IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


මහජනයා ඉදිරියේ මේ අයගේ සළුපිළි ගලවන්න හොඳ අවස්ථාවක් මේක

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   
දොස්තර රාජිත සේනාරත්න  

  • අපි මේ විශ්වාසභංගය ඉදිරිපත් කරන්නෙ ජයග්‍රහණය කරන්න නොවෙයි   


දේශපාලන ලෝකය උණුසුම්ය. මේ ඒ දේශපාලනමය කාරණා විමසමින් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දොස්තර රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය - ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඇමැති ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරනවා. ඇයි ආණ්ඩුවට එරෙහිව ගේන්නේ නැත්තේ?   


පිළිතුර - ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම තියෙන්නේ ඇමැතිවරයා හැටියට උදය ගම්මන්පිලට. ඒක අනුමත කිරීමේ බලය ති​යෙන්නේ අගමැතිතුමාට. නමුත් අපට තියෙන ප්‍රශ්නය තමයි උදය ගම්මන්පිල වගේ වීරෝදාර කතා කියන ජනතාවාදී කතා කියන පුද්ගලයෙක් මේ වගේ කොවිඩ් වසංගතයක් තිබියදීත් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට හිරිකිතයක් නොමැති වීම ගැන. ඒ නිසා තමයි අපි එයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනාවේ.   


ප්‍රශ්නය - ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ තියෙන්නේ මේ සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවක් පත් කළා, ඒ කමිටුවෙන් තමයි නිර්දේශ කළේ කියලා?   


පිළිතුර - ඔය විදියට එක එක කතා කියනවා. ආණ්ඩුව ඇතුළේ තියෙන අර්බුද සමනය කරගන්න දැන් එක එක කතා කිව්වට මුලදි තිබුණ කතාවේ හැටියට තිබුණේ උදය ගම්මන්පිල යෝජනා කරනවා, අගමැතිතුමා අනුමත කරනවා, නමුත් ඒක කැබිනට් මණ්ඩලයටවත් ගිහින් නෑ කියලයි. ඒක තමයි ඇත්ත කතාව. එතකොට ගම්මන්පිල කියලා කියන්නේ මේවා ගැන මහා වීරෝදාර කතා කියමින් ඒ අනුවම දේශපාලන පන්නරයක් තියෙනවා කියලා පෙන්වන මෙවැනි පුද්ගලයෙක්. මේ වගේ අමාරු වෙලාවක ජනතාවට කබලෙන් ළිපට ඇද දැමීමේ ජනතා ද්‍රෝහියෙක් වුණා කියලා රටට හඳුන්වා දෙන්න අපට මේක හොඳ අවස්ථාවක්.   


ප්‍රශ්නය - ඇමැති ගම්මන්පිලට එරෙහි ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් විරෝධයක් පළ කළා. ඔවුන්ගේ සහයෝගය ලැබෙයි කියලා හිතුවා ද?   


පිළිතුර - ඒක තමයි දෙවැනි කාරණය. අපේ උපක්‍රමය තමයි අපිට බලන්න ඕනෑ. ආණ්ඩුවේ කට්ටිය කතා කරන ඒවා කොයි තරම් දුරට ක්‍රියාත්මක වෙනවා ද කියලා මහජනයා ඉදිරියේ මේ ආණ්ඩුවේ ඉන්න බොහෝ අයගේ සළුපිළි ගලවන්න අපට හොඳ අවස්ථාවක් මේක.   


ප්‍රශ්නය - 20ට එරෙහිවත් ආණ්ඩුව ඇතුළේ විවිධ සටන් පාඨ කියැවුණා. නමුත් අවසානයේ සියලු දෙනාම අත ඉස්සුවා. 

 
පිළිතුර - පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ඔවුන් අත උස්සන්නේ නෑ කියලා. අපිට ඕනෑ ඒකට අත උස්සවලා මිනිසුන් ඉදිරිපිට මේ බොරුකාරයන් නිරුවත් කරන්න. එක පාරක් අත ඉස්සුවාම මිනිස්සු ටිකක් කල්පනා කරයි. දෙවැනි සැරේ අත ඉස්සුවාමත් මිනිස්සු ටිකක් ඉවසයි. තුන්වැනි සැරේ අත උස්සනකොට ජනතාව තමන්ගේ තීන්දුව පැහැදිලිවම ගනී.   


ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වුණාම ඉදිරිපත් කරන පළමු විශ්වාසභංග යෝජනාව. මේක පරාජය වුණොත් සජිත්ට ප්‍රශ්නයක් නොවෙයි ද?   


පිළිතුර - මේ විශ්වාසභංග යෝජනාව අප ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කිරීම සඳහා නොවෙයි. මේ විශ්වාසභංගය හරහා අපි ඉදිරිපත් කරන්නේ මේ ර​ටේ ජනතාවගේ විශ්වාසභංගයි.   


ප්‍රශ්නය -  ඇමැති ගම්මන්පිල කියලා තිබුණා මේක සජිත්ට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයක් කියලා? 

 
පිළිතුර - එයා ඉතින් එක එක කතා කියනවනේ. ඒවා බොළඳ කතා. එයා සාගර කාරියවසම්ට කියන්නෙත් ඒක පොඩි එකාගේ ලියුමලු. මේ විශ්වාසභංග යෝජනාව ගැනත් කියන්නේ පොඩි එකාගේ ලියුමලු. එතකොට මහ එකාගේ ලියුම ලියන්නේ එයා විතරයි. ඉදිරියේදී එයාට තේරෙයි මේ රටේ ජනතාව නියම ලියුම එයාට ලියනකොට පොඩි එවුන්ගේ ලියුම්වල තියෙන වටිනාකම.   


ප්‍රශ්නය - ඇයි ඉතා හදිසියේම සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිගන්නවා කියලා යෝජනාවක් සම්මත කරගත්තේ?   


පිළිතුර - ඇත්තටම එතුමා අසනීප වෙලා ඉන්න වෙලාව පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සමහරුයි ආණ්ඩුවේ අයත් එකට එකතු වෙලා දැඩි ප්‍රහාරයක් ඔහුට එරෙහිව පටන් ගත්තා. නොයෙකුත් විදියට පෞද්ගලිකව හා දේශපාලනිකව මේ ප්‍රහාරය එල්ල කළා. ඒ සඳහා ඉතාම අසත්‍ය තොරතුරු අරගෙන ෆොබෙල්ස් න්‍යායට අනුව ඕනෑම බොරුවක් සියක් වාරයක් කියනකොට ඒක සත්‍ය වගේ පේන්න පටන් ගන්නවා වගේ ඔහුට එරෙහිව ගෙන ගිය මඩ ප්‍රහාරවලට එරෙහිව තමයි ඒ යෝජනාව අපි සම්මත කරගත්තේ.   


ප්‍රශ්නය -  සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂවල නායකයෝ සජිත්ගේ නායකත්වය ගැන පැහැදීමකින් නැහැ නේද?   


පිළිතුර - නමුත් මෙහෙමයි. ඒ නායකයන්ට යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් සජිත් ප්‍රේමදාස ඉවත් කිරීමට හෝ ඔහු විපක්ෂ නායක නොවෙයි කියන්නවත් එතැන කවුරුවත් නෑ. ඒ නිසා එදා ඒ සාකච්ඡාවේදී අනෙකුත් පක්ෂවල නායකයන් තමයි යෝජනා කළේ සමගි ජන බලවේගයේ යෝජනාවක් හැටියට ගේන්න එපා, මේකට අපිවත් සම්බන්ධ කරගෙන පොදු යෝජනාවක් හැටියට ගේන්න කියලා. 

 
ප්‍රශ්නය - රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාපු වෙලාවේ පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම අත් උස්සලා ඔහුට සහාය පළ කළා. නමුත් ඒ ඒ අයගෙන්ම තමයි ​දෝෂාභියෝගයක් ආවේ. මෙතැනත් එහෙම ජුදාස්ලා ඉඳීවි?   


