IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඉන්දීය කොරෝනා එන්නතෙන් රෝගය පාලනය කළ හැකිද?

 

ලෝකයක් ලෙසට අප සියලු රටවල් ආපස්සට ඇද දමමින්, පුද්ගල ජන ජීවිත උඩු-යටිකුරු කළ කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් සුදුසු ඖෂධයක් හෝ එන්නතක් එන තෙක් අපි නොඉවසිල්ලෙන් බලා සිටියෙමු. 

 
එම අවස්ථාව දැන් උදාවී ඇත. ගෙවුණු සතියේ සිට අප රටේද කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ආරම්භ විය.   
එක්දහස් නවසිය අනූ ගණන්වල සිටම ශ්‍රී ලංකාව යනු ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම ඇති රටකි. එවැනි ඉතිහාසයකට උරුම කියනා අප රටට මෙම කොරෝනා වයිරස් පාලන එන්නත ඉතාම ඉක්මනින් ලබාදීමට හැකිවීමද සුවිශේෂී අවස්ථාවක් ලෙසට සෞඛ්‍ය අංශ කියයි.   
පළමු අදියරේදී කොරෝනා මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සටන්කරුවන් වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හා ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ට එන්නත ලබාදෙන අතර පසුව ප්‍රමුඛතාව අනුව අනෙක් පුද්ගලයන්ට එන්නත නිර්දේශ කෙරේ.   


කෙසේ නමුත් මෙරට කොරෝනා පාලනයට එන්නත මගින් කුමන ආකාරයේ සුබදායී ප්‍රතිඵලයක් ලැබේද? අපි සොයා බැලුවෙමු.   
මෙම දිනවල ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය කරනු ලබන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂණයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල ලැබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත හෙවත් ChAdOx1 එන්නතය. ඔක්ස්ෆර්ඩ් ChAdOx1 එන්නත මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක දැනට අනුමත කර ඇති අතර මෙම එන්නත ඉන්දියාවේ “සීරම්” නමැති ආයතනය මගින් නිෂ්පාදනය කෙරේ.   


මෙම එන්නත ලබාදීමේ මූලිකම අරමුණ වනුයේ කොවිඩ්-19 රෝගය ඇති කරවන SARS Cov2 වයිරසය මැඩපැවැත්වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ශරීරය තුළ ගොඩනංවා ගැනීමය. මෙම කාර්යය වෙනුවෙන් ලොව පුරා එන්නත් විශාල සංඛ්‍යාවක් නිපදවා ඇති අතර Pfizer BNTJ6262 එන්නත, Moderne එන්නත, රුසියාවේ Spotnik, ඔක්ස්ෆර්ඩ් ChAdOx1 එන්නත හා චීනයේ SinoVTC එන්නත් ඉන් ප්‍රධාන වේ. මෙම එන්නත්හි ක්‍රියාකාරිත්වය විවිධාකාරයෙන් වන බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කර ඇත.   
ලංකාවේ භාවිත කරන ChAdOx1 (Oxford එන්නත) මගින් සිදුවන්නේ කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ප්‍රතිදේහ සෑදීම උපකාර කර එම ප්‍රතිදේහ මගින් පුද්ගල ශරීරයේ ප්‍රතිශක්තිය නංවා ගැනීමට උපකාර කිරීමය. විශේෂයෙන්ම මෙම නව එන්නත නිපදවා ඇත්තේ කොරෝනා වයිරසයේ ‘පිටත ඇති ප්‍රෝටීනය’ (Spike Protein) සෑදීම සඳහා වැදගත්වන ජානය චිම්පන්සියන්ට සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන වයිරසයට සම්බන්ධ කිරීමෙනි (Chimpanzee Aden virus)' මෙම චිම්පන්සි සෙම්ප්‍රතිශ්‍යා වයිරසය මනුෂ්‍ය ශරීරය තුළ විභජනය නොවන අතර එහෙයින් එන්නත ලබා ගන්නා මිනිසුන්ට වයිරසයෙන් බලපෑමක් ඇති නොවේ.   


මෙහිලා ඉතාම වැදගත් කරුණ වනුයේ ChAdOx1 එන්නත ලබාදීමෙන් පසුව SARS Cov2 වයිරසයට එරෙහිව මිනිස් ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවීමය. එලෙස නිපදවෙන ප්‍රතිදේහ මගින් මිනිස් සිරුරට ඇතුළුවන SARS Cov2 හෙවත් කොරෝනා වයිරසය විනාශ කර දමා කොවිඩ්-19 රෝගය සෑදීම වළක්වාලීමට උපකාරි වීමය.   


