IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


දකුණේ පාතාලයට වසරකදී ගාල්ලෙන් දහයක් බිලි

 

ගෙවුණු වසරක පමණ කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කය තුළ වෙඩි තැබීම්වලින් ඝාතනයට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ නැංවී ඇත.


පසුගිය 2017.05.23 දින ගාල්ල හික්කඩුව පොලිස් වසමේ දී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින්  පුද්ගලයන් දෙදෙනකු මිය යෑමත් සමඟින් මෙසේ මියගිය සංඛ්‍යාව 10 දක්වා වර්ධනය වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 26 වයසැති කුමාරකන්ද දොඩම්දුව පදිංචි කාරියවසම් පතුවත විතානගේ තුෂාන් ධනුද්දර නමැත්තකු සහ දොඩම්දුව විසූ 34 හැවිරිදි සුජිත් හිමාල් නමැත්තෙකි.


මොවුන් දෙදෙනා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල පිහිටි තමන්ට අයත් ස්ටිකර් වැඩ කරන ආයතනයේ වැඩ කරමින් සිටින අවස්ථාවේ මෙසේ ඝාතනයට ලක්වූහ. මෙසේ මියගිය 34 හැවිරිදි සුජිත් හිමාල් නමැත්තා හික්කඩුව පතන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකදී ඔත්තු බැලූවකු බව පොලිසිය පවසයි. 


මෙම ඝාතනය සම්බන්ධයෙන් ද පොලිසිය සැක පහල කරන්නේ රත්ගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් හා පොඩි ලැසී යන කල්ලි අතර තිබෙන බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මියගිය දෙදෙනා මනෝජ් මෙන්ඩිස් පාර්ශ්වයේ අය බව ද පොලිසිය පවසයි.


රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා 2015 වර්ෂයේ මාර්තු 23 දින හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුළදී ඝාතනයට ලක්වන්නේ එම හෝටලයේ ඩිස්කෝ ඩාන්ස් සංදර්ශනයක් පැවැත්වෙන අතරතුරය.


ඒ මිලිමීටර් නවයේ පිස්තෝලයකින් මුහුණට හා පපුවට වෙඩි තැබීමෙන්ය. මෙම ප්‍රහාරයේ දී ඔහුගේ රැකවලු_න් දෙදෙනාට ද එක් වෙඩි ප්‍රහාරය බැගින් එල්ල වී තිබුණි.


මෙන්ඩිස් මහතා 2007 වසරේ මුල් වරට රත්ගම ප්‍රාදේශීය සභාවට එජනිසයෙන් තරග කොට, මනාප ඡන්ද හත්දහසකට වඩා ලබාගෙන රත්ගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන් පත්විය. 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී මොහු මනාප ඡන්ද පහළොස් දහසකට වඩා ලබා ගනිමින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත්විය. ඔහුගේ පක්ෂයේම අපේක්ෂකයකුට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ද ඔහු සභාපතිවරයා බවට පත්වන අවස්ථාවේ දී චෝදනාවක් ද එල්ල වී තිබුණි.


මෙම ඝාතනයෙන් පසුව වසරක් පමණ ගත වීමෙන් පසු ගාල්ලේ මෙලෙස වෙඩි තබා මරා දැමීමේ ඝාතන රැල්ලක් ආරම්භ වන අතර එහි පළමු බිල්ල වන්නේ, 2016 ජුලි 18 වන දින අම්බලන්ගොඩ ප්‍රදේශයේ  ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ 48 හැවිරිදි මාදුවගේ සරත් නම් පුද්ගලයෙකි. ඔහු බළපිටිය මහලදුව ප්‍රදේශයට සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී ටී-56 වර්ගයේ ගිනි අවියකින් කළ වෙඩි තැබීමකින් මරණයට පත්විය.


2016 අගෝස්තු 12 දින ගාල්ල ක්‍රිකට් සභාපති ප්‍රේමසිරි හැලඹගේ මහතා සිය පුත්‍රයා සමඟ නිවසට යමින් සිටිය දී රාත්‍රී 8.30 පමණ ඝාතනය කර තිබුණි. පොලිසිය පවසන පරිදි එය ද ටී-56 ගිනි අවියකින් කරන ලද වෙඩි තැබීමකින් සිදු වූවකි. මෙය පවුල් ආරවුලක් හේතුවෙන් සිදු වූ වෙඩි තැබීමක් බවට පොලිසිය සැක පහල කරයි.


