IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ජේ.ආර්ගේ ස්වර්ණමය යුගය එජාපයට යළි ගේනවා

(*** අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයට නැවත ජේ. ආර්. ජයවර්ධන ස්වර්ණමය යුගය ගෙන එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (17) පැවැසීය.

ආසන අටකට පසු බැස තිබූ එක්සත් ජාතික පක්ෂය නැවත හයෙන් පහක බලයක් ගැනීමට තරම් ශක්තිමක් කිරිමට ජිවය දීමට ජයවර්ධන මහතා සමත් වු බව කී රුවන් විජයවර්ධන මහතා සිදුවු වැරදි හදාගෙන පාක්ෂිකයා සමග ශක්තිමත් ගමනක් යන්නේ යැයිද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දින සමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශය කරමිනි.

පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති ජයවර්ධන පිළිරුව පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.
පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.

ප්‍රශ්නය: කරූ ජයසූරිය මහතා සමග සහයෝගයෙන් කටයුතු කරනවාද?
පිළිතුර: කරු ජයසූරිය මහතාත් පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කර තිබෙනවා. පක්ෂය ගොඩනැගීම සඳහා එතුමාගේ උපදෙස් ද අවශ්‍යයි. ගමන යා යුත්තේ සියලුම දෙනා එකතු කරගත යුතුයි.

ප්‍රශ්නය: නියෝජ්‍ය නායක තෝරා  පත්කර ගැනීම සඳහා තැබූ ඡන්දයේදී නැවත පක්ෂය දෙකඩ වුයේ නැද්ද?
පිළිතුර: පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒ අනුව නොයෙක් මතවාද ද තිබිය හැකියි. ඡන්දය තිබුණා  යැයි පක්ෂය බෙදිය යුතු නැහැ. පක්ෂය ගොඩනගා ගැනීමට නම් සියලුම දෙනා එකමුතු විය යුතුයි.

ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන මැතිවරණයට පෙර කළා නම් ප්‍රතිඵලය මීට වඩා යහපත් වන්නේ නැද්ද?
පිළිතුර: මහ මැතිවරණ ප්‍රතිඵලය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා අවස්ථා කරගත යුතුයි. දැන් බිම් මට්ටමට ගොස් යට ඉඳන් උඩට පක්ෂය ගොඩනැගිය යුතු වෙනවා. ඉදිරියේදී අතීතයේ මෙන් පක්ෂය ශක්තිමත් තත්ත්වයට ගෙන එන්න හැකිවේ යැයි මා විශ්වාස කරනවා.

ප්‍රශ්නය: 19 වැනි සංශෝධනය විසි වැනි සංශෝධනයත් සමග විසි වෙන්න යනවා නේද?
පිළිතුර: එක්සත් ජාතික පක්ෂය අනිවාර් යයෙන්ම විසි වැනි සංශෝධනයට විරුද්ධයි. මේ ගෙනෙන්න හදන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානිය වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයයි.
ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා. පාර්ලිමේන්තුවට තිබූ බලය නැවත ජනපතිට දීම සඳහා සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. එය රටේ අනාගතයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා අහිතකරයි.

ප්‍රශ්නය: විසිවැනි සංශෝධනයට එරෙහිව සටන් කරද්දී සියලු දෙනා එක වේදිකාවකට එනවද?
පිළිතුර: ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පමණක් නොව සෙසු සියලු පක්ෂ එක්විය යුතුයි. සටන් බිමට යාමට පෙර අප සැම එක් මේසයකට පැමිණිය යුතුව තිබෙනවා. එය සිදුවනු ඇතැයි මා සිතනවා.

ප්‍රශ්නය: එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරනවාද?
පිළිතුර: සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සමගත් සාකච්ඡා කරන්න මා ලැහැස්තියි. මා ඊයේ දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත්, තලතා අතුකෝරල මහත්මියටත් දුරකතනයෙන් කතා කළා. එතනත් ඉන්නේ අපේ සහෝදර මන්ත්‍රීවරුයි.

එහි සිටින ගොඩක් අය මට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඉදිරියේදී එකට වැඩ කරන්නට අපට හැකියි.

