මියන්මාර් හමුදා සිවිල් වැසියන් ඝාතනය කර ඇති බවට බී.බී.සී පුවත්සේවය අනාවරණය කරගෙන ඇත. එම ඝාතන විඩීයෝ සහ ඡායාරූප සමග අනාවරණය කර ගැනීමට බී.බී.සි පුවත්සේවය කටයුතු කර ඇත.
මියන්මාර් හමුදාව ජූලි මාසයේදී සිවිල් වැසියන් සමූහ වශයෙන් ඝාතනය කිරීම් මාලාවක් සිදු කර ඇති අතර එහිදී අවම වශයෙන් සිවිල් වැසියන් 40 දෙනකු මිය ගිය බව අනාවරණය කරගෙන ඇත .
ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ දිවි ගලවා ගත් අය පැවසුවේ මියන්මාර් හමුදා නිලධාරීන් පැමිණ ගම්වාසීන් එක් තැනකට රැස් කර ඉන් අනතුරුව පිරිමි පුද්ගලයන් එම පිරිසෙන් වෙන්කර වධ දී සමූහ ඝාතනය කල බවයි .
අපරාධයට සම්බන්ධ වූ මියන්මාර් හමුදා නිලධාරීන් අතර වයස අවුරුදු 17 පමණ වයසැති බාල වයස්කාර තරුණයන්ද සිටි බව සාක්ෂිකරුවෝ පැවසූහ .
එම සිදුවීම්වල වීඩියෝ සහ ඡායාරූපවලින් පෙනී යන්නේ ඝාතනයට ලක් වූ බොහෝ දෙනාට පළමුව හමුදා නිලධාරීන් විසින් වධ හිංසා පමුණුවා ඝාතනය කර ඇති අතර ඉන් අනතුරුව නොගැඹුරු සොහොන්වල මළ සිරුරු වල දමා ඇති බවයි .
මධ්‍යම මියන්මාරයේ සගායින්ග් දිස්ත්‍රික්කයේ විපක්ෂ බලකොටුවක් වන කානි ටවුන්ශිප් හි ජූලි මාසයේ අවස්ථා හතරකදී මෙම ඝාතන සිදු වී ඇත .
මියන්මාර් හමුදාව පෙබරවාරි මාසයේ අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණින් බලයෙන් පහ කර හමුදා පාලනයක් පිහිටුවීමෙන් අනතුරුව මියන්මාර් වැසියන්ගේ කැරලිවලට මුහුණ දීමට හමුදා පාලනයට සිදුව ඇත .
බීබීසී නාලිකාව සාක්ෂිකරුවන් 11 දෙනෙකුගෙන් සාක්ෂි විමසා ඇති අතර ඔවුන් ලබාදුන් සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථන ගිණුම්, ඡයාරුප සහ මියන්මාරය තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ෂනය කරන එක්සත් රාජධානිය පදනම් වූ රාජ්‍ය නොවන සංවිධානයකින් ලබා ගත් දත්ත, ඡයාරුප සමග සසදා ඇත
විශාලතම ඝාතනය සිදු වූයේ යින් ගම්මානයේ වන අතර එහිදී අවම වශයෙන් මිනිසුන් 14 දෙනකු බැඳ දමා වධ හිංසා පමුණුවා ,පහර දී මරා දමා ඇත .
මෙම සමුහ ඝාතන ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙන ලෙස බලකරමින් සිදුකරන ක්‍රියාවන්ට ලබාදුන් සාමුහික දඬුවමක් ලෙස පෙනී ගියමුත් දඬුවමට ලක්වූ බොහොමයක් සිවිල් වැසියන්ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd