IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


වලසුන්ට පැරදී වෙඩි තබාගත් බව කී පුද්ගලයාගේ මරණය ඝාතනයක්

අම්පාර ඉඟිණියාගල පොලිස් බල ප්‍රදේශයට අයත් මුල්ලේගම ගම්මානයේදී ඉකුත් 08 වැනි දින සිවිල් ආරක්ෂක භටයෙකු දේශීය ගිනි අවියකින් වෙඩි වැදී මියගිය සිද්ධියක් වාර්තා විය.   


‘‘වලස්සු තුන්දෙනෙක් කාලා ඒකේ හිතේ අමාරුවට වෙඩි තියාගෙන’’ සමහරු පවසන්නට වූහ. මුල්ලේගම ගම්මානයේ කැලෑ ප්‍රදේශයට යන මාර්ගයක හේනක පැලක මියගිය රවින්ද්‍ර තුසිත කුමාරගේ දේහය තිබු අතර ඔහුගේ දේහය අසල දේශීය නිෂ්පාදනයක් වන කොටන තුවක්කුවක් විය. වෙඩි ප්‍රහාරය වැදීම නිසා මරණකරුගේ මුහුණට දැඩි ලෙස හානි වී තිබුණි.   


ඒ අසල බිම සිමෙන්ති පොළොවේ අඟුරුවලින් සටහනක් දමා තිබිණි. වලස්සු තුන්දෙනෙක් එක්ක පොර බැදුවා. මම පැරදුණා මීට සතුට’’ අඟුරුවලින් ලියා තිබිණි.   


මේ පුවත මුල්ලේගම ගම්මානය පුරාම පැතිර ගිය අතර විශාල පිරිසක් එය බැලීමට එක් රොක් වන්නට විය. මේ අතර මියගිය අයගේ ඥාතියෙක් ද මෙම මරණය බැලීමට ගියේය. ඔහු මියගිය අයගේ සහෝදරයෙකි. ඔහු නමින් එච්.එම්. වසන්ත කුමාරය. ඔහු මේ පිළිබදව රත්මල්ගහඇල්ල පොලිස් මුරපොළට පැමිණිලි කළ අතර රත්මල්ගහඇල්ල පොලිස් මුරපොළින් මේ පිළිබඳව ඉඟිණියාගල පොලිසියට දැනුම් දුන්නේය.   
එදින ඉඟිණියාගල පොලිස් ස්ථානාධිපති බර්ටි උඩුකුඹුර මහතා අධිකරණ කටයුත්තක් සඳහා නිවාඩු ගොස් සිටි අතර වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලැබුවේ කාන්තා පොලිස් පරීක්ෂක දයානි ගමගේ මහත්මියයි.   


ඇය මේ පිළිබඳව නිවාඩු ගොස් සිටින ස්ථානාධිපති බර්ටි උඩුකුඹුර මහතාට සහ අම්පාර සහකාර පොලිස් අධිකාරි දර්ශන සමන් සුරියආරච්චි මහතාට ද අම්පාර කොට්ඨාස පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාට ද දැනුම් දුන්නාය. පසුව ඉඟිණියාගල පොලිසියේ උප පොලිස් පරීක්ෂක රෝහණ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මුල්ලේගම ප්‍රදේශයට යැවීමට කටයුතු ක​ෙළ්ය.   


පසුව ඉඟිණියාගල පොලිසියේ නිලධාරින් විසින් මියගිය රවින්ද්‍ර තුසිත කුමාරගේ දේහය අම්පාර මහ රෝහලට ගෙන යනු ලැබීය. අම්පාර මහ රෝහලේදී මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද්දේ අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ නිලධාරී රුචිර නදීර මහතා විසිනි.   


මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය විශේෂඥ නිලධාරී රුචිර නදීර මහතා- මෙම මරණය සිදුව ඇත්තේ මුහුණ පෙදෙසට සහ හිසට වැදුණු වෙඩි පහරවල් දෙකක් නිසා බව නිගමනය කරනු ලැබිය.   


මියගිය රවින්ද්‍ර තුසිත කුමාරගේ නිකට ප්‍රදේශයෙන් එක් වෙඩි පහරක් වැදී එය මුහුණේ දකුණු පසින් එළියට ගොස් ඇති අතර අනෙක් වෙඩි පහර හිස් මුදුනින් ඇතුළුව මුහුණ ප්‍රදේශයෙන් පිටතට ගොස් තිබේ. හිසට වැදුණු වෙඩි පහරින් ඔළුවට සිදුවූ බරපතළ තුවාල නිසා මෙම මරණය සිදුව ඇති බව නිගමනය කරනු ලැබීය.   


මරණ පරීක්ෂණයට පෙර මෙම මියයෑම පිළිබඳව විවිධ කතා නිර්මාණය වෙමින් තිබිණ. මියගිය ස්ථානයේ සිට කිලෝ මීටර් නවයක් පමණ දුරින් වලසුන් තිදෙනෙක් සමග මියගිය රවින්ද්‍ර තුසිත කුමාර පොර බැදූ බවද එම ස්ථානයේ ලේ සලකුණු තිබුණ බවද එක් කථාවකි.   


එම ස්ථානයේ පොලිසිය පරීක්ෂණ මෙහයවීමේදී ලේ පැල්ලම් සහ ඒ අසල කැලෑව පොඩිවී ඇති බවද දැක ඇති අතර එම ස්ථානයේ සිට කිලෝමීටර් නවයක් දුර පැමිණ සියදිවි හානි කර ගත්තේ මන්දැයි යන්න පොලිසිය ඉදිරියේ තිබු ගැටලුවක් විය.   


මියගිය පුද්ගලයාගේ සිරුර අසල තිබූ තුවක්කුව මෙරට නිෂ්පාදනය කරන ලද කොටන තුවක්කුවකි. මරණ පරික්ෂණ වාර්තාව අනුව මියගිය අයගේ සිරුරේ වෙඩි පහරවල් දෙකක් තිබේ. ඉන් එකක් කොටන තුවක්කුවෙන් පත්තු වූ එකක් වන අතර හිස් මුදුනින් ගිය වෙඩි උණ්ඩය වෙනත් ගිවි අවියකින් නිකුත් වූ එකකි.   

 


පළමු වෙඩි පහරින් මුහුණ හරහා ගොස් තුවාල ලැබූ ඔහුට යළිත් උණ්ඩයක් තුවක්කුවේ දා කෙටීමට හැකියාවක් නැති අතර දෙවැනි වෙඩිල්ල හිස් මුදුනින් මතුවනසේ තබාගැනීමට ද හැකියාවක් නැත. මේ අනුව මෙය ඝාතනයක් බවට සැක මතුවිය.   


මරණ පරීක්ෂණ වාර්තාව අනුව මෙම සිදුවීම සියදිවි හානි කර ගැනීමක් නොවන නිසා පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව පරීක්ෂණ කටයුතු මෙහයවමින් සිටී.   


මියගිය රවින්ද්‍ර තුසිත කුමාර යන අය නිතර නිතර දඩයමේ ගිය පුද්ගලයෙකි. ඔහු දඩයමේ යෑම පිළිබඳව වනජීවි නිලධාරින් පිරිසක් ඔහු සමග උරණ වී සිටි බවද පවුලේ ඥාතීහු පවසති. තම සහෝදරයාගේ මිය යෑම සියදිවි හානි කර ගැනීමක් නොව කවුරුන් හෝ කරන ලද ඝාතනයක් බව ඔවුහු ද සැක කරති. පරීක්ෂණ පවත්වන ඉඟිණියාගල පොලීසියේ නිලධාරින් විසින් දැනටමත් විශාල පිරිසකගෙන් සාක්කි සටහන් කරගෙන ඇති අතර දැනට ඇති කරුණු ගණනාවක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.   


අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ අධික්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී දර්ශන සමන් සුරියආරච්චි මහතාගේ මෙහයවීමෙන් ඉඟිණියාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බර්ටි උඩුකුඹුර, කාන්තා පොලිස් පරීක්ෂක දයානි ගමගේ, උ.පො.ප. රෝහණ, පො.සැ. (43636) සුමිත්, කා.පො.සැ. (6089) කාංචනා, පො.කො. (62602) බණ්ඩාර, පො.කො. (13645) හේරත්, පො.කො. (36794) බන්දුල, පො.කො. (69986) අශෝක, පො.කො. (43636) සුමිත්, කා.පො.කො. (2816) නාලිකා යන නිලධාරින් සහ අම්පාර පොලිසියේ අපරාධ ස්ථාන නිලධාරින් වන පොලිස් පරීක්ෂක සමරවික්‍රම, උප පොලිස් පරීක්ෂක ගාමිණි ද සිල්වා යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.  

 

 

සටහන, ඡායාරූප
අම්පාර - වසන්ත චන්ද්‍රපාල



අදහස් (0)

වලසුන්ට පැරදී වෙඩි තබාගත් බව කී පුද්ගලයාගේ මරණය ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21957 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18110 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10841 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 535 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 164 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 824 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site