ප්‍රශ්නය: ජේ. ආර්. ජයවර්ධන අද ජීවතුන් අතර සිටියා නම් එජාපය සිටින තැන ගැන මොනවා සිතේවිද?
පිළිතුර: එතුමා අපේ පක්ෂයට විශාල ශක්තිය වූ  චරිතයයි. කම්කරු පන්තිය වෙනුවෙන් එතුමා විශාල සේවයක් කළා. ජාතික සේවක සංගමය එක් උදාහරණයක් පමණයි.

ජේ. ආර්. ජයවර්ධන මහතා අද සිටියා නම් පක්ෂය වඩාත් ශක්තිමත් කරන්න හැකි වේවි. එතුමා සිටියා නම් එක්සත් ජාතික පක්ෂය තවමත් ඉතා ප්‍රබල පක්ෂය ලෙස තිබේවි.

එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේදීත් මෙවැනි පසුබෑම්වලට ලක්ව තිබෙනවා. එක් අවස්ථාවකදී ආසන අටකට පසු බැස්සා. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ගැනීමට හැකියාව ලැබුණා.
එක්සත් ජාතික පක්ෂය පරාජයට මෙන්ම ජයග්‍රහණයන්ටත් මුහුණදී තිබෙනවා. අප පක්ෂය නැවත  දැවැන්ත සේවය රටට කළා. එක්සත් ජාතික පක්ෂය පසු බැසීම යනු ජාතික අපරාධයයි. මගේ එකම අරමුණ ජේ. ආර්. ජයවර්ධන යුගය නැවත එක්සත් ජාතික පක්ෂයට ගෙන ඒමයි.

ප්‍රශ්නය: අප සියලු පසු බැසීමට වගකිවයුත්තා කවුද?
පිළිතුර: අප සියලු දෙනාම පොදුවේ ඒ වගකීම බාරගත යුතුයි. එක පුද්ගලයකුට පමණක් ඇඟිල්ල දිගු කළ යුතු නැහැ. ජයග්‍රහණයේ අභිමානය බාර ගන්නවා වගේම පරාජයත් සියලුම දෙනා එක්ව බාරගත යුතුයි.

අප ආණ්ඩුවේ සිටින විට මගේ අතිනුත් වැරදි වුණා. පාක්ෂිකයන්ගෙන් දුරස් වුණා. කළ වැරදි හදාගෙන තවත් ශක්තිමත්ව ඉදිරියට පැමිණිය යුතුයි.

මෙහිදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය අරඹා තිබෙනවා. එහි මූලික පියවර පසුගිය දිනවලදී සිදුවුණා. ඉදිරි කාලයේදී සෙසු ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රශ්නය: පක්ෂ නායකයා පත්කර ගන්නවා යැයි කිව්වත් අවසානයේ පත් කළේ නියෝජ්‍ය නායකයා නේද?
කාරියවසම් මහතා : ඉතිරි තනතුරු තෝරා පත්කර ගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැහැදිලිවම ප්‍රකාශ වුණා. නායකත්වයේ සිට සියලු තනතුරු පූර්ණ වෙනස වේවි.

ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන කලින් කළානම්  හොඳ යයි සිතන්නේ නැද්ද?
කාරියවසම් මහතා: සමහර කණ්ඩායම් ඒ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. එකතුවී යා යුතු යැයි යන පදනමේ සිටියද ඒ අය වෙනම ගියානේ. අප එකතු වී ගියා නම් මීට වඩා ශක්තිමත් වෙනවා. කිසිවෙකුත් ජයග්‍රහණය කර නැහැ. ඡන්ද පදනම අඩු වූවා.

මහ ලේකම්ධුරයත් ප්‍රතිසංවිධානයට ලක්කර අලුත් අය පත් කර ගන්නා ලෙසට තමා ඉල්ලීමක් කර තිබෙනවා යැයිද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.



අදහස් (2)

ජේ.ආර්ගේ ස්වර්ණමය යුගය එජාපයට යළි ගේනවා

Bamunuarachchi Friday, 18 September 2020 04:08 PM

එහෙනම් මොකටද 20ට විරුද්ධ වෙන්නේ?

:       0       0

pjThursday, 24 September 2020 10:41 AM

20 ට විරුද්ධ වෙන්නේ කොන්දක් තිබෙන නිසයි. ආනන්දේ හිටිය කෙනෙකුට රට දෙන්න කඩේ ගිය කොන්ද නැති අයට කොහේද මේවා දැනෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1104 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site