංචා ද එමටම සිදුවෙනවා. ඒනිසා තමයි මම කියන්නේ හමුදාව ඉවත් කරන්න එතකොට විග්නශ්වරම් කියන්නේ යුද හමුදාව නිසා මේ දේවල් වෙනවා කියලා යටි හිතේ එකක් තියාගෙන වෙනත් දෙයක් කියන්නේ විග්නේශ්වරම්ලා. ඔය පුටුවල වැජබෙන්නේ යුද හමුදාව නිසා බව තරයේ මතක තබාගත යුතුය.

:       0       0

kalani Friday, 06 July 2018 08:30 AM

කොටි සංවිධානය දරුණු ම්ලේච්ජ මිනීමරු සංවිධානයක්. ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් දෙමළ නායකයින් ඇතුළු ඔවුන්ට එරෙහි වූ සාමාන්‍ය ජනතාවත් මරා දැම්මා. එවැනි මිනීමරු කල්ලියක්, ලෝකයේ බිහිසුණු මිනීමරු කල්ලියක් ඒ පළාතේ සිටිනවිට විජයකලා ප්‍රකාශ කරන දූෂණ, මංකොල්ලකෑම් නොතියෙන්න ඇති. ඒ මරණ බය නිසා. එ්ක දේශපාලන හපන්කමක් නොවේ. දැන් යහපාලනය... දැන් ඇය සඳහන් කරන අපරාධ කරන්නෙත් ඔවුන්ගේම වර්ගයා මිසක් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් නොවේ. මහ ඇමතිතුමාට මෙම දේශපාලන යතාර්ථය තේරුම් ගන්න බැරි නැහැ. හිටපු විනිසුරුවරයෙක් ලෙස දැන් සිතන ආකාරය පුදුම සහගතයි. දේශපාලකයා සහ විනිසුරුවරයා අතර ඇති වෙනස...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1164 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1170 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site