IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇතැම් දේශපාලන බලවේග බලාගෙන ඉන්නේ අපේ ජාතිය හොඳ නැතැයි ලොවට හඬගා කියන්නයි

මහනුවර සුළු  සිද්ධිය මහා සිද්ධියක් දක්වා දුරදිග යාමට ඉඩ හැරීම නිසා මහ බැංකුවේ බැඳුම්කර වංචාව, බඩුමිල ඉහළ යාම වැනි ආණ්ඩුවේ ප්‍රශ්න ජනතාවගේ සිත් සතන් තුළින් ඈත් කිරීමට තරම් සමත්වුණා. මේ සිද්ධියත් සමඟ ජනතාව කතා කළේ ආණ්ඩුවේ ප්‍රශ්න ගැන නෙමෙයි, මහනුවර සිද්ධිය ගැනයි.

මහනුවර වූ සිද්ධියෙන් ලොකු විනාශයක් වුණා. ඒ වූ පොඩි සිද්ධිය විසඳීමට වගකිවයුත්තන් ක්‍රියා නොකිරීම නිසා එය මහා සිද්ධියක් දක්වාම වර්ධනය වුණා. එය රටේ ලොකුම ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණා. මේවා ඒ විදිහට වර්ධනය වුණේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ යැයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (11) පස්වරුවේදී ඇල්පිටිය නවදගලදී පැවසීය.


  ඔහු මේ බව පැවසුවේ ඇල්පිටිය නවදගල ශ්‍රී ශිලාලේඛනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම, සංඝාවාසය, ධාතු මන්දිරය බුදු මැදුර විවෘත කිරීමේ පින්කමට සහභාගී වෙමිනි. 

ව්‍යාපාරික ඩී. ප්‍රියංක පුෂ්පකුමාර මහතාගේ ධන පරිත්‍යාගයෙන් චෛත්‍ය ඉදිකර ඇත. එහිදී කතාකළ රාජපක්ෂ මහතා මෙසේද කීවේය. 

ඇත්තටම තරුණ ව්‍යාපාරිකයකු තමන්ගේ ගමේ පන්සලේ චෛත්‍යයක් ඉදිකිරීම ලොකු දෙයක්. ලොකු පින්කමක්. ඒ තරුණයා කරපු සමාජ සත්කාරක සේවා පිළිබඳව මම අසාගෙන සිටියා. හැබැයි වැරදිලාවත් ඒවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇහුණානම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මුදල් තියෙන අය අනුන්  වෙනුවෙන් යමක් කරනවා කියන්නේ ලොකු කාර්යයක්. සල්ලි තිබුණට වැඩක් නැහැ. දානයක් දෙන්න හිත නැත්නම්.

සමහරුන්ට මුදල් ඕනෑතරම් තියෙනවා. ඒත් අනුන් වෙනුවෙන් දෙයක් කරන්න හිත දෙන්නේ නැහැ. ඒක ලොකු පාපයක්. ඇති හැකි අය නැති බැරි අය වෙනුවෙන් යමක් කරනවා කියන්නේ ඒක ලොකු පිනක්. මේ චෛත්‍යය ඉදිකළ ප්‍රියංක පුෂ්පකුමාර මහතා ගැන මම ආඩම්බර වෙනවා. මම එතුමාට සුබ පතනවා. ඔහුගේ සියලු කාර්යයන් ප්‍රාර්ථනාවන් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

කොටුගොඩ ධම්මාවාස අපේ නායක හාමුදුරුවෝ චෛත්‍යය ගැන හොඳ දේශනයක් කළා. එයින් අපිට හොද දැනුමක් ලැබුණා. ඒ වෙනුවෙන් මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ චෛත්‍ය ගැන ජනතාව නොදන්නා බොහෝදේ ගැන  එහිදී කියවුණා. 

මහනුවර ඇතිවුණේ සුළු සිද්ධියක්. ඒක ඒ අවස්ථාවේදී විසඳන්න මේ පාලකයින්ට බැරිවුණා. ඊට හේතුව මොකක්ද කියලා කියන්න දන්නේ නැහැ. මේ නිසා මේ සිද්ධිය මහා ලොකු සිද්ධියක් දක්වාම වර්ධනය වුණා. මේ ප්‍රශ්නයෙන් මුළු ලංකාවම කලබල වුණා. ආයෙත් සැරයක් ලංකාවට කළුපැල්ලමක් එක් කිරීමට  එය හේතුවක් වුණා. ඇතැම් විදේශීය බලවේග බලාගෙන ඉන්නේ අපේ බෞද්ධයින් හොඳ නැති අය බවට ලෝකයටම හඬගා කියන්න.

