IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කකුලක් අහිමි වූ අයකුට වෙනත් අයකුගේ කකුලක් බද්ධ කළ සැත්කම

 

ලංකාවේ රෝහල් අතරින් පළමු වතාවට තවත් පුද්ගලයකුගේ පාදයක් තවත් පුද්ගලයකුට බද්ධ කිරීමේ විස්මිත සැත්කමක් පසුගිය 24 වැනි දින අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුවිය. මෙම සැත්කම අපේ රටේ වෛද්‍ය ඉතිහාස​ෙය් රන් අකුරෙන් ලියැවෙනවා නොඅනුමානය. මෙම සැත්කම මේ මොහොත වන විට වාර්තා කිහිපයක් තබා තිබේ.

 

පළමු වාර්තාව මෙවන් සැත්කමක් අපේ රටේදී සිදුකළ ප්‍රථම වතාව වීමය. දෙවැනි වාර්තාව වන්නේ මෙවන් සැත්කමක් ලෝකයේ සිදුකළ සිවුවැනි රට අපේ රට වීමය. තුන්වැනි වාර්තාව වන්නේ මුළු ලෝකයේම මෙවන් ආකාරයට සිදුකළ පස්වැනි සැත්කම වීමයි.  
මීට පෙර මෙවන් ආකාර​ෙය් සැත්කම් සිදුකර ඇත්තේ කැනඩාව, ස්පාඤ්ඤය සහ තුර්කිය යන රටවල පමණී. එම රටවල් තුනේ මෙවන් ආකාරයේ සැත්කම් සිවු වරක් සිදුකොට ඇති අතර පස්වැනි සැත්කම පසුගිය 24 වැනි  දිනයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙසේ සිදුවිය.  


කැබිතිගොල්ලෑවේ පදිංචිව සිටි 52 හැවිරිදි මොළය මියගිය පුද්ගලයකුගේ වම් පාදය රාජාංගණය ප්‍රදේශයේ පදිංචිව සිටින 32 හැවිරිදි විවාහක එක්දරු පියකුට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙ​ෙස් බද්ධ කරනු ලැබිණ. මෙම පුද්ගලයා මීට වසරක පමණ පෙර අනතුරක් හේතුවෙන් වම් පාදය අහිමි වූ පුද්ගලයෙකි.  


මෙම සැත්කම සාර්ථක අයුරින් සිදුකිරීමෙන් පසුව පසුගිය 26 වැනි දින මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලයනල් මුහන්දිරම්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණ.  


මෙහිදී මෙම සැත්කම සිදුකළ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජේ. අරුඩ් චෙල්වම් මහතා මෙසේ පැවසීය.  
මෙම සැත්කම ලංකාවේ රෝහල් අතුරින් අනුරාධපුර රෝහලේ තමයි පළමුවරට සිදුකළේ. ඒ වාගේම ලෝකයේ රටවල් අතරින් පස්වැනි වතාවටයි මේ සැත්කම සිදුකරන ලද්දේ. මීට පෙර මෙවන් ආකාරයේ සැත්කම් පිළිබඳව අවබෝධයක් නොතිබූ නිසා සැත්කම පිළිබඳව හොඳින් සිතා බලා සිදුකරන්න අපේ වෛද්‍ය කණ්ඩායමට සිදුවුණා. මෙම සැත්කමට පැය දහයකට අධික කාලයක් ගතවුණා.  


රෝගියාගේ දණ හිසෙන් උඩ කලවා ප්‍රදේශය ආසන්නයෙන් මෙම සැත්කම සිදුකළා.  


