(සිටිනාමළුව - අනීෂා මානගේ)
මැතිවරණයට දැන් අපි සූදානම් වෙලා තියෙනවා. අනෙක් පක්ෂ එක්කත් අපි සාකච්ඡා කරනවා. පෙරමුණක් විදියට අපි ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වනවා යැයි හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ඊයේ 3 වැනිදා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදීය.
කලාකරුවන් 150ක පමණ පිරිසක් මේ වන විට තමන් හමුවට පැමිණ සිටින බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා එම කලාකරුවන් තමන්ට සහයෝගය දීමට සූදානමින් සිටින බවත් ඒ අයගෙන් සෑහෙන පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වන බවත් සඳහන් කළේය.
මාලිනී ෆොන්සේකා, බන්දුල විජේවීර, රෝහණ බැද්දගේ මහතා ඇතුළු කලාකරුවන් හා කලාකාරිනියෝ රැසක් තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද කතාබහක නිරත වූහ. ඔවුන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.
පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇතුළු කිහිප දෙනෙක් හම්බන්තොට වරාය සිදුවීම පිළිබඳව කතා කළා. මම ඇමතිවරයටත් කතා කළා. මොකද ආබිට්රේෂන් එකක් තියෙන වෙලාවක කම්කරුවෝ එළවන්න බැහැ.
ඒත් මේ අය කම්කරුවෝ එළවලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන අදාල සමාගමටත් කතා කරලා කියන්න මේ වැඬේ කරන්න බැහැ කියලා. සමාගමට අයිතියක් නැහැ මෙයාලා එළවන්න. වරාය තමයි මේකට වගකියන්න ඕන. වරාය කියලා පොරොන්දු වෙලා තමයි මේව දුන්නේ. ඒ වෙලාවේ කිව්වා ඔක්කොටම රැකියා තියෙනවා කියලා වරාය ඇමැතිවරයා. ඔක්කොටම රැකියා දෙනව කියපු එක දැන් හාරසිය ගානකට රැකියා නැති වෙලා තියෙනවා.
සමහර තරුණයෝ විවාහ වෙන්න යෝජනා කරලා විවාහ වෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. සමහරු විවාහ වෙලා තියෙනවා. සමහරු ණය අරගෙන ගෙවල් හදල තියෙනවා. ඒකට ගෙවන්නේ කොහොමද. තරුණයෝ අද සැලැස්මක් එක්කයි වැඩ කරන්නේ. ගේ හදපු එකට ණය ගන්නේ සථිර රැකියාවක් තියෙනවා කියන විශ්වාසය අනුව.
ඒ විශ්වාසය නැති වෙලා ගියාම මේ අය ඉතාම අනාථ තත්ත්වයට පත් වෙනවා. මේවට ආණ්ඩුව වග කියන්න ඕනෑ. කම්කරු ඇමැතිවරයා ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම රජය වහාම මැදිහත් වෙලා මේ හාරසිය ගානට නැවත රැකියා ලබා දීමේ වැඩපිළිවෙලකට යන්න ඕන.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය දිය යුත්තේ උගත් සැබෑ දේශපාලනඥයින්ටයි. අනෙකුත් වෘත්තීන් වල සිටින අය ඒ ඒ වෘතීන්වල කටයුතු නිසි අයුරින් කිරීම ප්‍රමාණවත්.
මෙයාට ඡන්ද ළඟ එනකොට හැම එකම මතක් වෙනවා. ඡන්දෙ ගන්න ඕනෙ දෙයක් දෙයි.
මාලිනී ෆොන්සේකා, බන්දුල විජේවීර, රෝහණ බැද්දගේ කියන්නේ දේශපාලනය පිළිබද හසල දැනුමක් ඇති, හොඳ තරුණ ජවයක් ඇති රටට යමක් කළ හැකි තත්වයක සිටින අයද?
කලාකරුවන් 150ක පමණ පිරිසක් මේ වන විට තමන් හමුවට පැමිණ සිටින බව සඳහන් කරලා තියෙනවනේ. 150 ටම නාමයෝජනා දුන්නනම් හරි. රට සුරපුරයක් වෙයි. නියම දේශපාලන දර්ශනයක් රටට කියලා දෙයි. නොදකින් මෙහෙම රටක ඉපදුනානේ අම්මපා....
