IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෙළිකොප්ටරයත් සමග මුහුදට වැටුණු ඇමැති පැය 12 ක් පීනලා

මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය මුහුදට කඩා වැටී ඇති බවත්, අනතුරින් දිවි ගලවා ගත් අමාත්‍යවරයා පැය 12 ක් තිස්සේ පිහිනමින් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගැනීමට සමත් වූ බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.

අනතුර සිදුවෙද්දී 57 හැවිරිදි අමාත්‍ය සර්ජ් ජෙල් සමඟ තවත් 64 දෙනකු හෙලිකොප්ටරයේ සිට ඇත.

හෙලිකොප්ටරය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී ගිය අවස්ථාවේදී එය මුහුදට ඉහළින් පියාසර කරමින් තිබුණු අතර, ඇමැතිවරයා ඇතුළු කිහිප දෙනකු මුහුදට පැන ඇතැයි වාර්තා වේ.

හෙලිකොප්ටර් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස්පති ස්‍ෆිසම්බ්‍රාටා මාධ්‍ය හමුවේ කියා සිටියේ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා නාවික හමුදාව මෛහයුම් ආරම්භ කර ඇති බවය.

පැය 12 ක් තිස්සේ නොකඩවා පිහිනමින්, ගොඩබිමට ළං වූ අමාත්‍යවරයා කඩිනමින් රෝහල් ගත කෙරුණු බවත්, ඔහු දැඩි ලෙස විඩාවට පත් වී සිටි බවත් පොලිස්පතිවරයා පවසා තිබේ.

අනතුරින් මියගිය 22 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් සෙසු පිරිස තවමත් අතුරුදක් බවත් වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.

අමාත්‍ය සර්ජ් ජෙල් හිටපු පොලිස් නිලධාරියෙකි. ඔහු මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා බවට පත් වූයේ පසුගිය අගෝස්තුවේ සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයකදීය.

'ඔහු දක්ෂ පිහිනුම් ශූරයෙක්. හොඳ නිරෝගී තැනැත්තෙක්. අවුරුදු 30 ක තරුණයෙක් වගේ මුහුදේ පිහිනලා පණ බේරා ගත්තා. ඒක සැබැවින්ම විස්මිතයි' යැයි පොලිස්පති ස්‍ෆිසම්බ්‍රාටා පවසා තිබේ.

ඇන්ටනානාරිවෝ (බීබීසී)



අදහස් (15)

හෙළිකොප්ටරයත් සමග මුහුදට වැටුණු ඇමැති පැය 12 ක් පීනලා

akalanka Wednesday, 22 December 2021 04:41 PM

අපේ එක්කෙනාට මෙහෙම දෙයක් වුණා නම් මුහුදට වැටෙන්න කළින්ම අබ සරණයි.

:       0       0

ruwan Wednesday, 22 December 2021 04:42 PM

අපේ ඇමැතියාත් මුහුදට තල්ලු කරමු බලන්න... එයා නාවික හමුදාවේලු පීනලා එයිලු...

:       0       0

ravin Wednesday, 22 December 2021 04:58 PM

අන්න ඒකට අපේ කට්ටිය.. මුහුදට වැටුණා නම් මුහුද ගොඩගලයි දූෂිත වෙලා.. බැරිද ඔය වර්ගයේ හෙළිකොප්ටර් 225ක් ගෙන්නලා දෙන්න...? කීයක් ණය වුණත් රටේ ඉන්න සියලු දෙනාම තම දහඩිය මහන්සියෙන් උපයාගත්දේ සන්තෝසෙ වැඩිකමට සතයක් ඉතුරු නොකර පරිත්‍යාගය කරයි.

:       0       0

Chandim Wednesday, 22 December 2021 05:03 PM

අපේ ඇමතියෙක් එහෙම වැටුනා නම් ගෙම්බා පොලවේ ගැහුවා වගේ තමයි

:       0       0

Karunajeewa Wednesday, 22 December 2021 05:08 PM

අපෙත් ඉන්නවා පැය ගණන් නොව අවුරුදු ගණන් පිහිනන ඇමතිලා.. හැබැයි වතුරේ නොව සල්ලි වල..

:       0       0

ජයරත්න Wednesday, 22 December 2021 05:20 PM

ඇත්තටම ඔහු වීරයෙක්...

:       0       0

siri Wednesday, 22 December 2021 05:33 PM

ඒකට අපේ අය. සමහරු පීනනවා තියා පයින් යන්නෙත් හරිම අමාරුවෙන්.

:       0       1

fairoos Wednesday, 22 December 2021 06:42 PM

ලංකාවේ ඔහොම අනතුරු වෙන්නැද්ද?

:       6       1

Demuni Uduwara Wednesday, 22 December 2021 06:58 PM

අපේ ඇමැතිවරු පිහිනන්න දන්නේ වතුරේ විතරක් නෙවෙයි. මුදල් වලත් පීනන්න දන්නවා..!

:       1       2

ROSHAN Wednesday, 22 December 2021 07:53 PM

අපේ කාලකණ්නි යනකොට වැටෙන්නේ නැහැනේ...

:       4       5

Malika Wednesday, 22 December 2021 07:53 PM

අපේ එක්කෙනාට මෙහෙම දෙයක් වුණොත් මොකද වෙන්නේ...?

:       2       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 22 December 2021 09:17 PM

අපේ ඇමතිලා නම් මෙන්න කියා පීනාවි පැය 12 ක්... තඩි බඩගෙඩි නිසා හැබැයි යටයන්නේ නම් නැහැ...

:       0       2

Mama Wednesday, 22 December 2021 10:26 PM

සිරි ලංකාවේ මෙහෙම වුණා නම්, ප්‍රභූ සීයලා පවූ...

:       0       1

PRABODHA Thursday, 23 December 2021 08:13 PM

64? මේක ප්ලේන් එකක්ද? 4 දෙනයි නේද?

:       0       1

sampath Friday, 24 December 2021 10:38 PM

මේක කුමන්ත්‍රණයක් වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 688 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site