 මෙම රෝගියා පාදය අහිමි වීමෙන් පසුව කෘත්‍රිම පාදයක් භාවිත කරලා තිබුණා. ඒ නිසා මාංශ පේශි තදවී තිබුණා. ඒ නිසා කකුළ බද්ධ කිරීමට සුදුසු ආකාරයට එම කොටස් සකස් කිරීමෙන් පසුව පියවරෙන් පියවරට සැත්කම සාර්ථකව සිදුකරන්න හැකියාව ලැබුණා. මෙම සැත්කම අපි කණ්ඩායමක​ෙග් උත්සාහයක්. අපිට මේ ආකාරයට අනාගතයේදී අත්දෙකම නැති රෝගියකුට අත් දෙකක් බද්ධ කිරීමේ හැකියාවක් තියෙනව. කොහොම වුණත් පාද බද්ධ කළ රෝගියාට බෙහෙත් දීර්ඝ කාලීනව භාවිත කිරීමට සිදුවෙනවා. යටි පතුලට දැනීම එනතෙක් කකුල පරිස්සම් කරගත යුතුයි. මේ සඳහා මාස අටක් පමණ ගතවෙයි කියලා හිතෙනවා.  


මෙම සැත්කම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහ​ෙල් ප්ලාස්ටික් ශල්‍ය විශේඥ වෛද්‍ය අමිල සුපුන් රත්නායක මහතා මෙසේ පැවැසීය.  


මෙම සැත්කම අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයේ සංධිස්ථානයක්. මෙවන් ආකාරයට ලංකාවේ සිදුකළ ප්‍රථම සැත්කම මෙයයි. සාමාන්‍යයෙන් අපි වෙනත් පුද්ගලයන්ගේ අභ්‍යන්තර අවයව බද්ධ කළත් මෙවැනි අවයව බද්ධ කිරීමක් සිදුකර තිබුණේ නැහැ. ​ෙම් ආකාරයට අත්දෙක වුණත් බද්ධ කිරීමේ හැකියාව තිබෙනවා.  


මියගිය පුද්ගලයාගේත් රෝගියාගේත් පාදවල විශාල වෙනසක් දක්නට ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් උස පුද්ගලයෙකුගේත් සාමාන්‍ය උස පුද්ගලයකුගේත් කකුල් අතර විශාල වෙනසක් නැහැ. ලබා දෙන ඖෂධ හේතුවෙන් ස්නායු ඉතා ඉක්මණින් වැඩෙනවා. මේ හේතුවෙන් රෝගියා ඉක්මනින් සුවය ලබනු ඇතැයි තමන් ඇතුළු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායම බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.  


කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජීවත්ව මොළය මියගිය මෙම 52 හැවිරිදි පුද්ගලයාගේ වකුගඩුද නුවර ප්‍රදේශයේ පදිංචි රෝගීන් දෙදෙනකුට බද්ධකොට තිබේ.  


 මෙම මාධ්‍ය හමුවට අනුරාධපුර රෝහලේ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ වි​ෙශ්ෂඥ වෛද්‍ය ජේ. අරුඩ් චෙල්වම්, ප්ලාස්ටික්​ ශල්‍ය විශේෂඥ එච්.එච්.ඒ.එස් රත්නායක, වකුගඩු රෝග වෛද්‍ය විශේෂඥ ප්‍රමිත් රාජක්‍රිෂ්ණ, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ටෙරන්ස් කාරියවසම් විශේෂඥ වෛද්‍ය ඩබ්.ඩබ්.එන්.සී. විජේසිංහ යන මහත්වරු එක්ව සිටියහ.  


මෙම සැත්කම සිදුකළ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය අරුඩ් චෙල්වම් මහතා ද සැත්කම සිදුකළ වෛද්‍ය කණ්ඩායම ද සැත්කම සිදුකළ අයුරු සහ ප්‍රවෘත්ති සාකච්ඡාව ද සේයාරුවලින් දැක්වේ.

අනුරාධපුර දයාරත්න, ඇඹෝගම අතුල බණ්ඩාර සහ බී. ජී. චතුරංග
සේයාරු : දයාරත්න ඇඹෝගම



අදහස් (0)

කකුලක් අහිමි වූ අයකුට වෙනත් අයකුගේ කකුලක් බද්ධ කළ සැත්කම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29407 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11650 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 721 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 215 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 865 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site