IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


පුංචි ඡන්දෙන් පසු ජාතික ආණ්ඩුව ගැන තීරණයක්

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට අද(24) පැවසීය.

පළාත් පාළන මැතිවරණයේ කටයුතු අවසන් වූ විගස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වී තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

දෙසැම්බර් 31 වනදාට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණද පළාත් පාළන මැතිවරණයට මුලික අවධානය යොමු කිරීම හේතුවෙන් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම පසුවට කල්තැබූ බවද ඔහු පැවසීය.

ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට දෙසැම්බර් 31 වනතෙක් ආණ්ඩුවේ රුදී සිටින ලෙසත් ඉන්පසුව තීන්දුවක් ගන්නා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.

 



අදහස් (15)

පුංචි ඡන්දෙන් පසු ජාතික ආණ්ඩුව ගැන තීරණයක්

Raveendra Sunday, 24 December 2017 12:55 PM

මොකද පැණි වරකාවට කොල්ලෝ කුරුට්ටෝ අලවංගුවෙන් වත් ගහලද?

:       0       236

de silva Sunday, 24 December 2017 08:40 PM

ඇස්බැස්ටෝස් තහනම, පොලිතින් තහනම , ඡන්දෙට කලින් පසුගිය ආණ්ඩුවේ සිටි හොරුන්ට දඩුවම් කිරීමට ගත්ත තීන්දුව , ශ්‍රීලනිපයේ විනය කඩන සාමාජිකයන්ට දඩුවම් කිරීමට ගත් තීන්දු වගේ සිරිසේන මහතය ගත්ත කලින් තීන්දු වගේ මේ තීන්දුවත් අර අධිකරණයේ තිබෙන ඉඩම් නඩු වගේ දින නියමයක් නොමැතිව කල් යනවා සිංහල ප්‍රස්ත පිරුලක් තිබෙනවානේ " බාලගිරි දෝෂය අද නො වේ හෙට " කියලා.

:       0       258

Rohana Monday, 25 December 2017 07:43 AM

ඔබතුමාලා දේශපාලනයෙන් සමුගත්ත දවසට රටට හොදකලක් උදා වේවි..........

:       0       308

Kalu Monday, 25 December 2017 07:52 AM

පළාත් පාලන ඡන්දෙන් පස්සේ පළාත් සභා ඊට පස්සේ මහා මැතිවරණෙන් ඊට පස්සේ ජනාධිපතිවරණය..... කාවද මේ රවටන්න හදන්නේ.... ඇත්තටම පිස්සු.

:       0       90

Sunil Monday, 25 December 2017 08:25 AM

අපිට නම් දැන් කා ගැනවත් බලාපොරොත්තුවක් නැහැ. අපි ලොකු බලාපොරොත්තු තියාගෙන සිටියා මේ සමගි ජාතික රජය ගැන. දැන් නම් ඒ සැම දෙයක්ම සෝදා පාලුවට ලක්වෙලා. දැන් නම් කවුරු ආණ්ඩු හැදුවත් අපිට තව බලාපොරොත්තු වෙන්න කිසිවක් ඉතිරි වී නැත.

:       2       219

de silva Monday, 25 December 2017 09:47 AM

ඔබතුමා ඇතුළු පාර්ලිමේන්තු සගයන් ගෙන් වැඩි හරියක් දැනට දශක කිහිපයක් සිට පාර්ලිමේන්තු මන්ත්‍රීකම්, ඇමතිකම් දරණවා නමුත් රටේ ආර්ථිකය අවුරුද්දෙන් අවුරුද්ද පිරිහෙනවා , මොන ආණ්ඩු හැදුවත් අන්තිමට එහි ලොකු පුටුවල ඉන්නේ ඔබතුමා වැනි පුද්ගලයන් නම් රටේ ප්‍රගතියක් බලාපොරොත්තු විය නොහැක.......තරුණ කාලෙ කරන්න බැරිවුණා වැඩ හැට පැන්නට පස්සේ කරන්න බැරිය. ආණ්ඩුවේ නම වෙනස් වුනාට එකේ තිබෙන්නේ පරණ ඔළුගෙඩි ටික නම් පලක් නැත කරුණාකර විශ්‍රාම යන්න..........

:       0       513

PerakumMonday, 25 December 2017 10:07 PM

සියලුම දේශපාලකයින් විශ්‍රාම ගන්වා රටට ආදරය කරන හොඳ දැක්මක් ඇති ඒකාධිපති පාලකයෙක් දැන් රටට අවශ්‍යයි. වෙනත් කිසිදු විකල්පයක් ඉතිරිවී නැත. මියන්මාරය උදාහරණයකි.

