සරසවි භික්ෂූන් සහරාන් වගේ අද සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හරියට සහරාන්ලා වගේ කොන්ඩෙ රැවුල වවාගෙන ඒ අය පිළිපදින්නේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය තලේබාන්ලා කරන වැඩ තමයි කරන්නේ මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවුරුදු තුනෙන්, හතරෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවන විදියට නීති සම්පාදනය කළ යුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ. 19 December 2022
ජනපති ඩී.එස් ලඟ බිම වාඩි වී කැරොල් ගී අසයි ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. 19 December 2022
සහල් ආනයනය අත්හිටුවයි බාස්මති සහල් හැර සෙසු සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (14) පැවසීය. 14 December 2022
ජනවාරියේ සිට පාසල් සිසුන්ට අලුත් වැඩසටහනක් පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීමේ සහ ඔවුන් වැරදි චර්යාවලින් වළක්වාගැනීමේ අරමුණින් සෑම පාසලකම ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට ‘සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 13 December 2022
අම්පාර-මන්නාරම නගර සභා මහනගර සභා කරයි අම්පාර සහ මන්නාරම නගර සභා මහනගර සභා බවට උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 13 December 2022
නිහාල් නෙල්සන් ගීතයට සමුදෙයි ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. 13 December 2022
රට වෙනුවෙන් පොහොට්ටුව - එ.ජා.පය එකතු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන ආකාරයට රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (12) පැවසීය. 12 December 2022
සනත් නිශාන්තට චෝදනා ගොනු කරන්න කල් දෙයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය, නීතිපතිවරයාට ලබන ජනවාරි 17 වැනිදා දක්වා කල් ලබා දී තිබේ. 12 December 2022
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12) නියෝග කළාය. 12 December 2022
ප්‍රදේශ රැසකට අදත් වැසි ප්‍රදේශ රැසකට අද (12) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 December 2022
පාර්ලිමේන්තුවට සුපිරි ඇඳක් ගෙනාවේ කාට යහන්ගත වෙන්නද? පෞද්ගලික ආයතනයක් මුදල් වැයකර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කාර්යාලයට සුපිරි මෙට්ටයක් සහ ඇඳක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පසුගිය ජූලි මාසයේදී ගෙනැවිත් ඇති හෙයින් මේ සුපිරි ඇඳ සහ මෙට්ටය ගෙනාවේ කාට යහන්ගතවීමට දැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය. 09 December 2022
ආනයනික කිරිපිටි මිල ඉහළ යයි ආනයනික කිරිපිටි මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනික සමාගමක් පියවර ගෙන තිබේ. 09 December 2022
ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න ඩයනා ගමගේ රාජ්‍ය ඇමති තුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 09 December 2022
සිරිපා වන්දනා සමය ඇරැඹෙයි මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2022/2023) උඳුවප් පුන් පෝය (07) දින වූ අද දින විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්සවත්වශ්රීයෙන් ආරම්භ කෙරිණි. 07 December 2022
අමුතු විදිහේ පරීක්ෂාවක් කළැයි ප්‍රියමාලිගේ නීතීඥවරු මානව හිමිකම් යති බරපතළ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි බන්ධානාගාරය තුළ අසාමාන්‍ය පරීක්ෂා කිරීමකට ලක්කර ඇති බවට චෝදනා කරමින් ඇයගේ නීතිඥවරු අද (6) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 06 December 2022
ජාත්‍යන්තර මූල්‍ය ආයතන ජනපති සමඟ වට වටමේස සාකච්ඡාවක් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ. 06 December 2022
කොළඹ වරාය ජා ඇළ දක්වා දිගු කරයි කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ද දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවද ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය. 06 December 2022
භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත්තරමුල්ල සොබාදම් පියස ඉදිරිපිටදී අද (28) පිරිසක් විරෝධතාවයක නිරත විය. 28 November 2022
ඩයනා ගැන හොයන්නැයි චාල්ස් රජුගෙන් ඉල්ලයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මෙරට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු වෙත ලිපියක් යොමු කර ඇත. 28 November 2022
පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් කපා කොටා මරලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. 28 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026