
ලංකාවේ රෝහල් අතරින් පළමු වතාවට තවත් පුද්ගලයකුගේ පාදයක් තවත් පුද්ගලයකුට බද්ධ කිරීමේ විස්මිත සැත්කමක් පසුගිය 24 වැනි දින අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුවිය. මෙම සැත්කම අපේ රටේ වෛද්‍ය ඉතිහාසෙය් රන් අකුරෙන් ලියැවෙනවා නොඅනුමානය. මෙම සැත්කම මේ මොහොත වන විට වාර්තා කිහිපයක් තබා තිබේ.
පළමු වාර්තාව මෙවන් සැත්කමක් අපේ රටේදී සිදුකළ ප්‍රථම වතාව වීමය. දෙවැනි වාර්තාව වන්නේ මෙවන් සැත්කමක් ලෝකයේ සිදුකළ සිවුවැනි රට අපේ රට වීමය. තුන්වැනි වාර්තාව වන්නේ මුළු ලෝකයේම මෙවන් ආකාරයට සිදුකළ පස්වැනි සැත්කම වීමයි.
මීට පෙර මෙවන් ආකාරෙය් සැත්කම් සිදුකර ඇත්තේ කැනඩාව, ස්පාඤ්ඤය සහ තුර්කිය යන රටවල පමණී. එම රටවල් තුනේ මෙවන් ආකාරයේ සැත්කම් සිවු වරක් සිදුකොට ඇති අතර පස්වැනි සැත්කම පසුගිය 24 වැනි දිනයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙසේ සිදුවිය.

කැබිතිගොල්ලෑවේ පදිංචිව සිටි 52 හැවිරිදි මොළය මියගිය පුද්ගලයකුගේ වම් පාදය රාජාංගණය ප්‍රදේශයේ පදිංචිව සිටින 32 හැවිරිදි විවාහක එක්දරු පියකුට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙෙස් බද්ධ කරනු ලැබිණ. මෙම පුද්ගලයා මීට වසරක පමණ පෙර අනතුරක් හේතුවෙන් වම් පාදය අහිමි වූ පුද්ගලයෙකි.
මෙම සැත්කම සාර්ථක අයුරින් සිදුකිරීමෙන් පසුව පසුගිය 26 වැනි දින මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලයනල් මුහන්දිරම්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණ.
මෙහිදී මෙම සැත්කම සිදුකළ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජේ. අරුඩ් චෙල්වම් මහතා මෙසේ පැවසීය.
මෙම සැත්කම ලංකාවේ රෝහල් අතුරින් අනුරාධපුර රෝහලේ තමයි පළමුවරට සිදුකළේ. ඒ වාගේම ලෝකයේ රටවල් අතරින් පස්වැනි වතාවටයි මේ සැත්කම සිදුකරන ලද්දේ. මීට පෙර මෙවන් ආකාරයේ සැත්කම් පිළිබඳව අවබෝධයක් නොතිබූ නිසා සැත්කම පිළිබඳව හොඳින් සිතා බලා සිදුකරන්න අපේ වෛද්‍ය කණ්ඩායමට සිදුවුණා. මෙම සැත්කමට පැය දහයකට අධික කාලයක් ගතවුණා.
රෝගියාගේ දණ හිසෙන් උඩ කලවා ප්‍රදේශය ආසන්නයෙන් මෙම සැත්කම සිදුකළා.
මෙම රෝගියා පාදය අහිමි වීමෙන් පසුව කෘත්‍රිම පාදයක් භාවිත කරලා තිබුණා. ඒ නිසා මාංශ පේශි තදවී තිබුණා. ඒ නිසා කකුළ බද්ධ කිරීමට සුදුසු ආකාරයට එම කොටස් සකස් කිරීමෙන් පසුව පියවරෙන් පියවරට සැත්කම සාර්ථකව සිදුකරන්න හැකියාව ලැබුණා. මෙම සැත්කම අපි කණ්ඩායමකෙග් උත්සාහයක්. අපිට මේ ආකාරයට අනාගතයේදී අත්දෙකම නැති රෝගියකුට අත් දෙකක් බද්ධ කිරීමේ හැකියාවක් තියෙනව. කොහොම වුණත් පාද බද්ධ කළ රෝගියාට බෙහෙත් දීර්ඝ කාලීනව භාවිත කිරීමට සිදුවෙනවා. යටි පතුලට දැනීම එනතෙක් කකුල පරිස්සම් කරගත යුතුයි. මේ සඳහා මාස අටක් පමණ ගතවෙයි කියලා හිතෙනවා.

මෙම සැත්කම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහෙල් ප්ලාස්ටික් ශල්‍ය විශේඥ වෛද්‍ය අමිල සුපුන් රත්නායක මහතා මෙසේ පැවැසීය.
මෙම සැත්කම අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයේ සංධිස්ථානයක්. මෙවන් ආකාරයට ලංකාවේ සිදුකළ ප්‍රථම සැත්කම මෙයයි. සාමාන්‍යයෙන් අපි වෙනත් පුද්ගලයන්ගේ අභ්‍යන්තර අවයව බද්ධ කළත් මෙවැනි අවයව බද්ධ කිරීමක් සිදුකර තිබුණේ නැහැ. ෙම් ආකාරයට අත්දෙක වුණත් බද්ධ කිරීමේ හැකියාව තිබෙනවා.
මියගිය පුද්ගලයාගේත් රෝගියාගේත් පාදවල විශාල වෙනසක් දක්නට ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් උස පුද්ගලයෙකුගේත් සාමාන්‍ය උස පුද්ගලයකුගේත් කකුල් අතර විශාල වෙනසක් නැහැ. ලබා දෙන ඖෂධ හේතුවෙන් ස්නායු ඉතා ඉක්මණින් වැඩෙනවා. මේ හේතුවෙන් රෝගියා ඉක්මනින් සුවය ලබනු ඇතැයි තමන් ඇතුළු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායම බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජීවත්ව මොළය මියගිය මෙම 52 හැවිරිදි පුද්ගලයාගේ වකුගඩුද නුවර ප්‍රදේශයේ පදිංචි රෝගීන් දෙදෙනකුට බද්ධකොට තිබේ.
මෙම මාධ්‍ය හමුවට අනුරාධපුර රෝහලේ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විෙශ්ෂඥ වෛද්‍ය ජේ. අරුඩ් චෙල්වම්, ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ එච්.එච්.ඒ.එස් රත්නායක, වකුගඩු රෝග වෛද්‍ය විශේෂඥ ප්‍රමිත් රාජක්‍රිෂ්ණ, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ටෙරන්ස් කාරියවසම් විශේෂඥ වෛද්‍ය ඩබ්.ඩබ්.එන්.සී. විජේසිංහ යන මහත්වරු එක්ව සිටියහ.
මෙම සැත්කම සිදුකළ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය අරුඩ් චෙල්වම් මහතා ද සැත්කම සිදුකළ වෛද්‍ය කණ්ඩායම ද සැත්කම සිදුකළ අයුරු සහ ප්‍රවෘත්ති සාකච්ඡාව ද සේයාරුවලින් දැක්වේ.
අනුරාධපුර දයාරත්න, ඇඹෝගම අතුල බණ්ඩාර සහ බී. ජී. චතුරංග
සේයාරු : දයාරත්න ඇඹෝගම
2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කකුලක් අහිමි වූ අයකුට වෙනත් අයකුගේ කකුලක් බද්ධ කළ සැත්කම