:       18       117

athuraWednesday, 27 December 2017 12:17 PM

මියන්මාරයේ තියෙන්නේ ඒකාධිපති පාලනයක්ද?

:       0       0

සනත් ඉන්දික Monday, 25 December 2017 02:40 PM

2020 වෙනකල් මෙයාලට බාලගිරිදොසේ.........කවුද අප්පා අකමැති වරදාන වරප්‍රසාද අතාරින්න ..........මහජන බදු මුදල්වලින් සුරසැප විඳින්නෝ

:       0       66

de silva Monday, 25 December 2017 10:40 PM

ශ්‍රී ල නි ප , එජාප , ඒකාබද්ද විපක්ෂය යන කණ්ඩායම් තුනම පසුගිය අවරුදු 2 1/2 ම ගතකලේ තම දේශපාලන බලය සහ තම අදායම් මාර්ග රැකගැනීමටය . ඔවුන් ජනතාව මුලා කරන්න බොරු දේශප්‍රේමයක් මවා පාමින් සුරඟන කතා කිවුවට අපි රැවටෙන්න නරකය , කාලයක් විපක්ෂයේත් , කාලයක් පාලන පක්ෂයේ භූමිකාව රඟපෑවත් එකම නළුවන් බව අප පිළිගත යුතුය , ඔවුන් ගෙන් 90% දේශපාලනයට පැමිණෙන කොට තිබුන දෙපලත් දැන් තිබෙන දෙපලත් සන්සන්ධනය කරනකොට පරතරය ඩොලර් කොටි කිහිපයක් බව පැහැදිලිව පෙනෙනු ඇත .

:       0       330

de silva Monday, 25 December 2017 10:44 PM

ඉස්සර එක ජෝන් බාස් කෙනෙක් විපක්ෂේ ඉන්න කොට අනිත් ජෝන් බාස් පාලක පක්ෂේ සිටියේය , දැන් ජෝන් බාස්ල දෙන්නම කැබිනෙට්ටුවේ සිට රට පාලනය කරති , එම නිසා මුළු රටම "ජෝන් බාස්ට " ගොස් ඇත.

:       0       288

Chandra Tuesday, 26 December 2017 03:52 PM

ලංකාවේ දේශපාලනය කරපු අය තමන්ට යමක් කරගත්ත මිසක් රටට කලේ මොනවාද ? අන්තිමට අවසාන මොහොත වනවිට, පක්ෂ පාට නොබලා රට ගැන හිතමු කියල නේද බොහෝ දෙනෙක් පාරට බැස්සේ ? කොහොම හරි බලන්නේ ඡන්දය ගන්න විතරයි. මේ රටට සියලු දෙවි පිහිටයි!

:       0       424

lalindra Wednesday, 27 December 2017 09:54 AM

ඒ පැත්තට හැරුණොත් එහාට පනිනවා. මේ පැත්තට පෙරළුනොත් මෙහාට වෙලා ඉන්නවා. කොහොම හරි මහීපාල එක්ක බිස්නස් එක කරගෙන යන්න බලය විතරයි... ඕනේ නැද්ද මම අහන්නේ?

:       0       56

Prasa Wednesday, 27 December 2017 09:17 PM

මේ දේශපාලකයෝ ඔක්කෝම කරන්නේ උන්ගේ ජාමේ බේරගන්න එකයි... රටට හෙණ ගහලා ගියත් කමක් නැහැ.. හරියට වැඩක් කරන්නත් බැහැ...රට දියිණු නොවී එකතැන පල් වෙනවා......මේ අයට ප්‍රතිපතිතියක් නැහැ.. ඡන්දේ තිබිබට පස්සේ පක්ෂ එකතු කරන්න වැඩේ ඇත්තටම.... ඡන්ද දායකයන්ව රුවටීමක්...

:       0       2

Chandadaayaka Thursday, 28 December 2017 06:05 AM

රටට මොක වුනත් මොකෝ, අපේ හතරවරිගයට වැඩක් වෙනවනම්. කන්න ලැබෙනවනම් බොන්න ලැබෙනවනම් තව මොනවද ඕන කියන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දේශපාලන අර්බුදය 2018

ශ්‍රීලනිපය සහ එජාපය පෑලියගොඩ බලය පිහිටුවන්න යයි
2018 මාර්තු මස 21 5291 6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.


එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක
2018 මාර්තු මස 14 2812 15

පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක


ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි
2018 මාර්තු මස 08 5039 19

රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැ


ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල
2018 මාර්තු මස 07 3245 38

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම


රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි
2018 මාර්තු මස 06 7513 1

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.


’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර
2018 මාර්තු මස 06 5008 39

මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1638 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 708 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site