(නාලක සංජීව දහනායක)
දිනපතා සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් මනුස්සයෙකුට නිදහසේ ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (9) කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
දවසගානේ රටේ විවිධ පළාත් වලින් මහාපරිමාණයෙන් මතකුඩු අහුවෙනවා. එදා සාධාරණ සමාජයක් වෙනුවෙන් කතා කළ පිරිස් මේ ගැන කතා කරන්නේ නැහැ. එක් පැත්තකින් මත්කුඩු පැතිරෙන විට අනෙක් පැත්තෙන් පාතාලය හිස ඔසවනවා.
ඉස්සර දේශපාලනය හා රටේ සංවර්ධනය ගැන ප‍්‍රවෘත්තිවලට පෙන්නුවත් දැන් පෙන්නන්න සිදුවෙලා තියෙන්නේ පාතාල ක‍්‍රියාකාරකම් ගැන විතරයි. ගතවූ මාස හයට මනුෂ්‍ය ඝාතන 214ක් සිදුවී තිබෙන බව පොලීසිය බාර අමාත්‍යවරයා පවසනවා.
දැන් දවස ගානේ මනුෂ්‍ය ඝාතන සිදුවෙනවා. පාතල ක‍්‍රියාකාරකම් නිසා මනුස්සයකුට පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙන බවද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ස`දහන් කළේය.
(ඡායාරූපය -ජයමාල් චන්ද්‍රසිරි )

COMMENTS
සම්පුර්ණයෙන්ම ඇත්ත.
නෑ නෑ අඩුවෙලා... මොකද හිටපු අය දේශපාලනේට බැහැලා.
කතාව සහතික ඇත්ත.
මේ පසුගිය සමයේ පුරුදු පුහුණු කරපු කල්ලි ටික නේද දැන් ක්‍රියාත්මක වෙන්නේ? රට අගාධයට දාලා ඡන්ද දිනන්න. හැමදාම ඉතින් මොනවා හරි මෙහෙයනවානේ.... මනුස්සයෙකුට පාරේ බැහැලා යන්න සල්ලි නැහැ. හොරා කාපුවට ගෙවන නිසා...
මෙන්න බොලේ බඩු පාතාලය ගැන කියවන්න... දීලා බලමුද ආයෙමත්..
චණ්ඩි මල්ලිලා දා ගෙන හිටියේ කවුද කියල අපි දන්නවා. මාල කඩපු උන්ට ඕවා අමතක උනාට.
රත්රන් මාල කඩන අය ඉස්සර හිටියේ කළුතර පැත්තේ විතරයි. දැන් හැමතැනම ඉන්නවා.
ඒ කාලෙ කෝච්චියෙත් යන්න බැහැ.. මාල කඩනවා නේද රත්තරන්?
ඉස්සර මිනිසුන් කොච්චි වල යන්ඩ බයවෙච්ච කාලයක් තිබ්බා රත්රන් දාගෙන
කළුතර පැත්තේ කෝච්චි වල මාළ කඩන එක නම් අඩුවෙලාලු.
ඒ කොයි කලේද කියල හරියට කීවානම්.
ඔය ප්‍රශ්න තියෙන්නේ පාරේ බැහැලා යන අපිටනේ සර්. ඔයාලා යන සැප වාහනවලට ඒ ගැටළු නෑනේ.