අප්පච්චියේ කලාකරුවන් 150 ක් ආවනම් ඉතිං තව මොනවද ? නියමෙට කරයි රට. මේක මාර රටක්. දේශපාලනඥයෝ ඉන්නේ පන්සල් වල. හාමුදුරුවරු ඉන්නේ දේශපාලන වේදිකා වල. කලාකරුවෝ ඉන්නේ පැරදුණු මහා පරිමාණ දූෂණ චෝදනා තියෙන දේශපාලනඥයෝ ලඟ.
දේශපාලන අන්ධ භක්තියෙන් දෑස් වැසුනාම සත්‍ය පෙනෙන්නේ නැහැ. අනේ ඇයි අපේ අය දේශපාලනය කරනවා යයි කියලා... එක එක පුද්ගල චරිත පිටුපස වන්දනාවේ යන්නේ. කිසියම් පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ ප්‍රත්පත්තිවලට ඡන්දය දෙන රටක් කවදා නම් බිහිවේවිද?
අපෝ ඔව් ඉන්නවා වාසියට කඩේ යන්න ඉන්න. කලා කාරයෝ පිරිලා ලංකාවේ. උපදේශකයෝ වගේම කුලියට කරන අය. එ්කනේ පසුගිය ආණ්ඩුවෙන් හමුදාවේ වැඩ කලා කියලා පින් පඩි ගත්තු ගායකයෝ, නළුවෝ ඉන්නේ.
මේ අය හිතන් ඉන්නේ රටේ බහුතරය රට තණකොල කන අය කියලයි. රඟපාන්නත් අමාරුයි, සින්දු කියන්නත් අමාරු 60-70 පැන්න කලාකරුවන්ව දේශපාලනයට ආඳාගන්නයි හදන්නේ. ඒ මිනිස්සු අමාරුවෙන් හදාගත්තු නමත් නැතිවෙනවා මේ වැඩෙන්. බැරි වැඩ නොකරන් අබරෝ කියලා අපිට නම් ඒකාලේ අපේ කිරි අම්මලා කියලා දිලා තියෙනවා.
මෙසිරිලකේ වැඩිපුරම දේශපාලනය කරන්නේ කතා කරන්නේ හාමුදුරුවොයි කලාකරුවොයි. ඒකනේ මෙහෙම රටට හෙන ගැහිලා තියෙන්නේ. පාන්කිරිත්තා ගීතය මතක් වෙනවා... තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය....
යහපත්, ගුණවත් පුද්ගලයන්ටයි අවස්තාව දියයුතු වන්නේ. ඒ කෙනා කලාකරුවෙක්ද, ගුරුවරයෙක්ද, මේසන් බාස් කෙනෙක්ද නෙවේ. වැදගත් පොදු ජනතාවගේ නායකයෙක් වීමයි.
පසුගිය ඡන්ද වලදී කඩේ ගිය සෙට් එක වෙන්න ඇති.
තව හොර රෑනක් හදාගෙන ඇවිල්ලා ආයේ රට කන්නද හදන්නේ? කොහොම ආවත් වලිගේ හිටන් ගොම ගාගෙන පරාද වෙනඑක තමා වෙන්නේ. මිනිස්සු ඡන්දෙ පාවිච්චි කරන්නේ බුද්ධිමත්වයි. හරක් වගේ නොවෙයි.
කලාකාරයෝ කලිනුත් හිටියා. මොනවද කෙරුවේ ජනතාවට. නමුත්, ජනතාවගේ මුදලින් පින් පඩි ගන්නවා.
මමනම් කවදාවත් කඩේ යන්නේ නැහැ.
පහුගිය කාලේ ජනාධිපති උපදේශක කම් එහෙම ගත්තු කලාකරුවො හිටියා. පඩිය මාසෙට ලක්ෂ ගානක් සහ වෙනත් වරප්‍රසාද. තව කලාකරුවො සෙට් එකක් හිටියා තමන්ගෙ කලාව දේශපාලඥයින්ට විකුනලා කෝටි ගනන් හරි හම්බ කරගත්තු. තව සෙට්ක එක් හිටියා නොමිලයේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය. යන්තම් වසර 5 ක් පුටු රත් කරලා අපේ සල්ලි කාලා දැනි හොඳ විශ්‍රාම වැටුපකුත් ගන්නවා. මෙහෙම තමයි මේ අය රටට සේවය කරන්නේ.
මේකට බේතක් කියකෝ මුත්තේ.
