(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු හෝ මහා බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් වැරදිකරු යැයි තීරණය කර තිබේනම් එය වහා මාධ්‍යට ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
ජනාධිපති කොමිෂන් වාර්තාවේ නැති කරුණක් ගැන වැරදි ප්‍රචාර දී දේශපාලන ප්‍රතිරූපවලට ප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කරන්නේ ඇයි දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඕපාදුප කතා නොකරන තමා වැනි දේශපාලකයන්ගේ කට පාවිච්චි කරගන්නට ලෑස්ති නොකරන්නැයි ද තමා හරියට යමක් කිව්වොත් එදාට සයනයිඩ් කරලක් කටේ ගහගන්නට සිදුවන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
කොළඹ අරලියගහමැදුරේ පැවති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධනමහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු දැනගැනීමේ පනත අනුව මේ ගැන ජනතාවට දැන ගැනීමට හැකියැයි සිතනවා. එනිසා බැඳුම්කර වංචාවට සම්බන්ද සියලුදෙනාගේ නම් ප්‍රසිද්ධ කරන්න
ඔව් ඔව් සුන්දර මූනෙන්ම පේනවා හරිම අවංක බොබිලෙක් කියලා.. මේ දීකිරි ගැන "රචනා ගායන" කරන්නේ කියලා...
අපි වැරදි කාරයෝ නෙවෙයි...... අර්ජුන දුන්න සල්ලි ගත්තා විතරයි... ඒකට අර්ජුනව සොයා ගන්න....
රට කාලා කාලා තවත් කෑගහනවා. දැන් ඔයාලගේ කාලය ඉවරයි, ඔයගොල්ලෝ දැන් හරියට එක්ස්පයර් වුන මාළු ටින් එකක්වගෙයි. කුණු බක්කියට දමනවා. වාර්තාව ඕනේ නැහැ, බැඳුම්කරේ මහා හෝරාව ගෙනාවේ අපිද.
මෙයා තොත්ත බබෙක් රටේ සිදුවන දේවල් ගැන මෙයාට දැතුමක් නැත මේ වගේ මන්ද බුද්ධික අය අනාගතයේ පාර්ලිමේන්තු නොයවමු
මේ ගැන අපි හොඳට දන්නවා. අ.පො.ස (සා/පෙළ) විභාගය හතර පාරක් කරලත් පාස් වෙන්න බැරිවුණා. පස්සේ වෙනකෙනෙක් වැඩිකරලා තමයි.. පස්වෙනිපාර පාස් වුනේ කියන්නේ.. රුපියල් කෝටි 160ක් දීලා අපාර්ට්මන්ට් ගත්තු හැටි කිව්වනම් ඔක්කොම එළිවෙනවා.
බැංකු මංකොල්ලය නම් ඉතිහාස පොතේ ලියවිලා ඉවරයි. ඔය වැඩේට සම්බන්ධ හැමෝම උපදින ආත්මයක් පාසා ගවයාගේ ශරීරයේ තිබෙන රෝම ගාණට ඉපිද ඉපිද ශරීරයෙන් පොලියත් සමග වන්දි ගෙවිය යුතුයි.
දෙන්නද සූප්පුවක් බබාට?
ජනාධිපති වාර්තාව මුළුමනින් එළියට දාන්නේ නැත්තේ මොකද? මොකටද මේ වගේ කොමිෂන් දාන්නේ මහජන මුදල් වියදම් කරලා...
මහා බැංකුව බින්දේ මහජනතාව .