මෙම ඔක්ස්ෆර්ඩ් (Oxford) එන්නත වඳුරන්ගෙන් කරන ලද මූලික පර්යේෂණයන්ගෙන් පසුව, අදියර තුනක් යටතේ නැවත වරක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 75,000කට ආසන්න සංඛ්‍යාවකට නැවත අත්හදාබැලීම් කර ඇත. එහි අවසාන ප්‍රතිඵලය ලෙසට ලැබී ඇත්තේ මෙම එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව නියමිත පරිදි ලබාගත් අයකුට රෝගය වැළඳීමේ අවදානම සියයට 70 පමණ අඩුවී යන බවය.   


ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ඔක්ස්ෆර්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී මාසයක්, මාස තුනක් අතර කාලයේ​දී දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු යොදා ඇත. කෙසේ නමුත් ලොව පුරා පර්යේෂණ සිදුකළ පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ එන්නතේ දෙවන මාත්‍රාව මාස තුනකින් ලබාදීමෙන් තවත් වැඩි ප්‍රතිඵල ලබාගත හැකි බවය. 

 
එන්නත හේතුවෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ තත්ත්වයන්   


සාමාන්‍යයෙන් ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසුව ඇතැම් පුද්ගලයන්ට ඉතාම සුළු අතුරු ආබාධ තත්ත්වයන් මතුවිය හැක. එය අනියත බියක් ඇතිකර ගත යුතු තත්ත්වයක් නොවේ.   


ඔක්ස්ෆර්ඩ් ChAdOx1 එන්නතෙහි පළමු මාත්‍රාව ගැනීමෙන් පසුවද සුළු සුළු අතුරු ආබාධ ඇතිවිය හැක.   


එන්නත ලබාදුන් ස්ථානයේ වේදනාවක් දැනීම   
මඳ උණ ගතියක් ඇතිවීම හෝ,   
වෙව්ලා උණ ගැනීම   
හිසරදය   
මාංශපේශි වේදනාව   
වමනය   


හන්දිපත් වේදනාව වැනි අතුරු ආබාධ තත්ත්වයන් මතුවිය හැක.   


මෙවන් සුළු සංකූලතා ඇතිවීම, ධනාත්මක ලෙස සැලකිය හැක්කේ එන්නත ශරීරය තුළ හොඳින් ක්‍රියාත්මක වන බවට මෙම ශාරීරික වෙනස්කම් සාක්ෂියක් සැපයීමය.   
ඇතැම් පුද්ගලයන් සීමිත පිරිසකට බරපතළ ආසාත්මිකතා ඇතිවිය හැක. එහෙයින් ඔබ මීට පෙර යම් ඖෂධයකට, ආහාරයකට ආසාත්මිකතා දක්වන්නකු නම් ඒ පිළිබඳ එන්නත ලබාගැනීමට පෙර ඒ පිළිබඳ දැනුවත් කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මතක තබාගත යුතුය.   


මෙම අතුරු ආබාධ තත්ත්වයන් බහුලව දැකිය හැක්කේ අවුරුදු 55ට අඩු තරුණ පිරිසටය. මෙම එන්නතින් වැඩිහිටියන්ට අතුරු ආබාධ තත්ත්වයන් ඉතාම අල්පව මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ.   


කෙසේ නමුත් දෙවන මාත්‍රාව දීමෙන් පසු සංකූලතා ඉතාම අල්ප වේ. ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වී ඇති කරුණු අනුව බරපතළ සංකූලතා වාර්තාවී නැති තරම්ය.   


මෙම එන්නත් ගැබිනි මව්වරුන්ට හා කිරි දෙන මව්වරුන්ට ලබාදිය හැකිද?   


ගැබිනි හා කිරි දෙන මව්වරුන් සඳහා මෙම එන්නත ප්‍රමාණවත් තරම් අත්හදාබැලීම් කර නැති අතර එම නිසාම මෙවැනි මව්වරුන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත දැනට ලබාදීමක් සිදු නොවේ. කෙසේ වෙතත් මෙම එන්නත සමග ලබාදෙන වයිරසය ශරීරයේ විභජනය වීමක් සිදු නොවන බැවින් ඇතැම් අවදානම් මව්වරුන්ට පුද්ගලානුරූපීව සලකා බලා මෙම එන්නත ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ. ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට එන්නත ලබාදෙන්නේද නැද්ද, ලබා දෙන්නේ නම් කෙසේ ලබා දිය යුතුද යන්න සායනික මට්ටමෙන් දැනට පර්යේෂණ පැවැත්වේ.   


