IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අළු පුහුල්

 

බලි තොවිලයකදී පුහුලක් කපා වස් දොස් අරිනු ලැබුව ද කලාතුරකින් වෑංජනයක් ලෙස සකසා අළු පුහුල් ආහාරයට එක් කර ගත්ත ද මහා බලසම්පන්න ඖෂධයක් ලෙසින් රෝග රැසක නිවාරණයට ආයුර්වේදයේදී අළු පුහුල් භාවිතයට ගන්නා බව බොහෝ දෙනෙක් නොසිතති.   


පුහුල් දඬු, ගෙඩි, මුල්, ඇට, කොළ, ඇටනිස්සාරය කිරීමෙන් ලබා ගන්නා තෙල් ද පුහුල් ගෙඩියේ ලෙල්ල වේළා අනිතර් දුමෙන් පුලුස්සා ගත් අළු ද විවිධ අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා ගැනේ.   


ඒකීය ද්‍රව්‍යයක් ලෙස මෙන්ම ඖෂධ සංස්කරණය සඳහා යොදා ගනු ලබන අළු පුහුල් රස ඖෂධයකි. විෂ ඉවත් කිරීමට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක් ද වේ.   


ආයුර්වේද ඖෂධයන් සඳහා ළපටි අළු පුහුල් භාවිත නොකෙරේ. හොඳින් පැසුණු අළු පුහුල් ගෙඩි ලණුවකින් හෝ පොල් කොළ භාවිතයෙන් සකසා ගන්නා ආවරණයකින් වසරක් පමණ එල්ලා තැබීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොදා ගැනීම ඉතාම යෝග්‍ය බව ආයුර්වේදයේ පෙන්වා දේ.   


කුෂ්මාණ්ඩ, ස්වේත පුෂ්ප, පීත පුෂ්ප, මහාඵල ආදී සංස්කෘත භාෂාවෙන් හැඳින්වෙන අළු පුහුල් ගෙඩියේ හැඩය අනුව ද වර්ග කෙරේ. පුහුල් දිගටි ගෙඩි සහ රවුම් ගෙඩි වශයෙන් වර්ග වේ.   


සමෙහි පැහැය ඔප්නංවා ගැනීමට ලොව ඇති වටිනාම ඖෂධයක් ලෙස අළු පුහුල් යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. සම පිරිසිදු කිරීමේ සේදුම්කාරකයක් ලෙස, සම ආරක්ෂා කරනා ආලේපන නිෂ්පාදනය සඳහා ලොව දියුණු රටවල් අළු පුහුල් භාවිතයට ගැනේ.   


ශරීරගත විෂ ද්‍රව්‍යයක් ඉවත් කිරීමට හෝ විෂ ද්‍රව්‍යයක් මගින් ශරීරයට ඇතිවන බලපෑම ඉවත් කිරීමට පුහුල් දඬු කලං 12 කසාය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී ඉතා ප්‍රසිද්ධය.   


ශරීරයේ ඇතිවන දාහය (දැවිල්ල) සමනය කිරීමටත්, මුඛයේ තුවාල, අාමාශගත තුවාල, ගුද මාර්ගයේ ඇතිවන තුවාල සුවපත් කිරීමට පුහුල් මද ඉස්ම පානය කිරීමට සැලැස්වේ.   


විෂාදය නමැති මානසික රෝගයෙන් පෙලෙන්නන්ට ආහාරයක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙස ද අළු පුහුල් භාවිත කෙරේ.   


 වලිප්පු රෝගීන්ට අළු පුහුල්වලින් සකසා ගත් ඖෂධ ආයුර්වේදයේදී යොදා ගැනෙන අතර, මොෆින් නමැති වේදනා නාශක ඖෂධ භාවිතයෙන් ශරීරයට ඇතිවන විෂ තත්ත්වයන් පාලනයට ද ගැනේ.   
අල්සයිමර රෝගීන්ට ද අළු පුහුල් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව ආයුර්වේදයේදී හඳුනාගෙන තිබේ.   