පිළිතුර - පැහැදිලිවම නෑ. මෙතැනදී ඔහුට එරෙහිව එහෙම කරන එකක් නෑ. මොකද මේ ආණ්ඩුව ජනයා අතර ඉතාමත්ව කලකිරීමට පත්වෙලා තියෙන්නේ. ​​මේ ජනතා​ ද්‍රෝහි ආණ්ඩුව ලැබෙන පළමු මොහොතෙම ගෙදර යවන්න ජනතාව සැදී පැහැදී ඉන්න වෙලාවක අපේ නායකයන් අතර අර්බුද ඇති කරගැනීමේ මානසිකත්වයක් තියෙන කෙනෙක් අපි අතර නෑ.   


ප්‍රශ්නය -  මන්ත්‍රී චම්පික රණවකට ස.ජ.බ.යේ ඉහළ තනතුරක් දෙනවා කියලා ඔබේ පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියල තිබුණා? ඇයි මේ හදිසියෙම?   


පිළිතුර - මම රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගෙන් මේක ගැන ඇහුවා. එහෙම ඇහුවම එතුමා කිව්වා ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්, ඔහුගේ නියෝජිතයෝ දෙදෙනෙක් ඇවිත් කතා කළා සමගි ජන බලවේගයත් එක්ක කොහොම ද එකතු වෙලා වැඩ කරන්නේ කියලා. ඒක ගැන කතා කළා. ඊට පස්සේ රංජිත් මද්දුම බණ්ඩාර නැවත ගිහින් චම්පික රණවක මැතිතුමත් එක්ක සාකච්ඡා කළා කියලා. 

 
ප්‍රශ්නය -  ඒ සාකච්ඡා කළේ තනතුර ගැන? 

 
පිළිතුර - නෑ. නෑ. ඒ සියලු සාකච්ඡා දේශපාලනික වශයෙන් කොහොම ද එකට එකතු වෙන්නේ. 43 වැනි සේනාංකය ස.ජ.බ.යේ අංශයක් හැටියට ක්‍රියාත්මක කරන්න බැරි ද? මෙන්න මේ වගේ දේශපාලන කරුණු මිසක් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා තරයේ ප්‍රතික්ෂේප කළා තනතුර ගැන ඔහු කතා කළේත් නෑ. ඔවුන් කතා කළෙත් නෑ කියලා.   


ප්‍රශ්නය - මන්ත්‍රී චම්පික මුල ඉඳලම අවුලකින් නේද ඉන්නේ? 

 
පිළිතුර - එහෙම කිසිම ප්‍රශ්නයක් අවුලක් නෑ. තනතුරු ප්‍රශ්නයක් නොවෙයි තියෙන්නේ. ස.ජ.බ.යට බැඳෙනවා නම් ස.ජ.බ.යේ සාමාජිකයකු වශයෙන් 43 වැනි සේනාංකය කියන වෙනත් ව්‍යාපාරයක් හැටියට රට පුරා රැස්වීම් තබමින් ක්‍රියා කරන්නේ කෙසේ ද ක්‍රියා කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය විතරයි මෙතැන තියෙන්නේ.   


ප්‍රශ්නය - එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එනවා. මොකක් වෙයි ද?   


පිළිතුර - එතුමා පාර්ලිමේන්තුවට ආවට කමක්නෑ. එතුමා එන එක හොඳයි. එතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. අනිත් එක නීනිඥවරයෙක් වශයෙනුත් විපක්ෂයට දායකත්වය දෙන්න පුළුවන්. එතුමාගේ කාර්යභාරය වෙන්න ඕනෑ. එතුමත් සමග විපක්ෂය ඉන්න අනෙකුත් පක්ෂත් සමග එකතු වෙලා මිත්‍රත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ කඳවුරක් වශයෙන් මේ රජය පලවා හැරීමේ වැඩ කටයුතුවලට සහාය දීම. ඒක තමයි එතුමාගේ අරමුණ විය යුත්තේ.   


