IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


’යහපාලන රජය ජනතාවට දුන් සහන සමහරුන්ට ඇඟිල්ලෙන් ඇන මතක් කරන්න වෙලා’

(නිමල කොඩිතුවක්කු)

යහපාලන රජය ජනතාවට ලබා දුන් සහන, සමහර අයට ඇගිල්ලෙන් ඇන මතක් කරන්නට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය.

යහපාලන රජය මගින් ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ සහන පිළිබඳ අද ජනතාවට යථාර්ථය අවබෝධ වෙමින් පවතින බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

දොම්පේ ප්‍රදේශයේ අද(24) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.
    
වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළේ නැහැ. එම යුගය නිමා කරමින් එක වර රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩිකිරීමට යහපාලන රජය කටයුතු කළා. එම කාලය තුළ රාජ්‍ය සේවකයන්ගේ සියයට 107කින් වැටුප් වැඩි කිරීමට අපට හැකි වුණා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් මිල අඩු කරමින්, භාණ්ඩ මිල පහල දමමින් ජනතාවට සහන ලබාදීමට අපි කටයුතු කළා. අත්‍යවශ්‍ය ඖෂධ මිල 40% කින් පමණ පහත හෙලමින් ජනතාවට විශාල සහනයක් ලබාදීමට අපි කටයුතු කළා.


රාජ්‍ය  සේවයේත් රාජ්‍ය  නිලධාරීන්ගේත් අභිමානයත්  ස්වාධීනත්වයත්  ආරක්ෂා කරමින්  ස්වාධීන කොමිසන් සභා  පිහිටුවීම සඳහා  එක්සත් ජාතික පක්ෂය  පුරෝගාමි මෙහෙවරක් ඉටුකළා.


මේ සියලු ජනතාවාදී තීන්දු තීරණ  ආපස්සට හැරවීම සඳහා  ගෙවී ගිය මාස  අටක කාලයේදි  රාජපක්ෂ පාලනය කටයුතු කර තිබෙනවා. 


ළඟම පාසල හොඳම පාසල, සුවසැරිය ගිලන් රථ සේවය, ගම්පෙරලිය, සුරක්ෂා සිසු රක්ෂණාවරණය,  යුද හමුදාව මූලික කරගනිමින්  රසායනික   ජෛවීය  විකිරණ සහ නෂ්ටික  ප්‍රහාරයන්ට සහ වසංගතයන්ට මුහුණ දිය හැකි CBRN ඒකකය වැනි   බලඝණ පිහිටුවමින්  ආර්ථිකය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අපට හැකිවුණා.


මාධ්‍ය නිදහස සහ පුද්ගල නිදහස සුරක්ෂිත කරමින්  ගෙනගිය  ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ  අද වන විට  බුද්ධිමත් ජනතාව අවබෝධ කරගෙන තිබෙනවා.

කාලයෙන් කාලයට විවිඩ මාතෘකා නිර්මාණය කරමින් ජන මනස විකෘති  කරමින්  ජනතාව නොමඟ  යමින්  බලයට පත්  පාලකයින්ගෙන් සැබෑ ස්වභාවය  මේ වන විට රටේ ජනතාවට හොදින් අවබෝධ වී තිබෙනවා. 

රැවටිලිකාරී පාලනය පරාජය කර ඩී.එස්.සේනානායක යුගයේ පටන් එක්සත් ජාතික පක්ෂය  රටේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ දැවැන්ත යුග මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සදහා  අපි කැප වෙනවා. මෙවර මහා මැතිවරණයේදී ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසට සියලු දෙනාගෙන් අපි ඉල්ලීමක් කරනවා යැයිද ඔහු එහිදී පැවසීය.
 

 



අදහස් (1)

’යහපාලන රජය ජනතාවට දුන් සහන සමහරුන්ට ඇඟිල්ලෙන් ඇන මතක් කරන්න වෙලා’

Bamunuarachchi Thursday, 25 June 2020 04:48 AM

"වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළේ නැහැ." මොකක්ද හලෝ ඒ කතාව 2014 අයවැයෙන් නේද මහින්ද මහතා රු 3000 වැටුප් වැඩිවීමක් දුන්නේ...? එ්කට 7000 එකතු කරලා නේද 10000 කලේ...? රටට දරන්න බැරි මුදලක් සේවකයින්ට දීලා සාමාන්‍ය ජනතාවට හිටු කියලා බදු ගැහැව්වා නේද? " පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් මිල අඩු කරමින්, "ජෙෂ්ට ඇතුළුව බැංකු පොලියට ගහපු බදු, උපයනවිට ගෙවීම් බදු, වැට් වැඩි කළා නේද? එතකොට කොහොමද බඩු මිල පහත යන්නේ.. ආරක්ෂක බද්ද වැඩිකළා නේද? මොනවද කතා... "ළඟම පාසල හොඳම පාසල, සුවසැරිය ගිලන් රථ සේවය, ගම්පෙරලිය, සුරක්ෂා සිසු රක්ෂණාවරණය," රටේ තිබෙන සම්පත් පිටරැටියන්ට වික්කේ කව්ද?

:       9       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31002 35


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13134 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 1 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 870 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site