ආමාශයේ තුවාල සුව කිරීමට   


අළු පුහුල් දඬු කලං 12 කසාය සකස් කර ගිතෙල් සහ සීනි මිශ්‍ර කර පානයට දීම මෙන්ම දළු කොළ වෑංජනයක් ලෙස සකසා ආහාරයට දීම යෝග්‍යය.   


පණු රෝග සඳහා ද මෙම ප්‍රතිකාරයම ලබාදේ.   


බරවා රෝගීන්ට   


බරවා රෝගයෙන් පෙළෙන්නන්ට අභ්‍යන්තර ප්‍රතිකාරයක් ලෙස මෙන්ම බාහිර ප්‍රතිකාරයක් ලෙස ද අළු පුහුල් භාවිත කෙරේ. විශේෂයෙන්ම බරවා රෝගයට නිසි ප්‍රතිකාර නොකිරීමෙන් ඇතිවන සම කළු වීම ස්ථිරවම ඇතිවන ඉදිමුම් තත්ත්වයේදී ද අළු පුහුල් දළු සහ කොළ අමු කහ සහ වියළි ඉඟුරු කුඩු දමා මිශ්‍ර කර හොඳින් අඹරා ආලේප කිරීමෙන් ඉදිමුම් තත්ත්වයන් පාලනය කරගත හැකිය.   


ශරීරයේ ඇතිවන ඉදිමුමට 

 
වේදනා නාශක ගුණයෙන් යුතු අළු පුහුල් ශරීරයේ ඇතිවන විවිධ ඉදිමුම්වලදී අමුකොළ හෝ ඵලය අමු කහ සමඟ මිශ්‍ර කර ආලේප කිරීම සුදුසුය. 

 
අතීසාරයට   


බෙහෙත් එරඬු තෙල් භාවිතයෙන් ඇතිවන අතීසාර තත්ත්වය පාලනයට අළු පුහුල් යුෂ භාවිතයට දීම යෝග්‍යය.   


ශ්වසන ආබාධ, හතිය, ඇදුම වැනි පෙනහළුගත රෝග පාලනයට ඒකීය ද්‍රව්‍යයක් ලෙස මෙන්ම සංස්කරණයක් ලෙස ද අළු පුහුල් ආයුර්වේදයේදී භාවිතයට ගැනේ.   


මුත්‍රාකාරක ගුණයෙන් යුතු අළු පුහුල් වකුගඩුවල ගල් ඇතිවිට පාලනය කරයි. වකුගඩුවල රැඳෙනා සෝඩියම්, පොටෑසියම් සහ ක්ලෝරයිඩ් සංඝටකයන් ඉවත් කර වකුගඩු පිරිසිදු කිරීමට ද අළු පුහුල් ආහාරයක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙස ද ගැනීම යෝග්‍යය.   


ලොකු මාළු වර්ග නිතර අනුභව කරන්නන්ගේ ශරීරයේ තැන්පත්වන රසදිය ප්‍රමාණය ඉවත් කිරීමේ හැකියාවක් අළු පුහුල් සතුවන බව හඳුනාගෙන තිබේ.   


ක්ෂුද්‍ර ජීවී නාශක ගුණයෙන් යුතු අළු පුහුල් පිළිකා නාශක ගුණයෙන් ද යුක්ත බව අද වනවිට හඳුනාගෙන ඇත.   


ශරීරගත අහිතකර කොලෙස්ටරෝල් පාලනයට කරපිංචා, සුදුලූනු, පුහුල් දලු එක්කර සකසා ගන්නා සලාදය ද ඉතාම යෝග්‍යය.   


