IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ වෛද්‍යවරයා ඇතුළු 4 කට ඇප

(නිමන්ති රණසිංහ)

බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදාව රෝහලේ වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රෝෂණී අබේවික්‍රම මහත්මිය අද (9) ඇප ලබා දුන්නාය.

එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි සැකකරුවන් සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9.00 - 12.00 අතර කාලයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය නියම කළේය.

සැකකරුවන්ට ඇප ලබා දෙනු ලැබුවේ ඔවුන් සම්බන්ධ විමර්ශන අවසන් බවට පොලිසිය දැක්වූ කරුණු සම්බන්ධයෙන් හා හඳුනාගැනීමේ පෙරට්ටුව අදාළ දැරිය සැකකරුවන් හඳුනා ගැනීම කරුණු විණි.



අදහස් (10)

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ වෛද්‍යවරයා ඇතුළු 4 කට ඇප

maheel Friday, 09 July 2021 05:29 PM

මන්ත්‍රියි, නේවි දොස්තරයි හින්දා සාක්කි අනිත් පැත්ත ගැහිලා දරුවා හිරේ යවන්න වගේ හදන්නේ...

:       0       164

Nihal Friday, 09 July 2021 08:49 PM

ඒක තමයි වෙන්නේ. සමහර විට කීර්තිනාමයට හානි කළා කියලා වන්දි ඉල්ලන්නත් බැරි නෑ...

:       14       114

විජිත් Friday, 09 July 2021 10:13 PM

නිහාල්, ඔබ බොහෝ දුරට හරි වෙන්න පුළුවන්... මට මතකයි මේ ළඟදී අලි පැටව් අල්ලන්න ගිහින් මාට්ටු වුණු හමුදාවක මොලේ අමාරුකාරයෙක් මිනිහාගේ කීර්තිනාමයට කැළලක් කළා කියලා වනජීවී එකේ නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කළා. මේ බූරුවන්ට කොහෙද කීර්තිනාම..? එහෙම තමයි ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ආමි කාරයින්ට, එයාර් ෆේස් කාරයින්ට, නේවි කාරයින්ට සහ පොලිස් කාරයින්ට තියෙන්නේ අන්තිම "අපකිර්තිනාම". හමුදාවල කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඒ අයට " කිර්ති නාම" තියෙනවා කියලා... කරුණාකරලා ඉක්මනටම මානසික රෝග පිළිබඳ විශේෂඥයෙක් හමුවෙන්න. හැබැයි රෝගය ඔඩුදුවලා නම් බෙහෙත් නැහැ. කාට හරි බොරු චණ්ඩිකම් පෙන්වන්න ගිහින් ගුටිකාලා වලකජ්ජ ගහන එක තමයි වෙන්නේ...

:       51       306

Shan Friday, 09 July 2021 10:20 PM

රංජන් රාමනායක විතරයි හරි තීන්දුව දුන්නේ අධිකරණයෙන්... මෙහෙමත් රටක්...!!! 

:       38       14

සමිත සේනක අලුත්ගමගේ. Friday, 09 July 2021 10:27 PM

මේ වෛද්‍යවරයා රණ විරුවෙක්... රණවිරුවා නිසා පොලිසිය ඇප දෙනවාට විරුද්ධ නොවන්න ඇතැයි සිතෙනවා. මේ වරද කළේ විරුද්ධ පාක්ෂිකයෙක් නම්, අද ඇපදීමට මේ පොලීසියේ පරීක්ෂණ ඉවරවෙන එකක් නැතිවේවි. තමන්ගේ වාහනය පිටුපසින් පැමිණි යතුරුපැදි කරුවෙකු වාහනයේ හැපී අනතුරක් සිදුවීම නිසා, පාඨලී චම්පික රණවක පස්සේ පොලීසිය පැන්නූ හැටි අමතක නැත. අහෝ.. රටේ නීතිය වල්වැදී ඇති ආකාරය කණගාටුවට කරුණකි...

:       23       253

Prabha Saturday, 10 July 2021 01:35 AM

අවසානයේ හිරේ යන්නේ ළමයා... එහෙ මෙහෙ අරන් ගිය ත්‍රිරෝද රථ රියදුරු විතරයි.

:       0       19

සෙනෙවිරත්න Saturday, 10 July 2021 06:50 AM

වෙන කෙනෙකුට නම් දැරියට බලපෑම් කළ හැකි බැවින් ඇප දීමට විරුද්ධයි ස්වාමීනි...

:       0       68

Kuma Saturday, 10 July 2021 08:07 AM

රට යන්න ඇප දුන්නා වත්ද?

:       0       5

mohomed agarapatana Saturday, 10 July 2021 09:12 AM

එකම රටක්, එකම නීතියක්... ලංකාව ජාත්‍යන්තරයේ හොඳට කොන්වෙනවා...

:       0       38

ගගන Sunday, 11 July 2021 10:07 AM

මෙය සිංගප්පූරුවේ වුණා නම් ඔය කියන චීවරයයි, දොස්තරයි, තානපතියයි ප්‍රාදේශීය සභා මිනිහයි අනෙක් අයයි ඔක්කොගේම මුහුණු ලිපිනයත් එක්කම එහෙ තියෙන නිව් පේපර් කියලා දිනපතා පළවෙන ටැබ්ලොයිඩ් පත්තරයක්, එ්කේ මුල්පිටුවට දාලා.. චූදිතයින්ව දාන්නේ... නිවැරදි නම් පස්සේ දානවා තව ෆොටෝ එකක් නිවැරදියි කියලා. අපේ රටේ වැරදි කරුවෙක් වන්නට අවුරුදු 15ක් හෝ 20ක් වත් යයි නඩුවලට... අර සුමානයකට කලින් අහන්න ලැබුනේ අවුරුදු 12 සහ 15 දූවරුන් දෙදෙනා දූෂණය කළ අවුරුදු 39 වයසේ පියෙක් අවුරුදු 25 කට පස්සේ අවුරුදු 90ක දඬුවමක් හම්බ වුණේ කියලා. එතකොට පියාට අවුරු 64යි. නඩුවට අවුරුදු 25යි. රටේ අපරාද කරන අයට පුදුම ආදරයකින් ඔක්කොම සලකන්නේ... අවුරුදු ගණන් ගෙවල්වල සහ සමාජයේ ඉන්න දීලා, රෙදිවලින් වහගෙන.., ඔතාගෙන, ජීප් එකේ නග්ගනකොට ඔලුව වදියි කියලා ඔලුව අල්ලලා ඉන්දවලා, නිව්ස්වල පෙන්නනකොට මූණ බොඳ කරලා.. etc... පිලිපීනයේ නම් මෙලහකට මේ ඔක්කෝටම වෙඩි තියලා...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site