ඔවුන් නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් කැපවෙලයි ඉන්නේ. එහෙම වකවානුවක මේ වගේ සිදුවීම් අපේ රටට ඒතරම්ම හොඳ නැහැ. ඇත්තටම මහනුවර සිද්ධිය ගැන අපි කනගාටු වෙනවා.  ඔය සිද්ධිය ඔයතරම් දුරදිගේ ගියේ අදාළ වගකිවයුත්තන් වගකීමෙන්  වැඩ නොකළ නිසයි. ඔවුන් ඒ වෙනුවෙන් යමක් නොකළ නිසයි. නැත්නම් ඔය පොඩි සිද්ධියක් ඔච්චර දුරදිග යන්නේ නැහැ.

එකෙන් වුණේ මහා බැංකු බැඳුම්කර වංචාව, බඩුමිල ඉහළ යාම, වැනි ජාතික ප්‍රශ්න ජනතාවගේ මතකයෙන් ඉවත් වීමයි. ඒ වගේම මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ලබාගත් මහ ජයග්‍රහණය ගැන ජනතාවට අමතකවීමට තරම් හේතුවක් වුණා. එදා ඒ දේවල් ගැන කතා කර කර හිටිය ජනතාව අද කතා කරන්නේ මහනුවර සිද්ධිය ගැනයි.

මහනුවර සිද්ධිය එතරම්ම ප්‍රබල දෙයක්වුණා. ඒගැන ජනතාව කලබල වුණා. ජනතාවට මෙය ලොකු ගැටලුවක් වුණා. රටේ නිර්මාණය වෙලා තිබුණු ජාතික ප්‍රශ්න මොහොතකට ජනතාවට අමතක වෙන්න තරම් එය හේතුවක් වුණා. මහනුවර සිද්ධිය ඕනෑකමින් දුරදිග ගියාද කියන එකගැන අපි දන්නේ නැහැ. නැත්නම් සුළුවෙන් විසඳගන්න පුළුවන්කම තිබුණු මේ සුළු සිද්ධිය මහා ලොකු සිද්ධියක් තරම් දුරදිග යන්නේ නැහැ. මහනුවර සිද්ධියෙන් ලොකු විනාශයක් අපේ රටට සිද්ධ වුණා.

අපිට හොඳ ඉතිහාසයක් තියෙන ජාතියක්. අපේ ජාතිය අන්‍ය ආගම්වලට මෙන්ම අන්‍ය ජාතීන්ට ගරුකරන ජාතියක්. නැත්නම් මෙච්චර කාලයක් ලංකාවේ විවිධ ප්‍රදේශවල අන්‍යජාතීන් එක්ක, අන්‍ය ආගම්වල අයත් එක්ක කොහොමද එකට ඉන්නේ, කොහොමද එකට වැඩ කරන්නේ. අපේ රටේ මිනිස්සු බොහොම සංවේදී අයයි. ඕනෑම ජාතියකගේ ඕනෑම ආගමිකයකුගේ දුකේදී දුක්වන ජාතියකුයි ශ්‍රී ලංකාවේ ඉන්නේ.

ඒත් හැබැයි ඇතැම් විදේශීය බලවේග බලාගෙන ඉන්නේ අපේ ජාතියේ අය හොඳ නැති ජාතියක් බවට රටටම හඬගා කියන්න. මේ රටේ මේ ශ්‍රී ලංකාවට තියෙන ගෞරවනීය තැන නැති කරන්නයි ඔවුන් හැම තිස්සෙම අර අඳින්නේ. එහෙම වට පිටාවක මෙවැනි සිදුවීම් ඒ අයට උඩගෙඩි දීමක් වෙනවා.

රුපියල් කෝටියක් පමණ වැය කරමින් චෛත්‍යය ඉදි කිරීමට දායක වූ දානපති ඩී. ප්‍රියංක පුෂ්පකුමාර මහතා  සභාව අමතමින් මෙසේ කීවේය.

මම මේ ඉදිකළේ හත්වැනි චෛත්‍යය. මේ වෙනුවෙන් රුපියල් කෝටි හතක් පමණ වැයකර තිබෙනවා. පන්සල්වලට සංඝාවාස දාහතරක්  ඉදිකරලා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගාණක්  වැය කළා. තිස් හය දෙනෙකුගේ බයිපාස් සැත්කම් සඳහා රුපියල් කෝටි ගාණක මුදල් වියදම් කළා ඔයවගේ පන්දහස් හයසිය දෙනෙකුට රෝදපුටු දුන්නා. හයසිය දෙනෙකුට එකවර අක්ෂි කාච හයසීයක් අරන් දුන්නා. මගේ මුදලින් මේ වගේ පින්කම් රාශියක් මම කළා.

 කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නාහිමියෝද විහාරාධිපති නවදගල උපාලි හිමියෝ මෙහිදී  උත්සව සභාව ඇමතුහ.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ. මොහාන් පී.ද. සිල්වා දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරළ දුල්ශාන් කාරියවසම් යන මහත්වරු ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළුව විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ කහදූව චන්ද්‍රපාල ගුණවර්ධන



අදහස් (0)

ඇතැම් දේශපාලන බලවේග බලාගෙන ඉන්නේ අපේ ජාතිය හොඳ නැතැයි ලොවට හඬගා කියන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31322 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13534 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site