ප්‍රශ්නය - ස.ජ.බ.යේ ප්‍රබලයකු ඇතුළු මන්ත්‍රීවරු 16 දෙනෙක් රනිල්ගේ නායකත්වය පිළිගන්න සූදානමින් ඉන්න බවට පුවත් පළ වුණා?   


පිළිතුර - එතැන මගේ නමත් තිබුණා. ඒකෙන්ම පේනවනේ මේක අමූලික බොරුවක් කියලා. මේ වගේ නොවෙන දේවල් වෙනවා කියලා කියාගෙන වැඩ කරන පිරිසක් එතුමා යට ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ තත්ත්වයට වැටෙන්නේ නෑ. එතුමා දේශපාලනික පරිණත පුද්ගලයෙක්. නමුත් එතුමා යට ඉන්නවා මුළු දේශපාලන ජීවිතයම ඩීල් උඩ ගෙනිච්ච පුද්ගලයන් පිරිසක්. ඒ අය හැමදාම හිතන්නේ දේශපාලනය කියන්නේ ඩීල් එකක් කියලයි. අන්න ඒ ඩීල් කට්ටිය රජයත් එක්කත් ඩීල් එකක් තියාගෙන ඒ වෙනුවෙන් රනිල්ව පාවිච්චි කරලා පසුගිය කාලයේ ඔවුන්ගේ ඩීල් එක නිසා විනාශ කළා වගේ රනිල්ව තවදුරටත් දේශපාලන ලෝකයෙන්ම ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ගෙනියනවා. ඒක රනිල් තේරුම් ගනීවි.

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මහජනයා ඉදිරියේ මේ අයගේ සළුපිළි ගලවන්න හොඳ අවස්ථාවක් මේක

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

වමට දකුණට රට හැරවූ පෙරළිකාර අයවැය විජ්ජා
2025 පෙබරවාරි මස 10 74 0

ජාතික ජනබලවේග රජයේ මංගල අයවැය යෝජනාවලිය එන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනතා විමුක්ති පෙරමුණට අයත් මුදල් ඇමැතිවරයකු විසින් අයවැ


බෙදීම් මැද විපක්ෂය පණ ගහයි
2025 පෙබරවාරි මස 10 79 0

වර්තමාන පාර්ලිමේන්තුව පත්වීමට පෙර පැවැති පාර්ලිමේන්තුවල ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය ලෙස පැහැදිලිවම දෙපැත්ත හඳුනාගත හැකි විය. එහෙත් මෙවර ආණ්ඩු පක්‍ෂය ප


රාජ්‍ය ආයතනවල උපාධිධාරී කම්කරුවන්ට මොකද වෙන්නේ ?
2025 පෙබරවාරි මස 10 78 0

සාක්ෂරතාව අතින් ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට ශ්‍රී ලංකාවයි. මෙලොව එළිය දකින සෑම දරුවකුටම නිසි අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මකවෙන විව


ඇන් .ඇම් .ගේ මුදල් නෝට්ටු තහනමින් රට කැලඹුණු හැටි
2025 පෙබරවාරි මස 06 286 0

එක්දහස් නවසිය හැත්තෑවේ බලයට පත්වූ සමගි පෙරමුණු රජයද ආර්ථිකය යථාවත් කිරීම සඳහා විවිධ අත්හදා බැලීම් සිදුකළේය.


විජේවීර යාපනයේ දේශපාලනය ගොඩනැගූ හැටි
2025 පෙබරවාරි මස 05 184 0

1977 නොවැම්බරයේ දී ආණ්ඩුව විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව අහෝසි කිරීමත් සමග - රෝහණ විජේවීර හිරෙන් නිදහස් විය.


“නිදහස් සටන මුවහත් කළ කවි අසිපත් ”
2025 පෙබරවාරි මස 05 51 0

නව නිදහස් සටනක ආරම්භය මෙසේ පබැඳුමෙන් ලියවෙද්දී නව දේශපාලන පරිච්ඡේදයත් සමඟ නව රජයක්, නව පාලනයක් යටතේ 77 වන නිදහස් දිනය අති උත්කර්ෂවත් අන්දමින් පෙබරවාරි 0


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 123 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 912 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site