(ඩී.කේ.රත්න)
බුත්තල, ගෝනගංආර ගලපිටගල ප‍්‍රදේශයේ හෝටලක ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණයින් 11දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව ඔක්කම්පිටිය පොලීසිය කියයි.
අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ගංජා සහ කේරළ ගංජා ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වයස අවුරුදු 28ත් - 33ත් අතර වයසේ පසුවන්නන් බවද පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් බුත්තල පොලීසියට බාරදී තිබේ.
බුත්තල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මෙතන ඉන්නේ ෆේස්බුක් වංචනිකයන්ට, හොරුන්ට රැවටිච්ච අය කියල හිතනවද? ඉස්කෝලේ යන ළමයි කියල හිතනවද? නෑ. මේ ඉන්නේ රට බාරගන්න දැනුම් තේරුම් ඇතැයි සැලකෙන ඉන්න පිරිස. අනේ අපේ රට.
මේක පුදුම රටක් නේ......මීට වඩා දහස් ගුණයක් වැරදි වෙද්දී නිහඬව ඉන්න පොලිසිය මොනවද මේ කරන්නේ?
දැන් ලංකාවේ සාද තහනම්ද ?
රට බාරගන්න ඉන්න තරුණ පරපුරෙන් කොටසක් මේ පිරිහීමට ලක්වී තියෙන මොහොතක වැටලීම් කර, තම ජීවිත වනසා ගැනීම සඳහා නිදහස භුක්ති විඳීමට යෑම වළක්වාලන එක හොඳයි. නැත්නම් මේ විකාර බෝවෙලා මහා විනාශකාරී තත්වයකට යනවා.