IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බිම ඉඳන් කිතුල් මලක් මැද්ද හැටි

 

 

බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයේ ඉහළ හෙවෙස්ස ගම්මානයේ ජනතාව කිතුල් මදිමින් හා තේ දලු නෙළමින් ඉතා දුෂ්කර ලෙස තම ජීවිකාව ගෙන යති.


කිතුල් මැදීම ඉතා කටුක අමිහිරි කාර්යයක් වුවත් කිතුල් ගසින් ලබා ගන්නා තෙලිජ්ජ රත්කර සාදා ගනු ලබන කිතුල් පැණි ඉතා රස මිහිරිය. මේ සඳහා අව්ව, වැස්ස බාධාවක් වුවත් එය නොසලකා ඉදිරියට යා යුතු ගමනක්ය.


කිතුල් මැදීමට ගොස් ගසෙන් ඇද වැටී අතපය වාරු නැතිව අසරණ වූ මිනිසුන් ද මෙහි නැත්තේම නැත. කිතුල් මැදීම කලකට හොඳ ආද‌ායම් මාර්ගයක් වුව ද කලකට එයින් කිසිදු මුදලක් උපයා ගත නොහැකි අවස්ථා ද නැතුවාම නොවේ.


මෙම ගම්මානයේ එක් කෙළවරක් වන මාතන්හේන ප්‍රදේශයේ ජීවත් වන සෝමසිරි මහතා ද කිතුල් මැදීමේ ශූරයෙකි. මීට කලකට පෙර ඔහුගේ මිතුරා වූ පොඩි මල්ලිගේ නිවස අසල අතහැර දමා තිබූ කිතුල් ගස ඔවුන් විසින් පෙරළා දැමුවේ පොඩි මල්ලිගේ නිවසට අවද‌ානමක් ද ඇති බව කියමිනි.


ගමේ කිසිවකු නොකළ දෙයක් කිරීමට හැකියාව ලැබුණේ ඔවුන් විසින් පෙරළා දමා තිබූ කිතුල් ගසේ ‘මලක්’ බිම හිඳගෙන මැදීමට හැකි වූ නිසාවෙනි. සෝමසිරි මහතාට ද මෙය අලුත් අත්දැකීමක් විය.


එච්.එච්. සෝමසිරි මහතා මෙසේ කියයි.

 

 


අපි අවුරුද්දකට විතර කලින් මේ කිතුල් ගහ පොඩිමල්ලිගේ ගෙදරට අවද‌ානමක් ලෙස තියෙන නිසා පෙරළුවා. ගහ පෙරළුවාට මේ ගහින් බිම ඉඳගෙන මලක් කපන්න වෙයි කියලා හිතුවේ නෑ. මම දැනට මාස කීපයකට කලින් දැක්කා අපි පෙරළපු මේ කිතුල් ගහේ අායෙත් මලක් තිබෙන බව. ඊට පස්සේ මම මේ බව පොඩිමල්ලිට කිව්වා. පෙරළපු කිතුල් ගහේ මලක් තියෙනවා කඩලා දාන්න එපා කියලා.


මම ඊට පස්සේ මල පදම් ​ෙවන කල් ඉඳලා පදම් වුණාට පස්සේ ගහේ පෑදුණු මලේ අග ඉරුවා. අග ඉරලා ඊට පස්සේ මලට බෙහෙත් තියලා මල හැදුවා.


මල හදලා දවස් දෙක තුනක් මල කපනකොට මලේ කඳුළ ඇල්ලුවා. ටිකෙන් ටික මලේ කඳුළ වැඩි වුණාට පස්සේ මම මලට පොඩි මුට්ටියක් දැම්මා. ඔහොම සතියක් විතර මම මල කපන කොට මලෙන් රා බෝතල් දෙකක් දෙක හමාරක් විතර යන කල් කඳුළ ඇල්ලුවා. දැනටත් එක පාරකට තියෙනවා රා ​ෙබා්තල් එකහමාරක් දෙකක් කිට්ටුවෙන්න. ගම්මානයේ ජීවත් වන මිනිසුන්ට ඉතා විවිධ වූ අත්දැකීම් තිබුණ ද මෙය අපට අලුත් දෙයක් යැයි පොඩි මල්ලි පැවසීය.


පොඩි මල්ලි මෙසේ ද පැවසීය.


සෝමසිරි අයියලා අපි කට්ටිය දැනට අවුරුද්දකට විතර කලින් අපේ වත්තේ තිබ්බ මේ කිතුල් ගහ පෙරළුවා. මේක පෙරළුවේ අපේ ගෙදරට අවද‌ානමක් වේය කියෙන නිසා. දැනට ටික දවසකට කලින් සෝමසිරි අයියා අපේ ගෙදර එනකොට දැකලා මට කිව්වා අර පෙරළපු කිතුල් ගහේ මලක් තියෙනවා මුකුත් කරන්න එපා කියලා. මමත් එ්ක බලලා ඔහේ තියෙන්න ඇරියා.


පස්සේ සෝමසිරි අයියා කිතුල් මල හැදුවා. මලත් ඉතින් හොඳට හරි ගියා. තෙල්දිය ලැබුණා.


මේක අපේ ගමට අලුත් දෙයක් කියමින් අසල සිටි කීප දෙනෙකුට රා ​ෙපාල්කට්ටක් ද දෙමින් සෝමසිරි මහතා සිනාසෙන්නට විය.

 

 

 

එස්.ඒ.අයි. ලක්ෂාන්
පිටිගල

 



අදහස් (0)

බිම ඉඳන් කිතුල් මලක් මැද්ද හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site