අළු පුහුල්වලින් සකසන ගුඩ කුෂ්මාණ්ඩ රසායනය   


පිත් සහ සෙම් පාලනය කිරීමේ ගුණයකින් යුතු ගුඩ කුෂ්මාණ්ඩ රසායනය ශරීරය පෘෂ්ඨිමත් කිරීමේ ගුණයකින් ද යුක්තය. (ස්ථුලතාවයෙන් පෙළෙන්නන්ට මෙම රසායනය භාවිතයෙන් තවත් මහත් විය හැකිය.)   
සාමාන්‍ය කැස්සට මෙන්ම ශ්වසන ආබාධ සඳහාත් ක්‍ෂය වැනි රෝගී තත්ත්වයන් පාලනයට ද මෙම රසායනය ඉතාම යෝග්‍යය. වමනය පාලනයටත්, දීර්ඝකාලීනව පවතින උණ තත්ත්වය පාලනය කිරීමටත් නිතර ඉක්කාව ඇති වන්නන්ටත් ගුඩ කුෂ්මාණ්ඩ රසායනය යෝග්‍යය.   


කුෂ්මාණ්ඩ රසායනය   


කාය බලය මෙන්ම මානසික බලය වර්ධනයට ආයුර්වේදයේ භාවිත කරනා ප්‍රධානතම ඖෂධයකි කුෂ්මාණ්ඩ රසායනය. තරුණ බව රැකගැනීමට ද මෙම රසායනය යෝග්‍ය වේ. රත්, පිත්, පිපාසය, කරකැවිල්ල, වමනය, දීර්ඝකාලීනව පවතින උණට, පෙණහලුගත තුවාල සුව කිරීමටත් ඉතාම යෝග්‍යය. ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ මෙම රසායනය සමඟ එළකිරි, බාර්ලි හෝ සුදුසු අනුපාතයක් සමඟ ගැනීම සුදුසු බවය.   


ශරීරයට හිතකර ඛනිජ ලවණ සහ විටමින් වර්ග රාශියකින් අනූන අළු පුහුල් ප්‍රතිඔක්සිකාරක ගුණය බහුලව ඇති ඵලයක් ලෙස ද හඳුනාගෙන ඇත.   


අළු පුහුල්වල සංතෘප්ත මේද අම්ල සහ අසංතෘප්ත මේද අම්ල සමාන ප්‍රමාණයක් අන්තර්ගතය. ප්ලේවනොයිඩ්, ග්ලයිකෝසයිඩ්, සැකරයිඩ්, ප්‍රෝටීන, කැරටින, විටමින, ඛනිජ ලවණ, යුරෝනික් ඇසිඩ්, ග්ලැක්ටෝස්, ග්ලූකෝස්, ෆායිරෝස් (සීනි වර්ග) සංඝටකයන් බොහෝමයක් අළු පුහුල්වල අන්තර්ගතය.   


අළු පුහුල් ග්‍රෑම් 100ක අඩංගු පෝෂණ සංඝටකයන්   


ශක්තිය කිලෝ ජූල් 54   
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 39   
කෙඳි ග්‍රෑම් 2.9   
මේදය ග්‍රෑම් .29   
ප්‍රෝටීන ග්‍රෑම් .4   
B1 මිලිග්‍රෑම් .94   
B2 මිලිග්‍රෑම් .11   
B3 මිලිග්‍රෑම් .4   
B5 මිලිග්‍රෑම් .33   
B6 මිලිග්‍රෑම් .35   
විටමින් C මිලිග්‍රෑම් 13   
කැල්සියම් මිලිග්‍රෑම් 19   
යකඩ මිලිග්‍රෑම් .4   
මැග්නීසියම් මිලිග්‍රෑම් 10   
මැංගනීස් මිලිග්‍රෑම් .058   
පොස්පරස් මිලිග්‍රෑම් 19   
සෝඩියම් මිලිග්‍රෑම් 111   
සිංක් මිලිග්‍රෑම් .61 

 

 

සටහන- අසුන්තා එදිරිසූරිය

 



අදහස් (0)

අළු පුහුල්

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 18 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 28 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 12 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 14 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 61 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 97 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1308 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site