(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල වැන්ඩර්වට් පෙදෙසේ වෙරළ තීරයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 17දෙනෙකු ඇතුළු 104දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ කේරළ ගංජා ග්‍රෑම් 4ක්, මත් මුද්දර 1ක්, නීති විරෝධී දුම්වැටි 28ක් ද සොයාගත් බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 18-48ත් අතර වයස්වල පසුවන පිරිසක් වන අතර, කලුතර, අම්බලන්ගොඩ,කුරුණෑගල, පොළොන්නරුව පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
වැටලීම් හොඳයි. නමුත් මෙවැනි සාදයන් පැවැත්වීම සම්පූර්ණයෙන්ම නතර කරගන්න පුලුවන් නම් හොඳයි. භයානක ව්‍යසනයක ලකුණු පේනවා.
දවසේ පොලිස් විහිලුව.
පොලිසියේ තවත් එක ඔළමොට්ටල වැඩක් තමා මේක. (ගංජා අල්ලන එක නෙවෙයි). වහාම මේ ගැන පරීක්ෂණයක් තියන්න ඕන. ඒ වගේම පොලිසියේ මේ වැඩේ නතර කරන්න කව්රුන් හෝ ශ්‍රේෂ්ටාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ යුතුයි. දැන් මේක පුරුද්දකට අරන්. එතකොට පේස්බුක් එකේ යාලුවෝ එකතු උනොත් විතරද වැරදි? අනෙක් සංගීත සංදර්ශන, අනිකුත් ඕනෑම වර්ගයක පාටි හොදද? ඒවත් මේ වගේ වටලනවද? ඒවා වැටලුවනම් ගංජා කිලෝ ගණන් අහුවෙයි. කිහිප දෙනෙක් ලග මත්ද්‍රව්‍ය තිබුනා කියල සේරම අරන් යන්නේ කොහොමද? තාක්ෂණය, සමාජ සම්බන්ධතා, සේරම අපි කැමති උනත් නැතත් කාලයත් එක්ක වෙනස් වෙනවා. කරන්න ඕන සේරම පොලීසියට අරන් යන එක නෙවෙයි. මේ වගේ පාටි සංවිධානය කරද්දී නිවැරදිව කරන ක්‍රමයක් හදන්න ඕන. ඒවා අධීක්ෂණය කරන ක්‍රමයක් හදන්න ඕන. එහෙම නැතිනම් තමයි ඕවා ඇතුලේ සේරම දේවල් වෙන්නේ. ජීවිතේ විනාශ කරගන්නේ නැතිව සමාජය තුල සතුටු වෙන්නේ කොහොමද කියලා පොඩි අයට කියලා දෙන්න ඕන. සමාජෙට නිරාවරණය වෙන්නේ නැතිව හිරවෙලා ඉදල වයසට ගිහින් මැරිලා යන මිනිස්සුන්ට වඩා පාටි දාන එක හොදයි.
බෙදාහරින්නන් සොරුන් මිනීමැරුම් වැනි වැදගත් දේවල් පොලීසිය විසින් වැටලිය යුතු නොවේද? කඩවත පොලීසිය ලබාගෙන ඇත්තේ 5% ක ප්‍රගතියක් පමණි. කොල්ලකරුවන්ගෙන් 6% ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් 1% කට වඩා අඩු ප්‍රමාණයක් සොයා ගැනීමට මුළු පොලිසියම සමත් විය.
මේ වගේ හෝටලයක පවත්වන සාද වටලන එක බොරු වැඩක්. පොලිසියට මීට වඩා කරන්න මොන තරම් දේවල් තියෙනවද? මෙතන කුඩු විකුණලා නැහැ නේ. කුඩු ගෙන්වන කට්ටියට කරදර මොකුත් නැහැ.
වැඩිහිටියෝ විශේෂයෙන් පොලීසිය සහ රජය තමන්ගේ වගකීම ඉටුකළා නම් මේ රටේ මත් කුඩු පස්සේ දුවන තරුණ පරපුරක් හැදෙන්නේ නැහැ. මේ දරුවන් පුනරුත්ථාපනය කළයුතු අතරම වෙළෙන්දන් එල්ලා මැරීම කළ යුතුයි.
මාර ලොකු වැඩක් කරලානේ. හොරු අල්ලන්න බෑ හැබයි මේවා නම් පැනලා අල්ලනවා. බුකියට බැනලා වැඩක් නෑ. අනික මෙතන කුඩු වගේ ඒවා තිබිලාත් නෑ.
මෙවැනි සාදයකදී යහපතක් වීමට වඩා අයහපතක් වීමට ඇති ඉඩ වැඩි. මනුෂ්‍යයා ස්වාභාවයෙන්ම පිනට නොවේ පවටයි බර
මේ ළඟදී අනුමැතිය දුන්නා නේද මත්පැන් ලීටර 80ක් ලඟතබා ගත හැකිය කියලා? බියර් ලීටර ප්‍රමාණයකුත් තිබුණලු නේද? ඔය කියන පිටරට සිගරට්ටු මොන වර්ගයේද? ලංකාව තුළ නීත්‍යානුකූල ලෙස (ටුබැකෝ සමාගම) විදේශීය සිගරට් විකුණනු ලබයි. ගංජා නම් අපේ ගමේ ගෙවල්වල මස් උයන කොට මොලොක් වෙන්න කියලා ටිකක් දානවා. ලංකාව තුළ එක ස්ථානයක ගැවසිය හැකි පුද්ගලයින් ප්‍රමාණයේ සීමාවන් සඳහා නීතිරීති තියනවද? පිටරටවල නම් එසේ නීති ඇත. ඒවා වැඩිපුරම සෞඛ්‍ය හේතුන් මත... ඒත් මෙම ස්ථානය වෙරළ තීරයේ හෝටලයක්ලු නේද? හැබැයි ඉතින් මෙම සාදය තිබුණේ දේශපාලුවෙක්ගේ නිවසක නම් ඔයිට වඩා මත්ද්‍රව්‍ය හොයාගන්න තිබුණා.