IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනූ කෝටියක සල්ලි හොර පාරෙන් ගන්න ක්‍රිකට් නිලධාරියා දැරූ වෑයම

ක්‍රිකට් තරග රූපවාහිනී ඔස්සේ විකාශය කිරීමේ අයිතිය පැවරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණ ඇ​ෙමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වංචාකාරීව විදේශ බැංකුවක ගිණුමකට තැන්පත් කිරීමට නිලධාරියකු ගත් උත්සාහයක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ඉදිරිපත්වී ඇති බව වාර්තාවේ.   


එම මුදල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් අනූකෝටි හැත්තෑපන් ලක්ෂයකි.   


ක්‍රිකට් තරග විකාශය පිළිබඳව ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය ඇති වූයේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුවය. ඊට පෙරත් ඉන්දියාව සමග තරග ප්‍රචාර පිළිබඳව එකඟතාවයක් තිබුණත් එය ප්‍රබලව නොතිබිණි.   


මෑත කාලයේ රූපවාහිනී ප්‍රචාරක ගනුදෙනු අතිවිශාල වශයෙන් මුදල් උපයන මාර්ගයක් බවට පත්වී තිබෙන්නේ යැයි චෝදනා ඇත.   


එංගලන්තයේ ‘මහත්වරුන්ගේ ක්‍රීඩාව’ වශයෙන් හඳින්වුණ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙරට පරිපාලන කටයුතු සඳහා 1922 කොළඹ ක්‍රිකට් සමාජය පිහිටවූ අතර එය පසුව ක්‍රිකට් පාලක මණ්ඩලය බවට පත්විය.   


ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා සභාපතිවරයකු තෝරා පත්කර ගැනීමේ කටයුත්ත ඇතුළුව එහි මුදල් කටයුතු සම්බන්ධයෙන් කලින් කලට චෝදනා එල්ලවී තිබුණි. අනූව දශකයේදී වර්ල්ඩ් ටෙල් ගනුදෙනුවද එවකට මහත් ආන්දෝලනයකට ලක්වූ සිද්ධියක් වී තිබුණි. ක්‍රීඩාවට සම්බන්ධව සිටි දේශපාලනඥයන් ගණනාවකගේ නම් ​මේ සිදුවීම් හා බැඳී තිබුණ බවද වාර්තාවේ. විශේෂයෙන් ක්‍රිකට් තරග විකාශය සඳහා රූපවාහිනි නාළිකාවකට අනුමැතිය ලබාදීමේදී ඇතැම් අවස්ථාවල වංචනික ලෙස මුදල් අවභාවිතය සිදුවූ බවටද චෝදනා ඇත. 

 
රූපවාහිනි විකාශය සඳහා අනුමැතිය ලබාදීමේ ගනුදෙනුව ධන උල්පතක් බවටද චෝදනා ඇත.   


මෙවරද මූල්‍ය චෝදනා ඇත්තේ රූපවාහානියකට විකාශන අයිතිය පැවරීම සම්බන්ධයෙනි.   


මෙම විකාශන අයිතිය සෝනි ඉන්ටර්නැෂනල් ආයතනයට විකිණීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල වංචනිකව හොංකොංහි බැංකු ගිණුමකට තැන්පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු උත්සාහ ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත්වී ඇත.   


ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් සෝනි ආයතනය ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත මුදලේ වටිනාකමින් වැඩි මුදලක් වංචනිකව වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ දරා ඇති බව කියති.   


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැරවිය යුතුව තිබූ මුදලක් මෙලෙස විදෙස් බැංකුවක පවත්වා ගෙන යන පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට දැන ගන්නට ලැබීමෙන් පසු ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය බාරව සිටින ක්‍රිකට් නිසි බලධාරී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාටත් ඇමැති ෆයිසර් මුස්තාපා මහතාටත් දැනුම්දී ඇත. එහිදී ඇමැතිවරයාගේ උපදෙස් මත මෙම තොරතුරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇත.   


මෙලෙස මුදල් වංචාවකට සම්බන්ධ බවට සැක කෙරෙන ක්‍රිකට් ආයතනයක ප්‍රධාන නිලධාරියකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. දැනට ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බව ද වාර්තා වේ.  


ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම සිද්ධියට අද‌ාළ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ චෝදනාවට ලක්ව සිටින නිලධාරියාගේ ඊමේල් දත්ත පරීක්ෂා කිරීමෙනි. මෙම මූල්‍ය වංචාවට මූල්‍ය ප්‍රධානියාගේ සම්බන්ධයක් ඇති බවට මෙම ඊමේල් දත්ත තොරතුරුවලින් කරුණු හෙළි කරගෙන ඇත.  


මෙම මූල්‍ය වංචාවට අද‌ාළ සියලු ඊමේල් පණිවිඩ හුවමාරු වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිගණක ජාලයෙන් බව ද කියති.  


මූල්‍ය ප්‍රධානියා මේ මුදල පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙස අද‌ාළ රූපවාහිනී ආයතනයට දුරකථනයෙන් දැනුම් දී තිබූ බවට තොරතුරු ලැබී ඇත. මෙම දැනුම් දීම පිළිබඳව අද‌ාළ ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ට දුරකතනයෙන් දැනුම් දීම නිසා සිදුවීමට ගිය මුදල් වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී ඇත.  


එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී විකාශය ලබා දුන් ආයතනයෙන් මෙලෙස ඩොලර් මිලියන 5.5 ක මුදලක් වංචා කිරීමට සූද‌ානම්ව සිටි බව ද සඳහන් වේ.  


 මුදල් බැර කිරීමට සඳහන් කරන ලද ගිණුම හිමි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයකු සිටින බවට ද ලැබී ඇති තොරතුරු පිළිබඳවද විමර්ශනයක් පවතින බව වාර්තා වේ. එම ශ්‍රී ලාංකිකයා මෙරට දේශපාලනඥයකුට සම්බන්ධ කෙනෙක් බවට ද සැකයක් පවතී.  


පෞද්ගලික ගිණුමකට මුදල් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් ඔහු විදේශ ගතව සිටින බැවින් සම්බන්ධ කරගැනීමට නොහැකි විය.   

 

 

සටහන 
දයාසීලි ලියනගේ



අදහස් (0)

අනූ කෝටියක සල්ලි හොර පාරෙන් ගන්න ක්‍රිකට් නිලධාරියා දැරූ වෑයම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site