සුජිත් හේවාජුලිගේ
තනතුරු අත්හැරීමට පෙර මේ ආණ්ඩුව ගෙනවිත් රටට කළ විනාශයට මුළු මහත් ජාතියෙන් සමාව ගන්නැයි අතුරලියේ රතන හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
දැන් තැන තැන බොරු කතා කියමින් යනවා වෙනුවට නිවැරදි තීන්දුවකට පැමිණ ඒකාබද්ධ විපක්ෂයට එක්වන්නැයි උන්වහන්සේට ආරාධනා කරන බව ද රණතුංග මහතා කීවේය.
ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ අතුරලියේ රතන හිමියන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරින් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳ කළ විමසීමකදීය.
රණතුංග මහතා මෙසේද කීවේය.
‘යුද්ධය අවසන් කර මේ රට සීඝ්‍ර සංවර්ධනයකට යද්දී ඒ ප්‍රගතිශීලී ගමන බිඳදමා, ගිය ආණ්ඩුව බිඳ දැමීමට මුල්වූ අයගෙන් ප්‍රධානියකු තමයි රතන හිමියෝ. උන්වහන්සේ ගිය ආණ්ඩුව පෙරළුවේ ජනතාවට පොරු කප්පරක් දේශනා කරලයි. නමුත් ජනතාවට දුන්නු එකම එක පොරොන්දුවක් හෝ ඉටු කරලා දෙන්න උන්වහන්සේට බැරි වුණා. රතන හිමියන් මේ ආණ්ඩුව බලයට ඒමට තදින්ම කියූ දේවල් තමයි උතුරේ ප්‍රශ්නය, ග්ලයිපොසේට් පිළිබඳ ප්‍රශ්නය. අන්තිමේදී උන්වහන්සේට ඒක කර ගන්නත් බැරිවුණා.
අවුරුදු තුනක් මේ ආණ්ඩුවේ ඉඳලා විවිධ තනතුරු දරලා රට විනාශ වුණාට පස්සේ තනතුරු අත්හරිනවා කියන එක විහිළුවක්. තනතුරු අත් හැරීමට ප්‍රථම රතන හිමියන් කළ යුත්තේ මේ ආණ්ඩුව ගෙනැවිත් කරපු වැරැද්දට ජාතියෙන් සමාව ගැනීමයි. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් අවංක නීතිගරුක පුද්ගලයෙක්නේ තවකෙනෙකුට සමාව ගන්න කියා කියන්නේ ?මීමින්නා හිතනවාලු උගේ ඔලුව පමණක් හංගා ගත්තාම ශරීරයත් හැංගිලා දඩයක්කරුට පෙනෙන්නේ පොලුපාර වදින්නේ නෑ කියලයි ..
අපිට හොඳටම මතකයි සිවුර විසිකරකර මහින්දව එලවනවා කියල වේදිකාව උඩ දඟලපු හැටි.
අනේ මේ මන්ත්‍රීතුමා ඔයාගේ ලොක්ක කරපු ජඩ වැඩ දැන් එළිවෙලා තියෙන්නේ විදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා.
ඕක ඉතින් අවු.70 ක් තිස්සේ කාටත් වැරදුන දෙයක්නේ. ගණන් ගන්න දෙයක් නොවේ. ඒ වුනාට කියන උපාසක මහත්වරුන්ට සමාවෙන් පමණක් නිදහස් වෙන්නට ඉඩ නැ.හරිනම් හිරේ යන්නම ඕනේ. මේ දවස්වල දකින වීඩියෝ දැක්කම සමහර අය දණගහලා වැඳලා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.