2016 අගෝස්තු 13 අම්ලබන්ගොඩ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකු මෙලෙසම වෙඩි තබා ඝාතනය කර තිබුණේ අම්බලන්ගොඩ ධීවර වරාය තුළදීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් ද පොලිසිය සැක කරන්නේ මනෝජ් මෙන්ඩිස් හා පොඩි ලැසී යන කණ්ඩායම් දෙක අතර සිදු වූ ආරවුලක් නිසා බවටයි. ඊට පෙර දිනක අධිකරණයෙන් ඇප ලැබූ පොඩි ලැසී ගාල්ල අධිකරණය අසල රත්ගම වෙරළෙන් බෝට්ටුවක නැගී පිටව ගොස් තිබූ බවත් එහි දී එම බෝට්ටුව ලබා දී තිබුණේ අදාළ මාළු ව්‍යාපාරිකයා නිසා මේ ඝාතනය අදාළ කණ්ඩායම් දෙක අතර පවතින බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක් බවට පොලිසිය සැක පහල කරයි.


ඉන් අනතුරුව 2016 දෙසැම්බර් 05 අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික යුවලක් සහ පුත්‍රයා වෙඩි තබා ඝාතනය වන්නේ අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ සිය නිවස ආසන්නයේ දීය. මෙය පවුල් ආරවුලක් හේතුවෙන් සිදුවූවක් බවට පොලිසිය සැක කරන අතර එය ද කොන්ත්‍රාත්තුවක් මත සිදු වූවක් බව ද පොලිසිය පවසයි. මෙම ඝාතන ත්‍රිත්වයත් සමඟින් එම කෙටි කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් මරණ සංඛාව හය දක්වා ඉහළ යන ලදී.


නැවත 2016 දෙසැම්බර් 12 දින මීටියාගොඩ පලතුරු කඩහිමියකු ඝාතනය වන්නේ ද වෙඩි තැබීමකින් වන අතර එය ද පාතාල කල්ලියක කොන්ත්‍රාත්තුවක් මත සිදුවූ බවට පොලිසිය සැක කරයි. මෙම පලතුරු වෙළෙන්දා මීට පෙර 2016.02.13 දින ද ඝාතනය කිරීමට උත්සාහ කළ අතර එහි දී ඔහුගේ බඩ ප්‍රදේශයට වැදුණු වෙඩි පහරකින් තුවාල ලැබුව ද ජීවිතය ආරක්ෂා කර ගැනීමට සමත් විය. අදාළ පලතුරු වෙළෙන්දා පොලිසියට ඔත්තු සපයන බවට සැක සිතූ කරන්දෙණිය හිත හොඳ දොස්තර ඝාතනයේ සැකකරුවන් මෙසේ ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.


මාස පහක පමණ නිහැඬියාවකින් පසු, මීළඟ බිල්ල බවට පත්වන්නේ ගම්මන්පිලවත්ත අන්දුගොඩ දික්කුඹුර යන ලිපිනයේ පදිංචිව සිටි කළු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ දේමුනි සුදත් ර්‍ප්‍රියන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි. 2016.05.06 දින උදෑසන සිය දියණිය සහ අසල්වාසී දියණියක පුද්ගලික පංතියකට රැගෙන යාමේ දී මොහු ඝාතනය වන්නේ ෆුල් ෆේස් හෙල්මට් දෙකක් පැළඳ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඉමදුව දික්කුඹුර හන්දියේ දී කළ වෙඩි තැබීමකටය.


මියගිය තැනැත්තා ඝාතනයට ලක් වූ රත්ගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ සමීපතමයකු බව අනාවරණය වූ අතර මනෝජ් මෙන්ඩිස් මහතාගේ රුව ද එක් අතක පච්චයක් ලෙස කොටා තිබුණි.


මේ ආකාරයෙන් වසරක් ඇතුළත අට වැනි බිල්ල ද නාඳුනන තුවක්කුකරුවන් විසින් ගිල ගනු ලැබිණ.


