(හසිත රංග ගුණතිලක)
තරුණයන්ට දේශපාලනය කිරීමට අවස්ථාව දිය යුතු නම් සුසිල් ප්‍රේමජයන්ත වැනි වයස්ගත මන්ත්‍රීවරු දේශපාලනයෙන් සමුගත යුතු බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) කොළඹදී පැවැසීය.
පක්ෂ මහලේකම් ධූරයේ තමා සිටි කාලය තුළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය දරුණු ලෙස පරාජයට පත්වීම කණගාටුදායක තත්ත්වයක් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් දිසානායක මහතා මේ බව පැවැසීය.
එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
‘‘සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමයි මායි 2000 වර්ෂයේදී එකට පාර්ලිමේන්තුවට පිවිසුනා. දෙදෙනාගේම පාර්ලිමේන්තු දිවියට වසර 18යි.හැබැයි එතුමා මට වඩා වයසින් වැඩියි.
අපේ තාත්තටත් වඩා ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා වයස වැඩියි.සංධානයේ මහ ලේකම් ධූරය නැති වීමත් සමඟ එතුමා ගොඩක් දුක්වුණා.ශ්‍රීලංකා නිදහස් පක්ෂය මැතිවරණ 2ක් 3ක් පරදිනකොට පක්ෂයේ ජාතික සංවිධායක ධූරය එතුමා හෙබවුවා.ඒ කියන්නේ පක්ෂයේ පරාජයට එතුමා වගකිව යුතුයි.
ජාතික ආණ්ඩුව තුළ ඇමැති ධූර දරමින් සියලු වරප්‍රසාද බුක්ති විදපු ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවෙන් පිටතට ඇවිල්ලා ඉතාම පහත් ලෙස ආණ්ඩුව විවේචනය කරනවා.
එතුමා කරන සියලු ප්‍රකාශ වෛරයෙන් කරන ප්‍රකාශ.රටේ සියලු ජනතාව දන්නවා එතුමගේ ප්‍රකාශ වල ගතයුතු හරය.එතුමාගේ ක්‍රෝධය අවසන් වනතුරු අපි බලන් ඉන්නවා.මගේ තාත්තටත් වඩා ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා වයසින් වැඩි නිසා පක්ෂයේ දෙවැනි පරම්පරාව ශක්තිමත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.‘‘
2025 නොවැම්බර් මස 17
116
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
961
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2569
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තරුණයන්ට දේශපාලනය කරන්න වයස්ගත මන්ත්‍රීවරු දේශපාලනයෙන් සමුගත යුතුයි
Saththaya Thursday, 20 September 2018 05:39 AM
එහෙම වෙන්නම ඕනේ නැහැ , වයස් ගත වෙනකල් රටට සේවයක් නොකර, මුදලට, දුෂණයට සහ භීෂණයට තමන්ගේ වාසිය තකා කට පියාගෙන හිටපු සහ අනෙකුත් විදියට ඒවාට උපකාර කරපු වයස්ගත දේශපාලකයන් ( සමාජ සේවයක් නොකරපු )තවමත් හැමදාම බොරුවෙන් ඔවුන් දේශපාලනයෙන් සමුගත යුතුයි.