IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මංගල සාරියේ ලෝක වාර්තාවට පාසල් දරුවන්ගේ මව්පියන් කැමැතියි

ලෝක වාර්තාවක් තියන්න ගිහිනුත්  
දේශපාලකයෝ පිල් බෙදිලා

 

ලොව දිගම මංගල සාරිය ඉදිරිපත්කර ගිනස් වාර්තාවක් පිහිටුවීම සඳහා අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමික විදුහලේ සිසුන් සහභාගි කරවීමේ සිද්ධිය පසුගිය සතියේ දේශපාලකයන් අතර දැඩි කතාබහට ලක්වූ මාතෘකාවකි. මේ සඳහා පාසල් දැරියන් යොදා ගැනීම හරිද වැරදිද යන්න මේ අයගේ කතා බහට මාතෘකාව විය.  


මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියද පරීක්ෂණයක් ආරම්භ කළ අතර ළමා ආරක්ෂක අධිකාරිය ද පරීක්ෂණයක් පැවැත්වීය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි කිහිප දෙනෙකුගෙන් අදහස් විමසීමක් කළෙමු.  


වාර්තාව එනතුරු කිසිවක් කියන්න බෑ. - ආණ්ඩුකාරවරිය  


 සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ මේ පිළිබඳ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි. එම වාර්තාව ලැබෙන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි යැයි ඇය ප්‍රකාශ කළාය. මේ පිළිබඳ ඇය වැඩිදුරටත් සඳහන් කළේ පාසල් වේලාවන් තුළදී දරුවන් මේ කටයුත්තකට යොදා ගැනීම තමන් තරයේ හෙළා දකින බවයි.  


ප්‍රශ්නය:- මේ පිළිබඳ ඔබ දකින්නේ කෙසේද?  

පිළිතුර:- මේ සිද්ධිය පිළිබඳ මම පරීක්ෂණයක් සිදුකළා. පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. මේ පිළිබඳව මම මධ්‍යම පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක, මහනුවර කලාප භාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්. විජේරත්න හා අලවතුගොඩ සරත් ඒකනායක කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති නිමල් ජයසිංහ යන මහත්වරුන් කැඳවා විමසීමක් කළා. අධ්‍යාපන ලේකම්වරයා වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා ගොස් සිටි නිසා ඔහු මේ අවස්ථාවට සහභාගි වූයේ නැහැ.  


නමුත් මේ සිද්ධිය මම තරයේ හෙළා දකින්නේ පාසල් කාලය තුළ දරුවන් යොදවා ගැනීම සම්බන්ධවයි. නැතිනම් පෞද්ගලිකව මෙවැනි විවාහ මංගල්‍යයක් ගැනීම අපට ගැටලුවක් නැහැ. මොකද ජනාධිපතිවරයාද අවධාරණය කරලා තිබෙනවා දරුවන් මෙවැනි අවස්ථාවලට යොදවා ගන්න එපා කියලා. මෙවැනි දෙයකට ළමුන් යොදවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයා වගකිවයුතුයි. පළාතේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ලිඛිත ඉල්ලීමක් කර පාසල් දැරියන් මේ අවස්ථාවට සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් අවසරයක් ඉල්ලා තිබුණා. මෙතනදී මට කවුරුවත් බේරා ගැනීමට හෝ කවුරුවත් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නැහැ. කෙසේ වෙතත් දරුවන් මේ විදිහට මහ පාරේ රස්තියාදු කරවීම සම්බන්ධයෙන් මම කනගාටුවෙනවා. මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට මම පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මම වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ වාර්තාවෙන් තමයි ඉදිරි පියවර තීරණය කරන්නේ.  

 


 

 

මේක ලෝක වාර්තාවක් තියන්න රටට ලැබුණු අවස්ථාවක් -  පළාත් ප්‍රධාන ඇමැති  


 මෙම සිද්ධිය පිළිබඳ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගෙන් විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් වැඩිපුර කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.  


ප්‍රශ්නය:- මේ සිද්ධිය පිළිබඳ ඔබ දකින්නේ කොහොමද?  

පිළිතුර:- මේ පිළිබඳ ආණ්ඩුකාරතුමිය පරීක්ෂණයක් කළා. දැන් ඒ පිළිබඳ වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ වාර්තාව ලැබුණු පසුව තමයි ඉදිරි පියවර ගැන තීරණයක් ගන්න වෙන්නේ. කෙසේ වෙතත් මේ සිද්ධිය පිළිබඳ මාධ්‍ය මගින්ද යම් යම් ප්‍රචාර ගෙන ගියා. මම දකින විදිහට මේක ලෝක වාර්තාවක් රටට තිබීමට ලැබූ අවස්ථාවක්.  


ප්‍රශ්නය:- ඇත්තටම මෙම සිද්ධිය මොකක්ද?

පිළිතුර:- මෙහෙමයි. මේ මංගල උත්සවයට සාරිය සකස් කළේ මේ ප්‍රදේශයේම පිරිසක්. ඔවුන්ගේ සහායට අවට පළාතේ කිහිප දෙනෙකු සම්බන්ධ වී තිබෙනවා. ඔය කියන මංගල සාරිය සකසන්න බොහෝ දෙනෙකු කැමැත්ත පළකර තිබෙන්නේ ඔවුන්ට කිසියම් මුදලක් ලැබෙන නිසා. ඔය පාසලේ ළමුන්ගේ මව්වරු කිහිප දෙනෙකුත් ඔය මංගල සාරිය හැඩ වැඩ දමන්න සහභාගි වුණා. පස්සේ තමයි ඒ මව්වරු ඉල්ලීමක් කළේ මේ සාරිය දිග හරින දවසට ඒ ගොල්ලන්වත් සහභාගි කරවන්න කියලා. ඔය අවස්ථාවේදී තමයි පාසල් ළමුනුත් මෙයට සම්බන්ධ වී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන තුරු මට වැඩිදුර විස්තර කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ.  

අපි බලමු මේ වාර්තාවෙන් පස්සේ කුමක්ද වෙන්නේ කියලා. කොහොම වුණත් පළාත් ආණ්ඩුකාරතුමියගේ ප්‍රධාන අරමුණත් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමටයි.  


මේ අතර ලොව දිගම මංගල සාරිය ඉදිරිපත් කිරීම සඳහා ගිනස් වාර්තාවක් පිහිටුවීමට තම දරුවන් ඉදිරිපත් කළේ සිය කැමැත්තෙන් බව එම දරුවන්ගේ මව්වරු කිහිප දෙනෙක් පැවැසූහ.  


මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා කිසිදු වරදක් කර නැති අතර අපේ කැමැත්ත පරිදි දරුවන් ඊට යොමුකළ බව මව්වරු කිහිප දෙනෙක් පැවැසූහ. ඔවුන් පාසල ඉදිරිපිට විරෝධතාවක නියැලෙමින් කියා සිටියේ මේ පිළිබඳව ආණ්ඩුකාරවරිය හමුවී සාකච්ඡා කරන බවයි. නම සඳහන් කිරීමට අකමැති දැරියකගේ මවක පැවසුවේ මෙය රටට කීර්තියක් ගෙන දීමට ක්‍රියා කළ බවත් ඊට අකමැති කිහිප දෙනෙකු මෙම සිද්ධිය ලොකුවට මවා පෑමක් දක්වා ගෙන යාම කනගාටුවට කරුණක් බවත්ය.  


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මව්වරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉදිරිපත් වූයේ මෙම විදුහලේම ආදි ශිෂ්‍යාවක් බවයි. ඇයට සහාය දැක්වීමට පාසලේ මාපියන් හැටියට යුතුකමක් ලෙස සලසා මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද ඔවුහු පැවැසූහ. එම ඉල්ලීමට අනුව තම දැරියන් ඉදිරිපත් කළ බවද මව්පියෝ ප්‍රකාශ කළහ.  


මේ සම්බන්ධයෙන් තමන්ගේ අත්සනින් යුත් ලිපියක් සකස් කර ඇති බවත් එම ලිපියත් රැගෙන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය මුණ ගැසීමට තීරණය කළ බවත් ඔවුහු ප්‍රකාශ කළහ.  

 

 

 

 

සටහන  - නිශාන්ත කුමාර බණ්ඩාර   

 



අදහස් (0)

මංගල සාරියේ ලෝක වාර්තාවට පාසල් දරුවන්ගේ මව්පියන් කැමැතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 359 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1639 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site