2017.05.23 දින සිදු වු ඝාතන දෙකත් සමඟින් වසරක පමණ කාලය තුළ වෙඩි තැබීම්වලින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ දහ දෙනකු මිය ගොස් ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ, පතාල කල්ලි අතර තිබෙන බල අරගලය නිසා මෙය සිදුවන බවත් සැකකරුවන් බන්ධනාගාර ගත කළ ද එළියේ සිටින ඔවුන්ට උපකාර කරන පතාල කල්ලි විසින් ඝාතන මෙහෙය වන බවත්ය.


මේ අනුව, මේ දිනවල රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ පාතාල ලෝකය යළි හිස එසවීම පිළිබඳවය. දකුණේ මෙන්ම බස්_නාහිර පළාතේ ක්‍රියාත්මක වන පාතාල කණ්_ඩායම් එකිනෙකා මරා ගැනීමට පටන් ගැනීමත් සමඟම රටම උණුසුම් විණි.
මහ දවල් දෙනෝදාහක්_ දෙනා බලා සිටියදී පාතාල කල්ලි සිදු කළ මිනිස්_ ඝාතන සහ වෙඩි තැබීම් නිසා සාමාන්‍ය ජනතාව තුළ ඇතිවී තිබුණේ දැඩි භීතියකි. පාතාල අපරාධකාරයන් මහජනයා අතරට වැදී සිදු කරන වෙඩි තැබීම්, කොල්ලකෑම් නිසා ඊට මැදි වූ අහිංසක මිනිසුන්ට සිදුවූයේ විවිධ හිංසනයන්ට ලක්_වීමටය.


සන්නද්ධ කණ්ඩායම් සහ දේශපාලනඥයන් අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවකි. එය ගහට පොත්ත මෙන් ඉතාමත් සමීපය. මේ දූෂිත දේශපාලනඥයන් විසින් පෝෂණය කරන පාතාල අපරාධකාරයන් ආරක්_ෂා කරන්නේ, ඔවුන්ට රැකවරණය ලබා දෙන්නේ ඇතැම් බන්ධනාගාර සහ පොලිස්_ නිලධාරීන් විසින්ය.


මුළු මහත් සමාජයටම මහා පිළිලයක්_ බවට පත්ව ඇති මේ පාතාල මදාවියන් මහා චණ්_ඩින් බවට පත් වන්නේ ඇතැම් දේශපාලනඥයන් සහ පොලිස්_ නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් නිසාය.


ඉතිහාසය පිරික්_සීමේදී ඊට කදිම නිදසුනක්_ ලැබෙන්නේය. පවතින රජයේ දේශපාලනඥයන් සමඟ සම්බන්ධතා පවත්වන පාතාල කණ්_ඩායම් ඒ රජය බලයේ සිටින තාක්_ කල් මහා ගණන්කාරයන් ලෙස වැජඹෙයි. ඔවුන් දේශපාලන බලය යොදාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි විනාශ කර දමයි.


ඒ රජය පෙරළී ගොස්_ වෙනත් රජයක්_ බලයට පත් වෙද්දී රජකම් කළ පාතාල කල්ලි සාමාජිකයන්ට සිදුවන්නේ ද නකුට පස්_සා පැත්තේ ගහගෙන යන සුනඛයන් සේ සිටීමටය.


කාලයක්_ තිස්_සේ දේශපාලන හයිය යොදාගෙන තමන් විනාශ කරමින් සිටි පාතාල කල්ලි ක්‍රියා කරන්නේ දේශපාලන පෙරළිවලින් පසුවය.


කළුතර සිට ගාල්ල, මාතර දක්_වා මුහුදු වෙරළේ ඇති සංචාරක හෝටල් හිමියන් එම ප්‍රදේශ පාලනය කරන පාතාල කල්ලි නායකයන්ට මාසිකව කප්පම් මුදල් ලබාදිය යුතුය. එසේ නොකළොත් ඔවුන්ට සිදුවන්නේ එක්_කෝ ඊට ජීවිතවලින් වන්දි ගෙවීමටය. එසේත් නැත්නම් ව්‍යාපාර අතහැර ගම රට බලා යෑමය.


සටහන හා ඡායාරූප 
හබරාදුව නිමල් අල්ගෙවත්ත සහ ගාල්ලේ අමල් වික්‍රමරත්න



අදහස් (0)

දකුණේ පාතාලයට වසරකදී ගාල්ලෙන් දහයක් බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24242 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18131 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10855 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 568 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 171 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 831 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site