එන්නත ලබාගැනීමෙන් සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 රෝගයෙන් මිදිය හැකිද?   


මේ ඔබ මෙන්ම මා ද දෑස් දල්වා බලා සිටි ප්‍රශ්නාර්ථයකි. දැනට සනාථ කරගෙන ඇති කරුණු අනුව ඔක්ස්ෆර්ඩ් (ChAdOx1) එන්නතෙහි කාර්යක්ෂමතාව සියයට 70කි. එම නිසා එන්නත් ලබා ගත්තද ඉතාම සුළු පිරිසකට නැවත රෝගය වැළඳීමේ සම්භාවිතාවක් තිබිය හැක. කෙසේ නමුත් මෙම එන්නත ලබාගත් කිසිවකුට බරපතළ රෝග ලක්ෂණ හෝ රෝගය උත්සන්න වීමෙන් මරණයට පත්වීම වැනි තත්ත්වයට පත්වීමක් ඇති නොවේ. එහෙයින් එන්නත ලබාගැනීම ඉතාම වැදගත් හා අත්‍යවශ්‍යම කරුණක් වේ.   


එන්නත ලබාගත්තද සෞඛ්‍ය පුරුදු අත්නොහරින්න   


එන්නත මගින් වයිරසය මුළුමනින්ම මැඩපවත්වා ගැනීමක් සිදුකර දෙයි සිතා, කලින් අනුගමනය කළ ශ්වසන ආචාරධර්මයන්ගෙන් ඈත්වීම කිසිවිටෙකත් නොකළ යුතුය. විශේෂයෙන්ම එන්නත ලබා ගත්තද පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, මුඛ ආවරණ පැළඳීම, දෑත් නිරතුරුවම පිරිසිදුව තබාගැනීම වැනි සෞඛ්‍ය පුරුදු නිරතුරුවම අනුගමනය කිරීම ඉතාම වැදගත්ය. එවැනි පුද්ගලයකු වාහකයකු විය හැකිය.   


එන්නත ලබාගත් පිරිසෙන් වයිරසය පැතිරීම වළක්වාගත හැකිද? 

 
එන්නත මගින් SARS Cov2 වයිරසය වැළඳීම බොහෝ දුරට පාලනය කරගත හැකි වුවද රෝගය අන් අයට පැතිරීම වළක්වා ගත හැකි යැයි පර්යේෂණ මගින් ඔප්පු කර නැත. එහෙයින් යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගැනීම නිරතුරුවම කළ යුතුවේ. 

 
නව වයිරස් ප්‍රභේදය සඳහා එන්නතෙහි ප්‍රතික්‍රියාව කෙබඳු වේද?   


දැනට සොයාගෙන ඇති දත්තවලට අනුව ලොව පුරා රටවල පැතිර යන නව කොරෝනා වයිරස් ප්‍රභේදය ඉතා ඉක්මනින් මර්දනය කිරීමේ හැකියාවක් එන්නත් මගින් ලැබෙන බව හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම එංගලන්තයෙන් සොයා ගන්නා ලද B.1.1.7 ප්‍රභේදය එන්නත් මගින් සාර්ථකව මර්දනය කළ හැකි බව හඳුනාගෙන ඇත. නමුත් දකුණු අප්‍රිකාවේ පැතිරෙන B484K ප්‍රභේදය බොහෝ එන්නත් මගින් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බව සොයාගෙන ඇත.   


ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දැනට බෙදාහැර ඇති එන්නත් ප්‍රමාණය මිලියන 40ක් පමණ වන අතර ඉන් සියයට 90ක් පමණ බව බෙදා දී ඇත්තේ ලොව බලවත්ම ධනවත් රටවල් දහයක් අතරය. එවන් තත්ත්වයක් මත අප රටට ලැබුණු මෙම අවස්ථාවත් සමග සෞඛ්‍ය පුරුදු නිරතුරුවම ආරක්ෂා කරගනිමින් එන්නත් ලබාගැනීමෙන් කොවිඩ්-19 රෝගය මෙරටින් තුරන් කිරීමේ සිහිනය වැඩි ඈතක නොවන බවට සුභ ලකුණු මතුව ඇත.

 

 

සටහන
අසුන්තා එදිරිසූරිය 



අදහස් (0)

ඉන්දීය කොරෝනා එන්නතෙන් රෝගය පාලනය කළ හැකිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 16 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 28 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 12 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 14 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 61 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 23 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site