
(ඩයනා උදයංගනී)
පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීමේ සහ ඔවුන් වැරදි චර්යාවලින් වළක්වාගැනීමේ අරමුණින් සෑම පාසලකම ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට ‘සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට මාර්තු මස 24 වැනිදා දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන්පසු සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පෙරවරු 7.30 සිට 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ඒ වෙනුවෙන් වෙන්කිරීමටත් නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය හා ‘සති පාසල’ නිර්මාතෘ උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ ‘සති පාසල පදනම’ හා ඒකාබද්ධව සෙසු ආගමික පූජකතුමන්ලාගේ ද සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දරුවන්ව මන්ද පෝෂණ තත්වයට පත් කරලා දැන්, පෞරුෂ වර්ධනය කරන්න දඟලනවා. මන්ද පෝෂණ කාරයින්ට කොහෙන්ද පෞරුෂයක්? හොඳට කාලා බීලා ආහාර අහේනියක් නැති විනෝදයෙන් සිටින දරුවන්ගේ පෞරුෂය ඉබේටම වර්ධනය වෙනවා. අනික මේ රටේ වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ළමුන්ගේ පෞරුෂය නැතිකර දමනවා. මුලින්ම කල යුත්තේ මේ ගෝත්‍රික ආකල්ප වල එල්ලී සිටින වැඩිහිටියන්ගේ හා ගුරුවරුන්ගේ පෞරුෂය වර්ධනය කිරීමයි. ළමයින්ව නිවටයින් කිරීමනේ දැන් පාසල් තුලින් සිද්ධ වෙන්නේ...
ඒ අදහසට මමත් එකඟයි.