IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


​මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ පිරමීඩ ද ?

 

අපේ රටට මෙන්ම ලෝකයේ අනෙක් රටවල්වලට ද යම් ඉතිහාසයක් ඇත. ඉතිහාසය යනු රටක ඉපැරැණි තොරතුරු සොයා ගත හැකි මූලාශ්‍රයක් වගේම ඒ රටේ ප්‍රෞඪත්වය  ඉස්මතු කිරීමට රුකුලක් වේ.  
නවීන තාක්ෂණය යොදා ගනිමින් කරන  පර්​ෙ‌ය්ෂණවල ප්‍රතිඵල ලෙස වැළලී ගිය ඉපැරැණි විශ්මිත තොරතුරුවලට නැවත පණ දිය හැක.  


මේ එලෙස හමුවුණු අද්විතීය හා පුදුම සහගත ඉතිහාස තොරතුරු සටහනකි.  


අප පැරණි ඊජිප්ත්තුවේ පිරමීඩ ගැන අසා තිබුණ ද, එහෙත් ​ඕස්ට්‍රේලියාවේ පිරමීඩ තිබූ බවට තහවුරු වන පුවත් අසා නොතිබෙන්නට ඇත. නවීන තාක්ෂණය මගින් ඔවුන් ඉපැරැණි තොරතුරු නැවත අලුත් වෙමින් වර්තමාන සමාජයට දිගහැරීමට අවස්ථාව උදා වී ඇත.  


ඕස්ට්‍රේලියාවේ කළ නව පර්​ෙ‌ය්ෂණ මගින් එහි වැලි ගොඩැලි හමු වී තිබුණි. ඔවුන්ට මුලින්ම සිතී ඇත්තේ ඒවා කුරුලු කූඩු වි​ෙශ්ෂයක් ලෙසිනි.   


පර්​ෙ‌ය්ෂණ මගින් හෙළිවී ඇත්තේ ඒවා ඕස්ට්‍රේලියාවේ වාසය කළ ස්වදේශිකයන්ට (Aborogines) අයත් සොහොන් බිම් බවයි.  


කාලය නිර්ණය කළොත් ඒවා ඊජිත්තුවේ පැරණි පිරමීඩවලටත් වඩා පැරණි බව විද්‍යාඥයෝ කියති.  Western Cape York වලින් ද සොයාගෙන ඇත්තේ මේවා පූර්ණ සො​හොන් බිම් ලෙසය.  


පර්​ෙ‌ය්ෂණ කිරීමට පෙර සමහරු හිතා ඇත්තේ ස්වභාවිකව පිහිටි භූමියක් ලෙසයි.  


මෙවැනි වැලි ගොඩැලි සිය ගාණක් හමුවී තිබේ. ‘‘Scrub Turkeys" නම් කුරුලු වර්ගයට අයත් කූඩු ලෙස සැලකුණු ඒවා ‘‘Mapoon" යන ප්‍රදේශයේ 60kmක පමණ දිග වෙරළ තීරයකදී ගවේෂකයන්ට හමුවිය.  මෙහි අවට ජීවත් වුණු ස්වදේශීය ජනතාව මේ අවට අවතාර ගැවසෙන බවට බිය පළකර තිබිණ.  


වැලි ගොඩැලි 11ක් පිළිබඳව ඔවුහු ඉතා පරීක්ෂාකාරී ලෙස අධ්‍යයනය කර ඇත. ඇතැම් වැලිගොඩැලි 4mක් පමණ උසය. ඒවායේ මිනිස් අස්ථි කොටස් හමු වී තිබිණ. පුරාවිද්‍යාඥයෝ Ground Penetrating Radar (GPR) පො​ෙළාව ඇතුළත පසාරු කරගෙන යන කිරණ පාවිච්චි කරමින් පර්​ෙ‌ය්ෂණ සිදු කළහ.  

 

(Magnetometer Technology) මීටර් තාක්ෂණය ​යොදා පොළොව ඇතුළත නිරීක්ෂණය කරන ඕස්ට්‍රේලියානු ආදිවාසී ස්වදේශිකයෝ (Aborogines) මිය ගිය අය මිහිදන් කිරීමේ අවුරුදු ගාණක් ඉපැරැණි මිහිදන් ක්‍රම සොයාගෙන ඇති අතර, මෙමගින් ආදිවාසීන්ගේ මිහිදන් ක්‍රමවේදය අධ්‍යයනයට හසු වී තිබේ.  


භූමියේ ගොඩැලි නිර්මාණය කර තිබෙන්නේ මතුපිට භූමිය ඉතා හොඳින් පිළිස්සීමෙන් මූලික පසුබිම සකසාගෙනය.  


එක්තරා පර්​ෙ‌ය්ෂකයෙක් කියා සිටින්නේ මේවායේ පැරණි බව කිව නොහැකි වුවත් අවුරුදු හයදාහක් හෝ දස දහසක් පැරණි බවයි. (Dr. Suddon).  


සමහර වැලි ගොඩැලි උඩ වර්තමාන ගොඩනැගිලි ඉදිකර තිබීම නිසා ජනතාව අසා සිටින්නේ මිනිසුන් වළලපු භූමියක ජීවත් වෙන්නේ කෙසේ ද? කියාය.  


Mary - Jean Suddon නමැති පුරාවිද්‍යා කණ්ඩායමේ නායකයා Daily Mail/Australia පුවත්පතට පවසා තිබෙන්නේ වසර 6000ක් පමණ මෙම වැලි ගොඩැලි පරණ බවයි.  


මෙතෙක් සොයාගත් ඒවා අතුරින් විශාලතම හා වඩාත් සංකීර්ණ වැලිගොඩැලිවල කාලය නිර්ණය කිරීම පිළිබඳ ශාස්ත්‍රීය විවාදයක් පවත්වන්නට සැලසුම් කර ඇත.  


Mapoon ප්‍රදේශයේ අඳුරු ඉතිහාසයන් ගොඩක්ම ප්‍රචණ්ඩත්වය තිබූ බවත් ඉන් ආදිවාසීන්ගේ ජන ජීවිතවලට විශාල හානියක් සිදුවී ඇති බවයි.  


1960 වර්ෂ ගණන්වලදී මුළු ජනගහණය සම්පූර්ණයෙන්ම ඉවත් වී ගොඩනැගිලි කඩාදමා ගිනිබත් කර ඇති බැවින් ඒ තුළින් ඔවුන් පිළිබඳව වැදගත් තොරතුරු සොයා ගැනීමට අපහසු වී තිබේ.  


මේ අනුව බලන කල නවීන තාක්ෂණ දියුණුවත් සමග සැඟවුණු ඉතිහාස පුරාවෘත්තීන් නැවත ගොඩනැංවිය හැකි බවත්, ඒ තුළින් එරටට හිමි අනන්‍යතාව ඉස්මතු කළ හැකි සේම, අතීත ජන ජීවිතයන් පිළිබඳ තොරතුරු හෙළි කළ හැකි බව විද්‍යාඥයෝ පවසති.  

 

 

 

මහේෂානි මීගහපොල



අදහස් (0)

​මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ පිරමීඩ ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site