IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජීවිත රැසක් බේරන්න තම ජීවිතය පූජා කළ විරුවෙක්

 

‘කන්දෙන් පහළට බස් එක ගියානම් ජීවිත කීයක් නම් විනාශ වෙයිද? ජීවිත රැසක් බේර ගන්න තම ජීවිතය පරිත්‍යාග කරපු ඒ සොඳුරු මිනිසා’ 

 
‘ඔබ වැනි සොඳුරු මිනිසුන් ඇසුරු කළ අප පින්වන්තයෝය’ 

 
‘රියැදුරු දෑතේ වගකීම නිසියාකාරව ඉටුකර ජීවිතය පූජා කළ ඔහු අපගේ ජීවිත ආරක්ෂා කළා.  


හපුතලේ විහාරගල බස්රථ අනතුරින් මියගිය රියැදුරු කීර්ති බණ්ඩාරගේ නිවසේ ප්‍රදර්ශනය කර තිබූ පුවරුවල ලියා තිබූ වැකි කීපයකි.   


බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නැහැ. ජීවිත 25ක් ආරක්ෂා කර ගන්න වගකීම රියැදුරු දෑතට තිබුණා. තව මීටර් කිහිපයක් ඉදිරියට ගියොත් අඩි දහසකට අධික ප්‍රපාතයකට බසය පෙරළෙනවා.   


‘බ්‍රේක් නැතිවුණා. කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න. 

 
එසේ රියදුරුගේ හඬ අවදි වීමත් සමගම බස් රථයේ සිටි සියලුදෙනා මරළතෝනි දුන්නා.   


කීර්ති බණ්ඩාරට කරන්න තිබුණේ එක දෙයයි. ඔහු පල්ලමට බස්රථය යන්න කලින් තමුන්ගේ රියැදුරු අසුන තියෙන පැත්ත හිතලම ගල් ඇන්දේ හැප්පුවා.

වේගයෙන් පැමිණි බස් රථය එක හුස්මේ නතර වුණා. මිනිස්සු බස් රථයෙන් බැහැලා ජීවිත බේරා ගත්තා. හැබැයි රියදුරු කීර්ති බණ්ඩාරගේ හුස්ම ආයෙත් ආවේ නැහැ. ඔහු තව එක විරයෙක් වෙලා මේ ලෝකෙ දාලා ගියා.   

 


ඉකුත් 01 දින සවස හපුතලේ උඩ විහාරගලදී සිදුවූ ලංගම බස් අනතුරින් මෙසේ ජිවිතය අහිමි වූයේ හල්දුම්මුල්ල ඌව කොස්ගම වෙහෙරගොඩ පදිංචිව සිටි හීරලු මොහොට්ටාලගේ කීර්ති බණ්ඩාර පත්මසිරි නමැති 45 වියැති දෙදරු පියකුටය. බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථය බණ්ඩාරවෙල සිට මරංගහවෙල හරහා කොස්ගම ගම්මානය දක්වා ධාවනය වෙමින් තිබුණි.   

 

 

පස්වරු 5.30ට පමණ හපුතලේ පසුකර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල දෙසට ධාවනය ​ෙවන අතරතුර හපුතලේ උඩ විහාරගල බෑවුම් සහිත මාර්ගයේදී බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුවිය. 

 
අනතුර සිදු​ෙවන අවස්ථාවේ බස් රථයේ මගීන් 27 දෙනකු ගමන්ගෙන තිබුණි. 23 දෙනකු තුවාල ලබා දියතලාව හා හපුතලේ රෝහලට ඇතුළත් කෙරිණි. 

 
මෙම අනතුරින් රියැදුරුට අමතරව බණ්ඩාරවෙල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු වූ (42826) එන්.එම්. බණ්ඩාර සහ රන්වන් ගුහාවේ එස්.එම්. සුනිල් ජීවිතක්ෂයට පත්වූහ.   


මගීන්ගේ ජීවිත අනතුරේ හෙළන නොහික්මුණ රියදුරන් අතරේ රියැදුරන්ට ආදර්ශයක් දී ජීවිතයෙන් සමුගත් කීර්ති බණ්ඩාර මහතාගේ දේහය තැන්පත් කර තිබූ ඔහු​ෙග් නිවස සොයා අපි ගියෙමු.   


හල්දුම්මුල්ල මරංගහවෙල හන්දියෙන් හැරී ඌව කොස්ගම සශ්‍රීක ගම්මානයක ඔහුගේ නිවස පිහිටා තිබේ.

මරංගහවෙලින් හැරෙන මංසන්ධියේ දැවැන්ත තොරණක් දිස්වෙයි. ඒ කීර්ති බණ්ඩාරට ඔහුගේ හිතෛෂීන් උපහාර ලෙස ඉදිකළ දැවැන්ත තොරණකි.   


‘මිනිසකු මළ නිසයි දුක, මරණය ගැන නොවේ’ තොරණේ සඳහන් විය.   


ඉන් කිලෝමීටර් පහක් පමණ ගියවිට අපට මහා විලාපයක් ඇසෙන්නට විය. ‘අනේ මගේ දෙයියෝ’ ඔයා ඇයි අපිව දාලා ගියේ? මගේ දරුවන් දෙදෙනාට තාත්තා කෝ? 

 
ඒ කීර්ති බණ්ඩාරගේ බිරිඳගේ විලාපයයි.  


‘හැමදාම හවසට තාත්තගේ බස්එක එනකම් මග බලාගෙන ඉන්න ළමයි දෙන්න බස් එක එන හඬ ඇහෙනවිට පාරට දුවනවා. අනේ දෙයියනේ ආයෙ තාත්ත එන්නෙ නැහැ. තාත්තා කන දේවල් ගේන්නේ නැහැ.

මට ඉවසන්න බැහැ.  කීර්ති බණ්ඩාර​ෙග් පුතා 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දියණිය 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. කීර්ති බණ්ඩාර වීරයකු ලෙස ජිවිතය කැප කළද ඔහු​ෙග් නිවසේ තත්ත්වය එයයි.   

 

 


කීර්තිගේ බලාපොරොත්තුව ​ෙවන්නට ඇත්තේ තම දරු දෙ​ෙදනාට උගන්නා ඔවුන් අනාගතයේ රටට වැඩදායී යහපත් පුරවැසියන්වනු දැකීමය.   


ඔහුගේ ඒ බලාපොරොත්තුව ඉටුකර දිය යුත්තෝ කවරහුද?  


කෙසේ වෙතත් කීර්ති තමන්ට සිදු​ෙවන උපද්‍රවය ගැන නොතකා රියදුරු දෑතේ වගකීම ගැන සිතූ ඔහු සැබෑ වීරයෙකි. උතුම් මිනිසෙකි.   

 


කීර්ති බණ්ඩාරට නිවන් සුවය පතමු.

 

 

 

 

හල්දුම්මුල්ල 
සමන් පාලිත නානායක්කාර

 
 
 



අදහස් (0)

ජීවිත රැසක් බේරන්න තම ජීවිතය පූජා කළ විරුවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site