කළා කාරයෝ කියන උදවිය කුලියට අඬන සිනාසෙන වෙනත් ශාරීරික කර්තව්‍යයන් කිරීමට නිපුනත්වයක් ඇති හපන්නු තමයි. හැබැයි හිටපු ජනපති තුමාට උවමනා කර තියෙන්නේ එහෙම අය මයි. මේක නියම වැඩක්. හොඳ නැටුමක් සංදර්ශනය කරන්ට ලෑස්ති වෙන හැඩයි
ජැක්සන් ආවේ නැද්ද?
ඔය දේශපාලනය ගැන අල්ප මාත්‍රයක්වත් දන්නේ නැති කළාකාරයෝ තමයි පාර්ලිමේන්තුවට නුසුදුසු අය ගෙනාවේ ..මතකනේ අර රුපවාහිනී සාකච්චාවක එක මන්ත්‍රීවරියක්(උපේක්ෂා) 13 වෙනි ව්‍යවස්තාව විග්‍රහ කරපු හැටි ..තවත් උන්වගේ උන්ව ගෙනල්ල රට අගාදයට දාන්නයි හදන්නේ............
නළුවා වුනත් රන්ජන් රාමනායක රටට යමක් කරනවා. හොරු ගැන බය නැතුව හෙලි කරනවා. හොරුන් සමඟ උරෙන් උර ගැටෙනවා. උසාවි යනවා. අහිංසක මැදපෙරදිග දුනක් විදින ජනතාව වෙනුවෙන් වැඩක් කරනවා නිහඩවම.
නියම කලාකරුවෝ දේශපාලනය නොකරයි ..... දේශපාලනයට කඩේයන්නෝ කලාකරුවෝ නොවෙති .
නියම කලාකරුවෝ දේශපාලනය නොකරයි. දේශපාලනයට කලාකරුවෝ නොසුදුසුයි.
දේශපාලනයට කඩේ යන්නේ කලාකරුවෝ නොවෙති .
නියම කළා කලාකරුවෝ දේශපාලනය නොකරයි සමහර කලාකරුවන්ට වෙලාතියෙන්නේ කුම්බලා මාළු කැවානම් දුක් විදපක් බළලෝ කියන වැකියයි .
අනේ මොනවා කරන්නද අර රුප පෙට්ටියේ ,මුණ ටිකක් පෙනුණාම මුන් මහා ලොකු කලාකාරයෝ ,මුන් හිතන් ඉන්නේ හරි පොරවල් කියාලා,අනික මට කියනවද මුන් ආව කියාලා රටට මොනවාද ඇති සෙතේ ,අනේ මේ පගර නාට්ටෝ ටිකක් අාව කිවම හිතනවා ඇති , රටේම ජනතාව ඉන්නේ මුන් රැල පස්සේ කියාලා මේක මාර වැඩක් නේ ,එහෙනම් අපිත් එනවා විදේස රටවල ඉදලා .,මොනවා කරත් වහල කැමති නැහැ වහල් කමින් මිදෙන්න ,මුන් රැල කලාවත් කාල දැන් රටත් කන්න දගලනවා වගේ ,
මෙයා ළඟ ගිය පාරත් කලා කරුවෙක් හිටියා, අර 13 සහ 17 ව්‍යවස්ථාව සංශෝදන ගැන ජනතාවට හොඳ අවභෝදයක් දුන්නේ, මේ ගේන අයත් ඒවගේ හොඳට කරාවී.
කලාකරුවන් හෝ කවුරු ඡන්දය ඉල්ලුවත්, දිනපු දවසේ ඉඳලා මුදල් හම්බ කිරීම තමයි මුලික අරමුණ. ජනතාවට කිසිදු සරණක් නැත. අපි බලය දෙනවා වසර ගණනක් හොරකම් කරන්න බලපත්‍රයක්. අඩුවෙන් හොරකම් කරන කෙනාට ඡන්දය දෙන්න.
මාලනී ෆොන්සේකා මහත්මිය ඉල්ලන්නේ මොන ප්‍රාදේශීය සභාවටද? දැනගන්න කැමතියි.
ෂුවර් එකටම 2008 සිට හමුදාවෙන් වැටුප් ලබන කට්ටිය වෙන්න ඕනෑ.
ඔයවගේ කලාකාරයෝ තව ටිකක් වැඩිය දාගන්න. ආයේ ගොඩ ඒමක් නැහැ.
විරුද්ධ කණ්ඩායමක් ලෙස ඔබ ඉදිරි අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩ පිළිවෙලට ඔබට අවශ්‍ය වන්නේ කලාකරුවන් නොව කලහකරුවන්ද?.
අනේ අපොයි... හිටපු ජනාධිපතිතුමා මේ මොනවද කියන්නේ? ලැජ්ජාවේ බෑ ...